තුන්ලොව දිනන යුද සැලසුමේ වී වගාවට මුල්තැන `` දේවයාණි 3 ``
දේවයාණි කුමරියට හෙළ අසුර අධිරාජ්‍යයේ කිරුළ හිමිවීමට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ ඇය සතු වූ තීක්ෂණ යුදමය ඥානයයි.
ඇය හෙළ සිහසුනට තෝරා ගැනීමත් සමගම හෙළ දිවයින වටා මහා පවුරක් ගොඩනැගීමට ඇය තීරණය කළාය. රාවණ යුගයේදී ලංකාපුරය වටා පැවති ආරක්ෂක පවුරු හතෙන් පළමු පවුර ඉදිකරනු ලැබූයේ ඇය විසිනි.
හිරන්‍ය කාශ්‍යප යුගයේදී සිදුවන මහා භූමිකම්පාවෙන් මහද්වීප බෙදීයෑම හා උත්තරධ‍්‍රැවයේ සිදුවූ හිම කඳු දියවීයෑම හරහා ඉන්දියානු සාගරය තුළට හෙළ රාජ්‍යය පාවී ගිය බැව් ඉතිහාසයේ කියැවේ .
මෙය එක් අතකින් සුබවාදී සිදුවීමක් වෙනවා මෙන්ම තවත් අතකින් අසුර අධිරාජ්‍යයේ විනාශයටත් බලපෑ ප‍්‍රධානම හේතුව විය.
මහද්වීපවලින් බෙදී වෙන්වීම හරහා නිරන්තර සතුරු ආක‍්‍රමණවලින් මිදීමටත් එක්වර සිදුවන ආක‍්‍රමණවලින් ආරක්ෂාවීමටත් හැකිවිය. රට වටා වූ මුහුද නිරන්තර ආරක්ෂක පවුරක් ලෙස ක‍්‍රියාත්මක විය.
උත්තර ධ‍්‍රැවයේ හිම කඳු දියවීයෑමත් සමගම මුහුද ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් හෙළ අසුර ශිෂ්ටාචාරයට අයත්ව තිබූ විශාල භුමි ප‍්‍රමාණයක් මුහුදුට ගිලීයෑම සිදුවුණි.
හිරන්‍ය කාශ්‍යප යුගයෙන් පසු සිදුවන මෙම මහද්වීප ප‍්‍රසාරණය හා හිමකඳු දියවීයෑමත් සමගම හෙළ පොළව තුළ සුවිශේෂී පරිසර පද්ධතියක් නිර්මාණය විය. එකී සුවිශේෂී පාරිසරික පද්ධතිය නම් නිරිත දිග සහ ඊසාන දිග මෝසම් රටාවයි. මේ ස්වාභාවික නිමැවුම් හරහා ජාතියක් ලෙස ස්වයංපෝෂිත වීමට හෙළයාට හැකිවිය. ඒ නිසා ආහාර හා ජීවත්වීමට සුදුසු පරිසර පද්ධති සොයමින් ගමන් කිරීමට අවශ්‍යතාවක් උදාවන්නේද නැත. ආර්යයන් දකුණු දිගට සංක‍්‍රමණයවීමේ මැක්ස්මුලර්ගේ නියමය හෙළයාට අදාළ නොවන්නේ එබැවිනි.
සමකය ආසන්නවීම හේතුවෙන් සූර්යයාගේ ආලෝකය හොඳින් ලැබීමත් ලංකාවට නිරිත දිගින් හා ඊසාන දිගින් මහද්වීප නොවීමත් හේතුවෙන් මෝසම් වැසි හරහා වැසි ලැබීම ආදී කරුණු මත ලංකාව තුළ කිසිදු ආහාර හිඟයක් හෝ ජල හිඟයක් නිර්මාණය නොවුණි. ස්වාභාවික ගස්වැල් මෙන්ම මිනිසාගේ ශාරීරික, මාසික ශක්තියද වේගවත්ව වර්ධනයවීමට මේ පාරිසරික තත්ත්වය බොහෝ සෙයින් බලපෑවේය. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ හෙළයාට යමක් සිතන්නට කාලය ඉතුරුවීමය.
