තරු වළල්ල

ඔබ ඔබේ මනසින් කොපමණ ප‍්‍රමාණයක් භාවිතා කරනවද ?


මා කියන බොහෝ කරුණු පොත් පත් වල නෑ ….

ඒ නිසාම සරහර අය මගෙන් එවා පිලිගන්නනම් එවා සදහන් මුලාශ‍්‍ර ඉල්ලා සිටිනවා….

මා මේ කිසිවක් ලියන්නේ සමස්ථයටම එවා පිලිගැනීම වෙනුවෙන් නොවෙයි… මා දන්නවා එවා ග‍්‍රහණය කර ගන්න සීමිත පිරිසක් ඉන්න බව……

බුදුහිමියන් තමන් ලබපු අද්විතිය දැණුම මුලින්ම දුන්නේ පස් දෙනාටයි…. ඒ බුදු වරයෙක් වෙලත්…..

මට කියන්න අවශ්‍ය ප‍්‍රධාන කරුණක් තියෙනවා… ඇ

යි මම පොත් වල ඇති කරුණු ප‍්‍රථික්ෂේප කරන්නේ කියන එක….

අප දන්නවා සාමාන්‍ය මිනිස් මනසක් භාවිතයට ගැනෙන්නේ සියයට දෙකක් බව…

එතකොට සෘෂි වරයෙක් මනසින් සියයට හැටක් පමණ භාවිතයට ගන්නවා… බුදුවරයෙක් අනුවත් සියයත් අතර භාවිතා කරනවා…..

එතකොට තියෙන ගැටලුව අද පොත් සියල්ල ලියවෙන්නේ සියයට දෙකේ භාවිතය තුළමයි…. එ විට විශ්විය සත්‍යය සියයට අනු අටක් ඔහුගේ මනසට අසු වන්නේ නෑ….

යමෙක් තම මනස දියුණු කරන්න උත්සහ ගත්තොත් මම මේ කියන කරුණ තේරෙන්න පටන් ගන්නවා… ගුරුවරු තමන්ට කියලා දෙන්නේ මොනවද කියලා වැටහෙන්නට පටන් ගන්නවා….

හරසුන් ආධ්‍යාත්මික මාර්ගයන් දකින්න පටන් ගන්නවා….

ජිවිතය මහා පටලැවිල්ලක් නොවෙයි සරල ගමනක් කියන එක තේරෙන්න පටන් ගන්නවා….

මෙය ටිකක් හිතන්න….

ගුරු කියන්නේ ආලෝකය දෙන්නා…

අද වෙලා තියෙන්නේ ගුරු කියන්නේ පොතේ තියෙන දෙය බලා කියවීම…

මෙතනයි වැරදුනේ ආලෝකමත් වු ප‍්‍රබවකින් පමණයි වෙනත් දෙයක් ආලෝකමත් කරන්න නැත්තම් බබලවන්න පුලුවන් වෙන්නේ…

ඉරේ ආලෝකයෙන් හද බබලනවා… හැබැයි ටික කලකින් හදට හිතුනොත් මට මොකටද ඉර කියලා……

අද තියෙන ගැටලුව අන්න එකයි….. වසර 30-40 ඈතට හිතන්න …

එදා හිටපු ගුරුවරයා … කියලා දුන්නේ ජිවිතය… අපි එවා අත් විදිනවා…

අද ගුරු හතරේ පන්තියේ දරුවට ෆේස් බුක් ලිපිනය දෙනවා චැට් කරන්න කියලා ( මෙය මගේ අත්දැකීමක්… * තේරුම් ගන්න එදා හා අද අත්ර ගුරු ඉන්නේ කොතනද කියන එක…. කේනෙක් දකිවි මේ තාක්ෂණික වෙනස කියලා .. නෑ… ඒ ආලෝකය පිලිබද ගැටලුවක්…

මෙතනයි අපට වැරදුනේ…….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර

5 4 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x