දීක්ෂා ගුරු මග

කර්මය විසින් උරුම කර දෙන රුකියාව මුලින්ම අරඹන්න

පසුගිය දිනක පරමාත්මිය දැණුම තුළින් අලූත් ඉමක් හදුන ගන්න අවස්ථාවක් උදාවුණා..

ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට ජිවිතයේ මැදි යුගය තුළදි ජිවිතය ස්ථාවර කර ගැනීම උදෙසා කර්මය විසින් හිමිකර දෙන රුකියාව අවබෝධ කරගැනීමේ ක‍්‍රමවේදයක්…

එය යම් ජන්මියෙකුගේ කර්මය අවබෝධ කරගැනීම තරම්ම ගැඹුරුයි. නමුත් මම දන්න බොහෝ චරිත වලට මෙය ආදේශ කර බැලූවා. එය නිවැරදියි.

බොහෝ විට අපි හැමෝම රුකියා කිහිපයක් කරලයි ජිවිතයේ ස්ථාවරත්වය ගෙනෙන රුකියාව හදුන ගන්නේ.. එත් තවත් අය මැරෙනකන්ම හරි රැුකියාව හෙයාගන්න බැරිව තැනින් තැනට දෝලනය වෙමින් ගත කරනවා…

ඒ කියන්නේ දැනට වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන්නෙක්ට කර්මය විසින් එය උරුම කර දී තියෙනවා.

ජ්‍යෙතිෂවේදියෙක්ට කර්මය විසින් විශ්ව ගුරු තත්වය ලබා දෙනවා. හරි දේශපාලකයෙක්ට නායකත්වය ලබාදෙනවා.

ජනමාධ්‍යවේදියෙක්ට සමාජ ශෝදක තත්වයක් වගේම සමාජ ගවේෂක ස්වාළාවයක් ලබා දෙනවා. ව්‍යාපාරිකයක්ට වුණත් එහෙමයි. ව්‍යාපාරිකයන්ගෙත් ශූක්ෂම බෙදීම් හදුනාගන්න පුලූවන් … මහපරිමාණ සුලූ පරිමාණ එදිනෙදා ජිවිකාවට කරන ව්‍යාපාර ලෙසින්…

මෙය හදුනාගැනීම වැදගත් වෙන්නේ කොහොමද ?

අපි රුකියා ගොඩක් කරලා අවසානයේ යම් තැනක ස්ථාවර වෙනවට වැඩිය තමන්ට උරුම මාර්ගය හදුනගෙන ඒ තුළ ගමන් කරන්න පුලූවන් උනොත් එය ඉක්මනින්ම ස්ථාවර වීමක් වේවි.

මා මෙය දන්න චරිත වලට ආදෙශ කරද්දි මෙය තරමක් සංකීරණ වු අවස්ථාත් හමුවුණා.

එකක් කර්මය විසින් ප‍්‍රබල ව්‍යාපාරිකයෙක් වෙන්න තියෙනවා කියලා පෙන්වන පුද්ගලයෙක් අද හමුදාවේ ඉහල නිලදාරියෙක්.. හැබැයි ඔහු ආශ‍්‍රමයට එන්නේ මහපරිමාණ හෝටලයක් හැදීම සම්භන්ධව නිමිත්තක් බලන්න…

දෙවැන්න මම කලින් ලිව්වා තෙවරක් අවසන් විභාගය අසමත්ව මනස බිදවැටී ආශ‍්‍රමයට ආපු වෛද්‍ය ශිෂ්‍යයෙක් ගැන.. ආශ‍්‍රමයේ අම්මා ඔහුව වෛද්‍යවරයෙක් ලෙස ඔසවා තබනවා. හැබැයි පරමාත්මිය දැණුම මට දුන් දැණුමට අනුව බැලූවම ඔහුට උරුම ලිපිකාර තනතුරක්….

මේ අවස්ථා දෙක තුළින්ම තේරුම් ගන්න දේකුත් තියෙනවා. ඔහු හමුදා නිලධාරියෙක් වෙන්නේ පලමු රුකියාව විදියට හැබැයි ඔහුගේ ආත්මිය හුරුව විසින් මනස ව්‍යාපාරික තත්වයට පොලබවනු ලබනවා. එවිට ඔහු ඒ තුළින් රාජකාරිය තුළ ඉන්න ගමන්ම වෙනත් මාර්ගයකත් ගමන් කරනවා.

දෙවන අවස්ථාව මෙයට වෙනස් … ලිපිකරුවෙන් වෙන්න ඉන්න කෙනා කොහොමද අද දොස්තර කෙනෙක් වෙන්නේ එය බොහොම සරල දෙයක්… ඔහු තෙවරක්ම අවසන් විභාගය අසමත් වෙන්නෙත් ඉන් පසු මනස බිද වැටෙන්නෙත් කර්මය ඔහුට වෛද්‍යවරයෙක් වීමට ඉඩ නොදෙන නිසයි.. හැබැයි දීක්ෂා ගුරුවරයෙක් හමුවට යමෙක්ට එන්න ලැබෙන්නේ විශ්වයේ මග පෙන්වීමටමයි .. පෙර කර්මය යමෙක් අවබෝධ කර ගන්නවනම් පරමාත්මිය ශක්තින් පාලනය කලහැකි මගපෙන්වීමක් යටතේ සමස්ථය වෙනස් කල හැකියි. ඒ නිසයි අද ඔහු වෛද්‍යවරයෙක් වෙන්නේ …

අපේ කැමැත්තම නොවෙන්න පුලූවන් අපිට උරුම වුණු රුකියාව. රුකියාව කැමැත්ත බවට පත්වෙන්නේ මේ කර්මය විසින් උරුමකරවන රුකියාවම අපි ඇල්ලූවොත් පමණයි. ඒ වගේම එම රුකියාව තුළින්ම ජිවිතය ස්ථාවර කර ගන්න පුලූවන් වෙන්නෙත් ඒ නිසාමයි.

උදාහරණයකට මෙහෙම හිතන්න.

මාධ්‍යවේදින් ලංකාවේ දහස් ගාණක් ඉන්නවා. හැබැයි සමාජය දන්න තැනට වැලදගන්න තැනට මතුවෙන්නේ කියෙන් කී දෙනාද ?

දෙස්තරලත් එහෙමයි. හමුදා පොලීසිත් එහෙමයි. ව්‍යාපාරිකයෝ වුණත් එහෙම්මමයි. දේශපාලකයෝ වුණත් එහෙමයි. මෙය මොන රුකියා ඛාණ්ඩය යටතේ බෙදුවත් මතුවෙන්නේ උරුම මාර්ගයේම යන කෙනා විතරයි. අනික් අය රුකියාව කරාවි නොකර බැරි කමට. . . . .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close