තරු වළල්ල

සාර්ථකත්වය යනු පරිපුර්ණත්වයට පත්වීමය ...


නිමිත්ත මාත‍්‍රම් එවාසෞ
සෘජ්‍යානාං සර්ග කර්මණි
ප‍්‍රධාන කාරණි භූතා
යතො වෛ සෘජ්‍ය ශක්තයඃ

සෑම සත්වයෙක්ම ලොව උපදින්නේ කර්මාණුරූපිව බව වෛදිකයෝ පෙන්වා දුන්හ.

ඒ තුළ ජීවිහු දෙවිවරු උපදෙවිවරු මනුෂ්‍යයෝ හා පහත් ජිවින් යන සෑම කොඨ්ධාශයක්ම තම අතීත කර්මයන් හා බැදී සිටිති. යමෙක්ගේ සාර්ථකත්වය හෝ පුර්ණත්වය නිර්මාණය වන්නේද මේ කර්මාණු රූපි බව මතයැයි මා පෙර ලිපියෙන් පෙන්වා දුන්නෙමි.

වර්ථමානයේදි යමෙක්ගෙන් තමන් සාර්ථකද කියලා ඇහුවෙතේ දෙන උත්තර කිහිපයක් තියෙනවා. ඒ උත්තර ටික කලින් මම අහපු ප‍්‍රශ්ණයට දිලා තියෙන උත්තර ටික කියෙව්වම තේරුම් ගන්න පුල්වන්.

ඒ හැම උත්තරයක් තුළම තියෙන්නේ ජිවිතයේ පැතිකඩයන් කිහිපයක් පමණයි.

ධනය හොදින් තියෙන නිසා මම සාර්ථකයි කියලා යම් පිරිසක් හිතනවා. රුකියාවේ ඉහලටම ගිය නිසා නැත්තම් තමන්ගෙම ආයතනයක් තියෙන නිසා තමන් සාර්ථකයි කියලා හිතනවා. සිතේ සතුට නිදහස තියෙන් නිසා තමන් සාර්ථකයි කියලා හිතනවා. මේ ආදි ලෙසින් විවිධ කරුණු තුළින් තමන් සාර්ථකයි කියලා හිතනවා……

එත් වෛදිකයා යමෙක් සාර්ථකද කියලා හදුනා ගන්න විදිය සෘග් වේදය තුළ ලියා තැබුවා. එහි පලමු වැනිම නියමය වුයේ යමෙක් සාර්ථකනම් නැතහොත් සුන්දර ජිවිතයක් ඔහු ගත කලානම් ඔහු පුර්ණ ආයුෂ වැලදිය යුතුයි. අද පුර්ණ ආයුෂ කියන්නේ අවුරුදු 72 ට එතනින් එහා ජිවත් වන කෙනෙක් නම් පුර්ණ ආයුෂ අත්විදපු කෙනෙක් වේවි.

ඉන්පසුව සාර්ථක ජිවිතයක් ගතකරන්නා වෛදිකයාට අනුව ජිවිතයේ පැතිකඩයන් තුණකින් පුරිපුර්ණ විය යුතුය.

1. මම මා සදහා ගත කරනු ලබන ජිවිතය.
2. මම අන්‍යයන් වෙනුවෙන් ගත කරනු ලබන සමාජ ජිවිතය.
3. මම විශ්ව ධර්මයන් වෙනුවෙන් ගත කරනු ලබන විශ්විය ජිවිතය.

මේ පැතිකඩයන් තුනම යමෙක් පරිපුර්ණයි කියා දකිද ඔහු සාර්ථකත්වයට පත් වුවෙකි.

මෙය ටිකක් ගැඹුරු බෙදීමක් ලෙසින් ඔබ දකිණු ඇත . මෙය තවත් සරලව තේරුම් ගැනීම උදෙසා වෛදිකයා කර්මාණු රූපිව ගොතා නිර්මාණය කරනු ලැබු මිනිසා ලිහා බැලිය හැකි ක‍්‍රමවේදයක් සැකසුහ. එය ලිහා දිය හැක්කේ විශ්ව දහම තේරුම් ගත හැකි වනුයේ ගුරු ඇසුර තුළින් ලබන ඥාණයෙන් බව වෛදිකයෝ පෙන්වා දුන්නේ මෙසේය.

