Dewayani

අගුටු මිට්ටාගේ කුමන්ත‍්‍රණයෙන් හෙළ රජ කිරුළ ගැලවෙයි `` දේවයාණි 2 ``

අනන්ත නම් නාග රාජයාගේ දරණය මත නිදා සිටින මහා විෂ්ණුගේ නාභියෙන් පැන නැගී නෙලුමක වැඩ සිටින මහා බ්‍රහ්මයා විසින් විශ්වය මවන ලද බව හින්දූන්ගේ පිළිගැනීමය. විශ්වය පවත්වාගෙන යෑමේ බලය ඔවුහු විෂ්ණු ශක්තිය තුළට ගොනු කරන්නට වූහ. විශ්වය බිහිවීමේ සිට අද දක්වාම සිදු වූ සෑම යුග පෙරළියක් ම තුළට විෂ්ණු ශක්තිය ආරෝපණය කරමින් විෂ්ණු යනු මහා දෙවියන් ලෙස පෙන්වා දෙන්නට හින්දුන් තම සාහිත්‍ය හරහා නොයෙක් කතන්දර ගොඩනැගුවේය.

මත්ස්‍ය අවතාරය කුරුම අවතාරය වරහා අවතාරය නරසිංහ අවතාරය වාමන අවතාරය පරශුරාම අවතාරය රාම අවතාරය ක්‍රිෂ්ණ අවතාරය කලි යුගය අවසානයේ එන කල්කි අවතාරය මෙන්ම බුද්ධ අවතාරය ලෙස අවතාර දහයක් හින්දු සාහිත්‍යයේ දැකගත හැකිවෙයි. මෙහිදී සමහර හින්දු ග්‍රන්ථ වල බුද්ධ අවතාරය වෙනුවට බාල රාම අවතාරය පිළිබඳ සඳහන් වූවත් බුදුරජාණන් ද විෂ්ණු අවතාරයක් යැයි පැවසීමට හින්දු භක්තිකයෝ උත්සාහ දරති.

නරසිංහ අවතාරයට පසු කරළියට පිවිසෙන්නේ වාමන අවතාරය යි. වාමන අවතාරය විසින් විනාශ කර දමනුයේ අප කතා කිරීමට උත්සහ දරණ වසර හත්දහස් පන්සියයකට ආසන්න යුගයේ රාජ්‍ය පාලකයා වූ බලි රජු යි.

එය වේද සාහිත්‍යයේ සඳහන් වන අන්දමට පෘථිවියේ තම බලය පැතිර වූ බලි රජු තුන් ලොව ම තම බලයට නතු කර ගැනීමට සිතුවේය. ඔහු තම පිරිවර සමඟ දෙව් ලොවට පිවිස ඉන්ද‍්‍ර දෙවියන් සමඟ සටන් කොට ඉන්ද්‍ර ගේ වාසභවන තමන් යටතට ගත්තේය. ඉන්ද්‍ර දෙවියන් කෙසේ හෝ ඔහුගෙන් බේරී පලා ගොස් විෂ්ණු දෙවියන්ගෙන් උදව් ඉල්ලා සිටියේය.

රාවණ රජුගේ පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් කුමරුද ඉන්ද්‍රයා සමග සටන් කොට ඉන්ද්‍ර දෙවියන් බැඳ දැමූ බව මා කලින් රාවණ ලිපි තුළ සඳහන් කළෙමි. මෙහිදී ඉන්ද්‍ර දෙවියන් නැතහොත් ඉන්ද්‍ර දේවයා ( හෙළ වහරට අනුව දේවයා යනු පාලකයාය ) යනු යම් පාලක පරපුරකි. මෙය වත්මන් punjab ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්ත වූ ඉන්ද්‍ර රජ පරපුර ලෙස සිතිය හැකිය. මහා සම්මතයට පටහැනි ව ක්‍රියා කිරීම හේතුවෙන් ලංකා පුරයෙන් පිටුවහල් කරන ලද රජකු වු සිව රජු ගෙන් මෙම පරපුර ආරම්භ විය. එසේම ඉන්දු දේශය බිහිවන්නේ ද ඔහුගෙන්ය. හිරන්‍ය කාශ්‍යප රජු තම රාජධානිය ව්‍යාප්ත කිරීමත් සමගම පන්ජාබය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි වුණු පාලන ඒකක පාලක දේවයන් සිව පරපුර ලෙස ව්‍යාප්ත වන්නට ඇත.

