තරු වළල්ල

කර්මයට පිලියම් යෙදීමෙන් සියලු කර්මයන් ක්ෂය වෙනවාද ?

මේක දරුවෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරක්….

කර්මයට පිළියම් යෙදීමේ සැබෑ අරමුණ කුමක්ද ?

දීක්ෂා ගුරුවරයා කර්මයට පිළියම් යෙදීම තුල මූලිකත්වය දෙනු ලබන්නේ භෞතික සංවර්ධනය උදෙසා ය. එහිදී උත්පත්ති කර්මය විසින් අපගේ භෞතික සංවර්ධනය උදෙසා ඇතිකර ඇති බාධාවන් හඳුනාගනිමින් ඒවාට විසඳුම් යෙදීම මූලික වශයෙන් සිදුකරනු ලබයි.

මෙම උත්පත්ති කර්මය විසින් අපගේ භෞතික සංවර්ධන ඉලක්කයන් වළකාලමින් ක්‍රියාත්මක කරනු ලබන බාධාවන් ඉවත් කිරීම හරහා අප වටා ඇති භෞතික ඉලක්කයන් ජයගත හැකිවේ.

කර්මයට පිළියම් යෙදීමත් සමග අපේ නිවීම සාක්ෂාත් විය යුතුයි නේද ?

එක එල්ල හිම මා ලබාදෙන පිලිතුර වනුයේ නැත යන්නයි. භෞතික සංවර්ධනය වූ කලී රූප ධ්‍යාන මට්ටම් සපුරා ගැනීමකි. රූප ධ්‍යාන යනු අප වටා ඇති භෞතික වූ සියල්ල ම ය.

නිවීම වූ කලී අරූප ධ්‍යාන මාර්ගයන්හි අවසානයයි.

භෞතික සංවර්ධන ඉලක්කයන් ජය ගැනීමෙන් පසු ගුරුවරයාගේ අවසන් උපදේශය වන්නේ

” ඔබට‍ ආධ්යාත්මික අවසානයක් කරා ගමන් කළ යුතු නම් අරූප ධ්‍යාන ජයගත යුතු මාර්ගයේ ගමන් කළ යුතු බවය. “

ගුරුවරයා විසින් ඒ උදෙසා වූ මාර්ගය ද ඒ උදෙසා සුදුසු කාලය ද පැහැදිලි කරදෙනු ලබයි.

යමෙක් කර්මයට පිළියම් යෙදූ සැනින් ඔහුගේ සමස්ත ආත්මයන් තුළදීම රැස් කරනු ලැබූ කර්මයන් අහෝසි වනවා ද ?

භෞතික සංවර්ධනය ඉලක්ක වූ මුල් පිළියම් තුළදී එසේ සිදුවන්නේ නැත. මක්නිසාද යත් එහි දී ඉලක්ක කරනු ලබන්නේ මෙම භවයේ උත්පත්ති කර්මය විසින් භෞතික සංවර්ධනය උදෙසා බාධා ඇති කරනු ලබන කර්මයන් ඉවත් කිරීම යි.

එහෙත් එහි දෙවන අදියර තුළදී අප අනන්ත වූ භවයන් අතර ගමන් කිරීමේදී තු කර ගන්නා වූ කර්මයන් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය කර දැමීම උදෙසා මාර්ගය ගුරුවරයා විසින් අවබෝධ කර දෙනු ලබයි. එය තරමක් දීර්ඝ කාලීන වූ ක්‍රියාවලියකි. එහෙත් එය සරල වූ මාර්ගයකි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x