තරු වළල්ල

කර්මයෙන් නොගිලිහුණු වෛදිකය ...


කර්මය ගොනෙකුගේ කරේහි බදින ලද ගැලක් මෙන් සසරපුරාම අප පසුපසින් පැමිණෙන බව අප අසා ඇත.

එසේ රුගෙන එන කර්මය තුළින් සමස්ත ජිවිතයේම දිශානතිය තිරණය වෙයි. යමෙක් උපදින මොහොත තුළදීම කර්මාණුරූපීම සමස්ථ ජිවිතයම තිර පිටපතක් සේ සකස්ව ඇති බව කිසිවෙක් නොසිතනු ඇත .

එසේ සැකසෙන කර්ම පිටපතට අනුව අපේ සැප දුක නිර්මාණය වෙයි. යම් පුද්ගලයෙකු කේන්දරය කර්මය විශ්වාස කරත් නොකරත් ඔහුගේ ජිවිතය තීරණය වන්නේ ඔහුගේ කර්මයේ සොබාවය මතය.

අප රුගෙන ආ කර්මයන් කුමැක්දැයි කියා සොයාගත හැකි නම්…..

වෛදිකයෝ අභියෝගය ජයගන්නා මගක් සොයාගත්තේය.

ඒ මග තුළින් පුද්ගල උත්පත්තියත් සමගම ජිවිත කාලයටම අදාලව ලියවෙන කර්ම පිටපත සියුම්ව ලිහා ගත හැකිවෙයි.

ඒ අනුව යම් පුද්ගලයෙක්ට පෙර කර්මය විසින් බලපෑම් නැතහොත් දඩුවම් දෙනු ලබන අකාර දෙකක් පවතී.

එවා වනුයේ නිජ කර්මයන් හා ආගන්තුක කර්මයන්ය.

නිජ කර්මයන් යනුවෙන් අදහස් වනුයේ පෙර භවයේ සිදුකරන අකුසලයන් මත මේ ආත්මයේදි ඇතිවන උත්පත්ති රෝගී ගති ශාරිරික පිඩාවන් මෙන්ම මනස මුල්කරගනිමින් ක‍්‍රීයාත්මක පිඩාවන් වැනි තත්වයන්ය.

ආගන්තුක කර්මයන් යනු තම ජිවිතය තුළ භෞතික තත්වයන් තුලින් මතු කරවනු ලබන පිඩාවන් අනතුරු නඩු හබ මෙන්ම හදිහුනියම් කොඩිවින වැනි තත්වයන්ය.

නිජ කර්මයන් මෙන්ම ආගන්තුක කර්මයන් ඉතා සියුම්ව බෙදීම තුළින් විදවීමේ ගැඹුරු තත්වයන් හදුනා ගත හැකි වෙයි. මෙම කර්ම ස්වාභාවයන් දෙක තුළදීම ජන්මියාට තම විදවීම නිර්මාණය වන හේතුව අවබෝධ කරගත හැකි අවස්ථාද අවබෝධ කරගත නොහැකි අවස්ථාද පවතී.

මෙය උදාහරණයක් තුළින් අවබෝධ කර ගතහොත් යමෙක්ට පපුවේ වේදනාවක් පවතින අතර එය ඇතිවන හේතුව වෛද්‍යවරයෙක්ට අවබෝධ කර ගතහැකිවේ. තවත් පුද්ගලයෙකුට ඒ වේදනාවම පැවතියත් එහි රෝග මුලය වෛද්‍ය වරයාට අවබෝධ කරගත නොහැකි වේ.

මේ ආකාරයෙන්ම කර්මය හරහාම ක‍්‍රීයාත්මක වන හදිහුනියම් තත්වයන්ද හදුනාගත හැකි හා හදුනාගත නොහැකි යනුවෙන් බෙදීම සිදුවෙයි.

මේ බෙදීම් කෙබදු වුවත් වෛදිකයා මේම අවස්ථා කිහිපයම හදුනාගතහැකි හා පාලනය කලහැකි ක‍්‍රමවේදයන් සකස් කලහ.
ආර්ය මාර්ගය තුළ පෙර අපර සංධිගැලපීම ලෙසින් පෙන්වා දුන් මෙම ක‍්‍රමවේදය එයට පෙර සිටි වෛදිකයා කර්මය හදුනාගැනීම එහි විදවීම අවබෝධ කර ගැනීම හා කර්මය පාලනය කීරිම ලෙසින් පෙලගස්වා තිබුණි.

ඇත්තෙන්ම මෙය කල හැක්කකි. ආශ‍්‍රමයට පැමිණි දහස් ගණනක් මෙය අත්විද ඇත. කර්මය අවබෝධ කරගනිමින් එය ක‍්‍රමාණුකුලව පාලනය කිරීමෙන් කර්ම පිටපත සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමේ අවස්ථාව ජන්මියාට උදාවෙයි. ඉන්පසු තම ජිවිතයේ සැලැස්ම ලියන ආකාරය තීරණය කිරිමේ හැකියාව ඔහුට උදාවෙයි.

කර්මය තුළින්ම නිර්මාණය වන තවත් එක් ගැඹුරු දෝස තත්වයක් වෛදිකයා පෙන්වා දුන්නේය. එය සෘණ දෝශ ලෙස හදුන්වනු ලබයි. මේ හරහා හදුණාගනුයේ පෙර භවයන් වලදී අප විසින් ලබාගෙන නොගවා අතහරින ලද ණයයි. මෙම දෝස ක‍්‍රීයාත්මක වීම තුළින් බලාපොරොත්තු නොවන ආකාරයේ විශාල ප‍්‍රමාණයේ ධන හානි ක‍්‍රීයාත්මක වීම සිදුවෙයි.

උදාහරණයක් ලෙස මෙය තේරුම් ගතහොත් විදෙස් ගතවීම උදෙසා ව්‍යාජ ඒජන්සි කරුවෙකුට ලක්ෂ ගණනක් ලබා දී එම මුදල් අහිමි කර ගැනීම.

පෙරකී මෙම කර්මයන්ට හේතුවු පෙර ආත්මයේ ක‍්‍රීයාව සිදුකීරීමේදි තම සිත පැවති ස්වාභාවය එනම් නොදැණුවත්ව කල වරදක්ද අවශ්‍යයෙන්ම කරන ලද වරදක්ද නැතහොත් වෛරය මුල්කරගනිමින් කරන ලද ක‍්‍රීයාවක්ද යන්න මත විදවීමේ ස්වාභාවය අඩු වැඩි වීම සිදුවෙයි.

වෛදික ක‍්‍රමවේදය තුළ මෙම කර්මයන් උදෙසා පිලියම් යෙදීමේදි මෙම සියලූ තත්වයන් ගැඹුරින් හදුනාගැනීම මෙන්ම එය අදාල ජන්මියා අවබෝධ කර ගැනීමද ඉන් මිදීම උදෙසා ඉතා වැදගත් වෙයි.

කෙසේ වෙතත් මෙය ඔබට නුහුරු හා අපට හුරුකරන ලද මතයන් හා ගැටෙන ඉගැන්වීමකි. නමුත් මෙහි යථාර්ථය තේරුම් ගත හැක්කේ ප‍්‍රායෝගිකත්වය අත්විදීමෙන් පමණි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close