හිරන්‍ය කාශ්‍යප යුගයේ සිට බලි යුගය දක්වා පැමිණෙන විට ඉන්දු දේශය හෙළ පාලනයෙන් ගිලිහී ස්වාධීනව කටයුතු කරමින් පැවතියේ ය. එහෙත් එයද හෙළ දේව පාලන ක්‍රමවේදයන් ඔස්සේ ම ක්‍රියාත්මක වූ රාජ්‍යයකි.හින්දු පුරාණය දෙස බලන විට විෂ්ණු දෙවියන් හැර සියලුම දෙවිවරු බිහි වන්නෙ හිරන්‍ය කාශ්‍යප යුගයෙන් පසුවය.

හින්දු දේව සංකල්පවල ශිව දෙවියන් ලෙස හඳුන්වන්නේ ද මෙම සිවමය. ශිව දෙවියන්ගේ වාසභවන ලෙස සැලකෙන කෛලාෂකූටය පිහිටා ඇත්තේද හිමාලය ආශ්‍රිතව ය. කෛලාෂකූටයක් ලංකාවේද පිහිටා ඇති බව මා වෙනම ලිපියකින් හෙළි කල අතර එ අනුව අපට සිතිය හැක්කේඒ අනුව බලන කල  අපට සිතිය හැක්කේ ඉන්දු දේශයේ නිර්මාණය කරන ලද්දේ හෙළ බිමේ පිහිටි සිව රජු ට අයිතිව තිබූ පාලන එකකයේ අනුරුවක් බවය. එසේම අනෙකුත් දෙවිවරුන් මුල් කරගනිමින් දේව සංකල්පයක් ගොඩනැගෙද්දී ශිව වටා සිටින පිරිස යක්ෂ සේනාධිපතිවරු හා යක්ෂ පිරිවර ලෙස හැදින්වෙන්නේ ඒ බැවිණි.

ලෝක විනාශය නැතහොත් කල්ප විනාශයට හේතු වන්නේ ද ශිව සහ ඔහුගේ සහචර යක්ෂයන් බව හින්දුහු පිළිගනිති. ධ්‍යාන වැඩීම නවතා නැගී සිටින ශිව අමෘතය බී පිරිවර සමග නටන්නට පටන් ගනී. එය කොතරම් දරුණු බවට පත්වන නැටුමක් ද යත් ඉන් ලෝකය විනාශ වී යයි. මේ හරහා කියැවෙන්නේද හෙලයන්ගේ රණකාමීත්වය යි. නිදා සිටින හෙළයෝ අවදි වූ කල එය ලෝක විනාශයක් හා සමානය. එය පාලනය කළ හැක්කෙක් ද නැත.

බලි රජු හෙළ පාලනයෙන් ගිලිහී ගොස් තිබූ පාලන ඒකකයන් යළි අසුර අධිරාජ්‍යය තුළට ගොනු කර ගත්තේය. බලි රජුට එරෙහිව සතුරු බලවේග ක්‍රියාත්මක වීමට බලපෑ ප්‍රධානම හේතුව මෙයයි. මේ යුගය වන විට ඉන්දියාව ලංකාව යනුවෙන් පාලනය එක දෙකක් පැවති බවක් පෙනෙන්නට නැත.

හෙළ ඍෂිවරු බොහෝ විට ධ්‍යාන වැඩීම උදෙසා himalaya උපයෝගී කරගත් බව මෙන්ම ඉන්දියාව තුළ ජීවත් වූ සෘෂිවරු හෙල පාලන ව්‍යුහය සාර්ථකව පවත්වාගෙන යෑම උදෙසා දේව අධ්‍යාපන ක්‍රමවේද සකස් කිරීමට දායක වූහ. මුහුදු මට්ටමෙන්  ඉහළට ගමන් කරන විට ගුරුත්ව බලය අඩු වීමත් සමගම මනසේ ක්‍රියාකාරීත්වය වේගයෙන් සිදුවන බව හෙළයෝ දැන සිටියහ. ධ්‍යාන වැඩීමට ලොව උසම කඳුකරය තෝරාගන්නේ බවිනි.