නිර්මාණාත්මක ජාතියක් බිහිවීමට පදනම වැටෙනුයේ එලෙසය.
දේවයාණිය තම ජාතියට උරුම වූ පාරිසරික තත්ත්වය උපයෝගී කරගනිමින් රටක් බලගැන්වීම උදෙසා මූලික සැලසුම් සකස් කළාය. එදා ඇය හෙළ දිවයින වටා කළුගල් උපයෝගී කරගනිමින් ඉදිකළ දැවැන්ත බැම්මේ ශේෂයන් ලංකාවට සැතපුම් කිහිපයක් මුහුදේ අදටත් දැකගත හැකිවෙයි. මෙම බැම්ම එදා ඉදිකරනු ලබන්නේ මුහුදු වෙරළට සමාන්තරව ලංකාව වටා විහිදෙන ආකාරයටය.
පසුකාලීනව ඇතිවන මහා සුනාමියෙන් පසු මෙම බැම්ම සමගම ලංකාවේ ඉතා විශාල භුමිභාගයක් මුහුදට ගිලීයෑම සිදුවුණි.
හෙළ රාජ්‍යය තුළ ක‍්‍රමවත් වගාක‍්‍රමවේදයක් බිහිකිරීම උදෙසා පදනම වැටෙනුයේ දේවයාණි කුමරියගේ පාලන සමය තුළදීය. එතෙක් ස්වාභාවික පරිසරයෙන් ආහාර සොයා ගැනීමේ ක‍්‍රමවේදය වෙනුවට වී ගොවිතැන සමාජගත කිරීමට ඇය උත්සහ දරනු ලැබුවාය. එයට හේතුව වනුයේ ඇය යුදමය සැලසුමක් තුළ රට මෙහෙයවීමය. ප‍්‍රධාන වී වර්ග තුනක් හෙළ ඍෂිවරුන්ගේ ස්වාභාවික සොයාගැනීම තුළින් බිහිවන අතර හෙළ පොළොවේ ඒවා වගාකරනු ලබයි.
මෙම වී වර්ග තුන එකකට එකක් වෙනස් වූ අතර ඉතා කුඩා ඇට සහිත සහල් වර්ගයක් හා රට වෙරළු ගෙඩියක් පමණ විශාල වී වර්ගයක්ද ඒ අතර විය. ලංකාවේ පරිසර පද්ධතිය උපයෝගී කරගනිමින් ඉතා වේගයෙන් රට පුරා වී වගාව ව්‍යාප්ත කරලීමට ඇයගේ නායකත්වයට හැකියාව ලැබිණි. ඇය හෙළයාට වී වගා ක‍්‍රමවේදය හඳුන්වාදීමට ප‍්‍රධානම හේතුව වූයේ රටේ ඇතිවන යුදමය වාතාවරණයකදී වසර ගණනාවක් කල්තබාගත හැකි ආහාර වර්ගයක අවශ්‍යතාවය ඇයට තදින්ම දැනුණ හෙයිනි.
වී යනු වසර ගණනාවක් ගබඩා කර තබාගනිමින් ප‍්‍රයෝජනයට ගත හැකි ධාන්‍ය වර්ගයකි. පොළව අභ්‍යන්තරයේ පිහිටි කළුගල් හා ගල් කඳු තුළ තනි කළුගලේ හාරා ඉදිකරන ලද ගුහා තුළට වියළන ලද වී පුරවා උඩම ස්තරයට යාන්තමට පැළවූ වී තට්ටුවක් අතුරා ගුහා දොර සම්පූර්ණයෙන්ම මැටි ගසා වසා දමනු ලැබිණි. මැටි ගැසීමේදී සම්පූර්ණයෙන්ම වාතය නොලැබී යන ලෙස මෙම කර්තව්‍යය සිදු කෙරුණි.
