භෞතිකත්වය සපුරා පරිපුර්ණත්වය දකින රහස් මග. . .
ලොව ඇති විවිධ දැණුම් ක්‍රමවේද අතුරින් පරිපුර්ණ වු ක්‍රමවේදය වනුවේ කුමක්දැයි යමෙක් ඇසුවහොත් මා නොපැකිලිව එය වුකලි වෛදිකයැයි පවසමි.
එය එතරම්ම මිනිසා පරිපුර්ණත්වය කරා රුගෙන යන මාර්ගයකි.
වෛදිකයේ බොහෝ මුලයන්හි පදනම ගෙඩනැගෙන්නේ තුන් වැදෑරුම් වු සංකල්පයන් මුල්කොට ගනිමිණි.
වෛදිකයා තමන් තුළින් පරිපුර්ණත්වය ගොඩ නගා ගැනීම වුදෙසා තම සිරුර තුළ සැගවුණු චක්‍ර තුනක බලය උපයෝගි කොට ගත්හ.
චක්‍ර ලෙස පැවසු සැණින් ඔබගේ මතකයට එන්නේ සිරුරේ සැගව ඇති කුණ්ඩලීණි චක්‍ර හතයි. එය එක් චක්‍රයක් පමණි. එසේනම් අනෙක් චක්‍ර දෙක කුමක් විය හැකිද ?
මිනිස් සිරුරේ ඇති මුලිකම චක්‍රය වන්නේ හදවත හා මොලය එකට බැද ඇති චක්රයයි. එය මැදි කොට අග්නිය විසින් පංච භූත චක්‍රය හා කුණ්ඩලීණි චක්‍රය එකට බැද තබනු ලබයි.
මෙම චක්‍ර දෙක ක්‍රියාත්මක වනුයේ මුලික චක්‍රයේ සුසර කිරීම් මතය.
රුද්‍රා නැතහොත් අග්නිය පාලනය කිරීම තුළින් නොමැරී සිටිම යනු මෙම චක්‍ර තුන එකිනෙකට ගිලිහි යා නොදී අල්ලාගෙන සීටීමය. මරණයට පත්වු විට ශරිරයේ රුද්‍රා නැතහොත් අග්නිය ඉවත් වීම හේතුවෙන් ශරිරය සීතල වීම සිදුවෙයි.
වෛදිකයා දෙවියන් දැකීම ලෙසින් අර්ථ ගැන්වුයේ මෙම බැදීම නිසි ලෙස සුසර කිරීමයි.
දීක්ෂා ගුරුවරයා විසින් සිදුකරනුයේ මෙම සුසර කිරීම උදෙසා අවශ්‍ය කේතය ලබාදීමයැයි කිවහොත් එහි වරදක් නැත .
අතීත විශ්ව ගුරුවරු සිදුකලේද මෙම කාර්යයමය.
මෙය ගැඹුරු පැහැදිලි කිරීමක් බව ඔබට සිතෙනු ඇත .
ඔව් එය එසේමය…
පරිපුර්ණත්වය ලැබීම උදෙසා විශ්වයෙන් මග පෙන්වනු ලබන්නේ ලක්ෂයකින් එක් අයෙකුට පමණි.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74