කෙසේ වෙතත් බලි රජු ඉන්ද්‍ර දෙවියන් ට පහර දීමත් සමඟම හෙල පාලනය විනාශ කිරීම සඳහා සකස් කරන ලද කුමන්ත්‍රණය උදෙසා උපයෝගී කරගනු ලැබුවේ බලි රජ තුළ පැවති ගුණාංගයක් ම ය. හින්දූන්ගේ දසාවතාර වල රාවණ පුරාවෘත්තයට අනුව බලන විට විෂ්ණු අඟුටුමිටි තාපසයෙකුගේ වෙසක් මවාගෙන බලී රජු හමුවට පැමිණ තමන්ට තපස් රැකීමට ස්ථානයක් දෙන ලෙස ඉල්ලා සිටියි. එය කොතරම් සීමාවක් විය යුතුදැයි බලි රජු විමසුවේය. පියවර තුනක් තැබිය හැකි සීමාවක් ප්‍රමාණවත් බව වාමනයා පැවසුවේය. බලි රජ වූ එම භූමිය ඔහුට ප්‍රදානය කරන්නට පොරොන්දු විය. එවිට වාමනයා mahanarayana නම් මහා විෂ්ණු ස්වරූපය මවා ගෙන එක් පයක් දෙව්ලොවටත් අනෙක් පය මහ පොළොවටත් තෙවැනි පය බලි රජුගේ හිස මතටත් තැබුවේය. ඉන්පසු බලි රජුව පාතාලයට පෙරළා දැමුවේ ය. එය හින්දූන් ගොඩනැඟූ කතාවයි.

සත්‍ය ලෙස ම සිදු වන්නේ වෙනස් දෙයකි. බලි රජු යනු උග්‍ර ධ්යාන වඩන්නෙකි. ඔහු සෑම දිනකම ධ්‍යාන වැඩීමෙන් අනතුරුව ප්‍රථමයෙන් ම ඔහු හමුවට එන ඕනෑම අයෙකුට වරයක් ලබාදීම සිදුකරනු ලබයි. බලි රජුට එරෙහිව කුමන්ත්‍රණය කරන කුමන්ත්‍රණය කරුවන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනු ලබයි. අඟුටුමිටි තාපසයෙකුගේ ස්වරූපයෙන් පැමිණෙන සතුරෙකු රජු ධ්‍යාන වඩා පැමිණෙන පෙර මඟට පැමිණ වරයක් ලබා දෙන ලෙස ඉල්ලයි. රජු එයට එකඟ වෙයි. එම ඉල්ලීම රාජසභාවේදී කළ යුතු යැයි වාමනයා පවසයි. අවසානයේදී සිදුවන්නේ රාජසභාවේදී රජුගේ හිස මත පය තැබීමට අවසර ඉල්ලීමයි.

හෙළ රජවරු තමන් දුන් පොරොන්දු තම වාසිය මත වෙනස් නො කළහ. එනම් තම ප්‍රතිපත්ති දිවි හිමියෙන් රැක්කේය. ඒ අවස්ථාවේ රාජ සභාවේ සිටි දේව ප්‍රධානියා වූ ශක්‍ර ගේ දැඩි විරෝධතාවය හමුවේ රජු තම පොරොන්දුව ඉටු කිරීමට තීරණය කළේය. චක්‍රවර්ති රජ කෙනෙකු රාජ සභාවේ සිටින්නේ ඔටුන්න සහිතවය. වාමනයා අඟුටු මිට්ටෙක් වූ බැවින් ඔහුට රජුගේ හිසට පය තැබීමට නම් රජු ඔහු ඉදිරියේ දණ නැමිය යුතුය.

සක්විති රජකු තම ඔටුන්න ගලවා තබා මිනිසකු ඉදිරියේ දණ නැමූ විට එම මිනිසා රජුගේ හිස මත පය තැබීමෙන් සංකේතවත් වන්නේ ඔහුට රජු යටත් වූ බවය. වාමනයා රාජුගේ හිසට පය තැබීමත් සමග තමාට රජු යටත් වූ බව ප්‍රකාශ කළේය. නැතහොත් රජුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමයි. මේ සඳහා සඟවාගෙන සිටි ආයුධ වුවත් උපයෝගීකර ගන්නට ඇතැයි සිතිය හැකිය. බලි රජු පාතාලයට තල්ලු කර දැමීම යනු පාතාල රාජ්‍යයට පිටුවහල් කර දැමීමයි.