මයි වානන්‍ය යෝගේන භක්තිරව්‍යභචාරිණි

ගුරුවරයා විසින් ජිවිතය පැතිකඩයන් දෙලසකට බෙදා වෙන් කරනු ලබයි. තමන් පවුල මුලපිරීම් නිවස ආදරය නෑදැයන් විවාහය පැසසුම් උරුමයන් රුකියාව ධනය හා ගිලිහීයෑම් යනු දොලොස් ආකාරයයි. සෑම පුද්ගලයෙක්ටම විශ්වය තමන් තොරාගනු ලබන කාර්යයන් දෙකක් තුළින් සාර්ථක වීම උදෙසා අවස්ථාව නිතැතින් ලබා දෙයි.

එය සරලව පැහැදිලි කලහොත් යමෙක්ට සාර්ථකව රුකියාව කරන්නට හා මුදල් උපයන්නට අවස්ථාව ලබාදෙනු ඇත . නැතහොත් ආදරය හා රුකියාව තුළ සාර්ථකත්වය දෙනු ඇත . එසේත් නැතිනම් විවාහය හා පවුල තුළ සාර්ථකත්වය ලබා දෙනු ඇත .

එහෙත් වෛදික නිර්වචනයට අනුව යමෙක් සාර්ථකයි හෝ පරිපුර්ණයි කියන්නට එය ප‍්‍රමාණවත් නොවේ. යම් පැතිකඩයන් දෙකකින් යමෙක් සාර්ථකනම් ඔහු සාර්ථකව ඇත්තේ ජිවිතයේ දොලහෙන් දෙකකි. එසේනම් යමෙක් සාර්ථකයැයි කියන්නට නම් ඉහත කරුණු දෙලහෙන්ම ඔහු පරිපුර්ණ විය යුතුය.

වෛදිකයා එයට කාලයක්ද ලබා දුන්නේය. පුර්ණ ආයු කාලයෙන් අඩක් තුළ එනම් අදට අනුව අවුරුදු තිස් හයක් තුළ මේ සියලූ පැතිකඩයන් තුළින් යමෙක් සාර්ථකනම් ඔහුගේ ජිවිතය සාර්ථකයැයි කීමට හැකිවේ. කර්මාණු රූපි විදවීම හා දෙවියන් ලෙසින් වරනැගු විශ්ව නියමයන් තම ජිවිතය හා බද්ධ වන්නේ මෙහිදීය. විශ්වය විසින් ජිවිතයේ පැතිකඩයන් දෙකක් ඉහලටම ඔසවා ගැනීමට අවස්ථාව ලබා දෙද්දී අනෙක් පැති දහය පහලට ගමන් කරණු ලබයි. යමෙක් ඒ දහය ඉහලට ගන්නටනම් මුල් පැති දෙක උදෙසා යෙදවු බර නැත්තම් අවධානය අඩුකර අවශ්‍ය කරුණ වෙත යොමුකල යුතු වෙයි. එහිදි සිදුවෙන්නේද පලමුව සාර්ථකව තිබ දෙය පහලට එද්දි වෙනත් පැතිකඩයන් දෙකක් ඉහලට ගමන් කිරීමය.

දීක්ෂා ගුරු වරයාට පැති දෙලෂ සමබර කර ගැනීමට පවත්නා කර්මයේ බාධා හදුනාගත හැකි වෙයි. ඒ හදුනා ගැනීම තුළින් සෑම කාර්යයක් තුළින්ම ශාන්තිය උපදවා ගැනීමට මග පෙන්වා දිය හැකි වෙයි.

ශාන්ති බ‍්‍රහ්ම ශාන්තිඃසර්ව
ශාන්තිඃශාන්තිරේව
ශාන්තිඃ සා මා ශාන්තිරේධ…..

