දීක්ෂා ගුරු මග

මායා මිත්‍යා සහ නිත්‍යා

ජීව ආත්ම සංක්‍රමණය පිළිබඳව මා පෙර යම් සටහනක් තැබූ බව ඔබට මතක ඇති ….

පරමාත්මය නැතහොත් විශ්වයේ ඇති මහා පදාර්ථය තුල මූල පදාර්ථ වූ ජිව ආත්මය පවතී. චෛතසිකය යනුවෙන් අප අදහස් කරන්නේද එයයි.

එය හුදෙක්ම ඥාන සංකල්පයක් පමණි. ඒ තුල පදාර්ථයක් නැත.

විශ්ව ජීවීහු විසින් බ්‍රහ්මන් නැතහොත් ආත්මය වටා මායාව ආවරණයක් ලෙස දවටමින් මායා ශක්ති බිහි කරන ලදී.

විශ්වයේ මූලාරම්භ ඥාන තුන වූ රජස් තමස් සහ සාත්වික් යන පහළ වන්නේ ඒ තුළිනි.

එම ඥාන තුන මුල් වීමෙන් පංච මහා භූතයන් වූ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන තත්ත්වයන් බිහි වුණි.

ආත්මය වසා ඇති මායාව පදාර්ථයක් බවට පත් වීම උදෙසා අවශ්‍ය වන ඉන්ද්‍රියන් බිහිවීම සිදු වන්නේ මෙම පංච භූත තත්වය හේතු කොට ගනිමිනි.

මා ඉහතින් දැක්වූයේ ජීව ආත්ම සංක්‍රමණය සිදු වන ආකාරයයි. මෙම පැහැදිලි කිරීම ඉතා ගැඹුරු බව මා දනිමි. හැකි ලෙසින් එය සරල කර ගැනීමට උත්සහ දරමු.

මායාව යනු කිසිසේත් නොපෙනෙන යන අර්ථය දරන්නක් යැයි මා පැවසුවා . නොපෙනෙන දේ තුල බලයක් නැතැයි අප සිතන බවද සත්‍යයක්.. එහෙත් එය එසේ නොවන බවට සරල උදාහරණයක් තියෙනවා …

සුලග ඇසට නොපෙනේ නමුත් ඉන් ජනිත වන ශක්තිය අති විශාලය..

මායාව කියන්නේ නොවැදගත් නොවටින දෙයක් කියලා අපි හිතනවා. නමුත් එහෙම නොවෙයි එය ඉතා ප්‍රබල බලවත් දෙයක්…

මායාව කියන්නේ මුලාව කියලයි අපට හුරැ කරලා තියෙන්නේ.. නමුත් මුලාවට එහා ගිය අර්ථයක් මෙහි තියෙනවා.

” අදෘශ්‍යමාන නැතහොත් කිසිසේත්ම නොපෙනෙන ” කියන අර්ථයයි මෙහි තියෙන්නේ…

උඩු සිත හැමවිටම ග්‍රහනය කරගන්නේ මේ මායාවයි.

ආත්මය වටා ගොඩ නගන්නේ ඉන්ද්‍රිය පද්ධතියක් කියා අප සිතනවා. ඔව් එය ඇත්ත… එසේ වුවත් එම ඉන්ද්‍රිය පද්ධතිය මගින් සිදු කරනු ලබන්නේ ආත්මය වසා දැමීමයි.

කිසිසේත් ම හොයා ගත නොහැකි ලෙස ආත්මය වසා දැමීමක් මෙහිදී සිදුකරනු ලබනවා.

” මිත්‍යා “යනු තාවකාලික වෙනස්වන සුලු අස්ථිර ස්වාභාව⁣යයි. සියලු විශ්ව නිර්මානයන් මිත්‍යා ගණයට වැටෙනු ලබයි. මක්නිසාද යත් එ සෑම දෙයක්ම අස්ථිර එනම් කාලයත් සමග වෙනස්වන නිසාය.

ස්ථිරසාර වූ කිසිවක් මේ විශ්වය තුල නොමැති බැවින් සමස්ත විශ්වයම මිත්‍යා ගණයට වැටෙයි.

මායා සහ මිථ්යා තේරුම් ගැනීමට මා සරල උදාහරණයක් යොදාගන්නම්.

ඔබේ නිවස ඉදිරිපිට ඇති අඹ ගස දෙස ඔබ බලන්න. එය හොඳින් හැදී වැඩී ගෙඩි හට ගනිමින් අවසානයේ දිරාපත්ව මියදෙයි. එය ස්ථිර නොවන නිසා එය මිථ්‍යාවකි. එසේ වුවත් එම ගස හටගැනීමට හේතු වූ ශක්තිය මායා ලෙස හඳුන්වනු ලබයි . එය සදාකාලික වූ ශක්තියකි.

ලොවේ පැවැත්මට හේතුවන ජීව ශක්තිය මායා ලෙස හැඳින් වේ යැයි සරලව පැවසිය හැකිය. අන් සෑම දෙයක්ම මිත්‍යාවකි.

ලෝකයේ පැවැත්මට මායා සහ මිත්‍යා අතර දැඩි සබදතාවයක් පවතී.

නිත්‍යා යනු සදාකාලිකව ස්ථිර තත්වයකි. පරමාත්මය නැතහොත් හිරන්‍ය ගර්භ යනුවෙන් හඳුන්වන ශක්තිය සදාකාලික සත්‍ය වේ. එය කිසි විටෙකත් වෙනස් නොවේ.

අවිද්‍යාව දුරු වීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ එක් ව පවතින මෙම තත්ත්වයන් තුන වෙන්කට හඳුනා ගැනීමයි.

මෙම තත්වය අවබෝධ කොට ගැනීම උදෙසා ආත්මය වසනු ලබන මායාව තුලින් නිර්මාණය කරනු ලබන පංච කෝෂයන් අත්හළ යුතු වෙයි.

පංච කෝෂයක් පිළිබඳ ඉදිරි ලිපියේදී විස්තර කරනු ලබයි

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x