හෙළ රාජ්‍යය තුළ දේව පාලන ක්‍රමවේදයේ දී බලයෙන් පහ කළ රජුන් රටින් පිටුවහල් කිරීම සිදුවිය. බලි රජු රටෙන් පිටුවහල් කිරීමත් සමග අසුර අධිරාජ්‍යය යටතේ පැවති ජනාවාසයන් පාලනයෙන් ගිලිහී ගියේය.

බලි රජු ගේ රාජ්‍ය උරුමය සාමාන්‍ය ක්‍රමවේද තුළදී පුත්‍රයාට හිමිවිය යුතු වුවත් රජුන් තැනීමේ ක්‍රමවේදය මත බලි රජුගේ පුත්ර යාට රජකම හිමිවූයේ නැත. එහිදී දේව අධ්‍යාපනය උපරිම ලෙස සම්පූර්ණ කළ දේවයානි සහ බලි ගේ පුත්‍රයා වු තීක්ෂණ යන දෙදෙනා අතුරෙන් එක් අයෙක් හෙළ රාජ්‍ය පාලකයා ලෙස තෝරා ගැනීම උදෙසා තීරණය විය.

එහිදී දේවයානි දේව අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රධාන තනතුර ඉසිලූ ශක්‍ර ගේ දියණිය වූ හෙයින් මෙම තෝරා ගැනීම දේව  සෘෂි මණ්ඩලයක් වෙත යොමු විය. ශක්‍ර පාලකයා තෝරා ගැනීම සඳහා තම දායකත්වය සැප වූයේ නැත. එහිදී දේව අධ්‍යාපන ක්‍රමවේදයේ දෙවැනි තනතුර ඉසිලු කාශ්‍යප මුණිගේ මූලිකත්වයෙන් දේවයානි සිහසුනට තෝරා ගැනිණි. දේවයානි කුමරිය සිහසුනට තෝරා ගැනීමට ප්‍රධානම හේතුව වූයේ ඇය සතුව තිබූ යුදමය දක්ෂතාවය සහ යුදමය ඤාණයයි.

බලි චක්‍රවර්ති ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම උදෙසා මූලිකත්වය ලබා දුන් රජෙකු වන හෙයින් හෙළ අසුර අධිරාජ්‍යය ව්‍යාප්ත කරලීම මිස එය ආරක්ෂා කරගනිමින් පවත්වා ගැනීම පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. දේව සෘෂිවරු මෙය හෙළ රාජ්‍යය බිඳ වැටීමට හේතුවන බව අවබෝධ කරගත් අතර ආක්‍රමණශීලී පාලන ක්‍රමවේදයක් හෙළ පොළවට අවශ්‍ය බව අවබෝධ කොට ගත්හ.

මෙහිදී අවබෝධ කරගත යුතු තවත් කාරණාවක් ඇත. එනම් හෙළය තුළ පුරුෂ මූලික පාලන ක්‍රමවේදයක් නොපැවති බව ය. මෙහිදී වඩාත් වැදගත් වූයේ ස්ත්‍රී පුරුෂ භාවය නොව දේව අධ්‍යාපන ක්‍රමවේදය නිසි ලෙස හදාරා තිබීම හා මහා සම්මතය තුළ ලැබුණු වැඩි දෙනාගේ කැමැත්ත ය. ඒ අනුව දේවයානි මහා සම්මතයෙන් හා දේව අධ්‍යාපනයෙන් හෙළ අසුර අධිරාජ්‍යයේ බලවත්ම රැජිණිය බවට පත් වූවාය.

දේවයානි තම රජුට සිදු වූ දැඩි අසාධාරණය පිළිබඳ දැඩි කෝපයට පත් වූවාය. ඇය මෙයට විරුද්ධව නැගී සිටිමින් තම රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කළ සතුරන්ගෙන් පළි ගැනීමට සිතා ගත්තාය. හින්දු සාහිත්‍යයේ ඇය හඳුන්වා ඇත්තේ පැටවුන් ඇති කිකිළියක් හා සම කරමිනි. තම පැටවුන්ට යහමග කියා දෙමින් ඇය හෙළය ලෝකය අභියස යළි ඔසවා තැබුවාය.

දීක්ෂා ගුරු
කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close