යමෙක් සාර්ථකයැයි කියන්නට නම් ඔහු සිතන දෙය ඉටුකර ගැනීමේ සමතෙක් විය යුතුය. එිතන දෙය යනු පෙර දොලොස් ආකාරයෙන් බෙදන ලද ජිවිතයේ කුමන හෝ පැත්කඩයක් තමන්ට අවශ්‍ය ආකාරයෙන් පෙලගස්වා ගන්නට සමත් වීමයි.
මෙය උදාහරණයක් ලෙසින් සිතන්න… යමෙක් වයස අවුරුදු කිස් හය වන විට තමන් කරමති විවාහයක් සිදුකරගෙන කලත‍්‍රයාගේ සබදතාවය සහිතව සතුට පිරුණු පවුලක් ගොඩ නගාගෙන තමන්ගේම නිවසක ආදරය සෙනෙහස ලබමින් නෑපිරිවරේ උපකාර ලබමින් උරුමයන් ප‍්‍රයෝජනයට ගනිමින් හොද රුකියාවකින් ධනය ලබමින් උත්සහයන් හා බලාපොරොත්තු ගිලිහි යා නොදී ගරුත්වයෙන් ජිවත් වේනම් ඔහු සාර්ථකය.

එවන් වු පුද්ගලයා වෙන දෙයක් වෙන හැටියට වුනාවේ යනුවෙන් පවසන්නේ නැත . ඔහු ජිවිතය තීරණය කරනු ලබයි.
අථර්ව වේදයේ එවන් පුද්ගලයා හදුන්වනුයේ මෙලෙසය.

අහමසාමි සහමාන්
උත්තරෝ නාම භූම්‍යාම්
අභිෂාඉසම් විශ්වාෂා ශාමාශං විෂාසහිඃ

මම ජයග‍්‍රාහි වෙමි
මම පෘථිවිය මත වෙසෙන
උත්තරීතමයා වෙමි
හැම තැනම හැම දෙයම
හැම ආකාරයෙන්ම
ජයග‍්‍රහණය කරමි

වර්ථමානයේ ධණ චින්තනය යැයි ජිවිතය දිනන් මගක් කියාදෙන පිරිසක් වෙති. එහෙත් ඔහුන් කියා දෙන්නේද නිතැතින් දෙන ජිවිතයේ අංග දෙකක් පමණක් දිනනි විදිය පමණි. දීක්ෂා ගුරු වරයා මිස ධණ චින්තනය ගැන කියා දෙන කිසිවෙකුත් ජිවිතයේ දෙලොස් ආකාරය දිනන හැකි කියා දෙන්නේ නැත .

පුද්ගලයාගෙන් ඔබ්බෙහි වු පරමාත්මිය සාර්ථකත්වයකට පත්වන මගද වෛදිකයෝ පෙන්වා දුන්හ.

භූය ඒව මහාබාහෝ ශාණු මෙ පරමං වචඃ
යතෝ හං ප‍්‍රීයමාණාය වක්‍ෂ්‍යාමි හිතකාම්‍යයා

සියල්ලෙන් සාර්ථකත්වයට පත්වුවෝ පරිපුර්ණ වුවෝ යැයිද සියල්ලෙන් පරිපුර්ණවුවෝ භගවාන් යැයිද හදුන්වති. ආදි පුරුෂයෝ සියල්ලෙන් පරිපුර්ණ වුවෝ දෙවියන් ලෙසින් දුටුවහ. පරාශර මුනිවරයා මේ පරිපුර්ණ වීම යන්න සය ආකාරයකින් පෙන්වා දුන්හ.

1. බලයෙන් පුර්ණ වීම
2. යශසින් පුර්ණ වීම
3. ධනයෙන් පුර්ණ වීම
4. ඥාණයෙන් පුර්ණ වීම
5. රූපයෙන් පුර්ණ වීම
6. පරිත්‍යාගයෙන් පුර්ණ වීම

මේ භගවාන් නැතහොත් දේවත්වය උදෙසා වු සාර්ථකත්වයේ අවසන් පුර්ණත්වයයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Blog Comments

වැදගත් ලිපියක් ගුරුතුමණි

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close