‘පැළ’ වී මඟින් ගුහාව තුළ වූ සියලූම ඔක්සිජන් අවශෝෂණය කරගැනීම සහ කාබන්ඩයොක්සයිඞ් පිටකිරීම හරහා එහි වූ සියලූ ක්‍ෂුද්‍ර ජීවීන් විනාශවී වී කල් තබා ගැනීමට හැකියාව ලැබුණි.
දේවයාණි යුගය වූ කලී හෙළයට නිසි ආහාර ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් යුගය ලෙස සඳහන් කළද එහි කිසිදු වරදක් නැත. මෙලෙස ගබඩා කළ වී වසර දහස් ගණනක් වුවද තබාගත හැකිබව මෑත කාලීනව කැණීම්වලදී හමුවූ වී වර්ගවලින් පැහැදිලි වෙයි.
වී වගාව ව්‍යාප්ත වීමත් සමගම එතෙක් මූලික පාලන ඒකකයන් වටා ගොනුවී තිබුණු ජනාවාස රට පුරා ව්‍යාප්ත වීම සිදුවුණි.
බලිරජු තම ධ්‍යාන බලයන් හරහා අවබෝධ කරගත් ස්වභාවධර්මය පාලනය කිරීමේ ක‍්‍රමවේදයම තවදුරටත් ඉදිරියට ගෙනයමින් අලූත්ම ආකාරයේ සමාජයීය රටාවක් ගොඩනැංවීමට දේවයාණි කුමරිය උත්සහ ගත්තාය. බලි රජු යුගයේ පැවති විශේෂත්වය වූයේ දේව පාලනය ප‍්‍රධාන තැන්හි ක‍්‍රියාත්මක වුවත් හෙළ වැසියාට තමන්ගේ මතයන් තුළ ස්වාධීනව කටයුතු කළ හැකිවීමයි.
මහාවංශයේ සඳහන් වන ගම මුල් කරගෙන ක‍්‍රියාත්මක වූ ගම් සභා පාලන ඒකකයේ ආරම්භය සිදුවන්නේ බලි රජුගේ යුගයේදීය. පසුකාලීනව ගම් සභා පාලනය ලෙස අර්ථ කථනය කිරීමට උත්සහ දරන්නේද මෙම ගම මුල් කරමින් ක‍්‍රියාත්මක වූ පාලන ඒකකයමය. මහාවංශයේ දක්වා ඇත්තේ ගම මුල් කරගත් පාලන ඒකකයක් මුලින්ම හඳුන්වාදීම සිදුව ඇත්තේ පණ්ඩුකාභය රජුගේ යුගයේදී බවය. එහෙත් භගවත් පුරාණයට අනුව ගම මුල් කරගත් පාලන ක‍්‍රමයේ බිහිවීම බලි යුගයේදී සිදුවන බව පැහැදිලිය.
ගම මූලික කරගනිමින් ගොඩනැගෙන පාලන ක‍්‍රමයේදී ගමේ පැරැුණිම සහ පළපුරුද්ද සහිත පස් දෙනකුගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා වැඩිදෙනාගේ කැමැත්ත මත ගැටලූ විසඳාගැනීම ක‍්‍රියාවට නැගුණි. මෙහිදීද ‘මහා සම්මතය’ යන දේව පාලන ක‍්‍රමයෙන් පිටපැනීමක් සිදුවනුයේ නැත. එනම් රජුගේ සිට පහළම පාලන ක‍්‍රමය තෙක්ම විධිමත් ක‍්‍රමවේදයක් පැවතීමයි.
දේවයාණි කුමරිය ඉතාමත් තීක්ෂණ බුද්ධියක් සහිතරැුජිනක් වීමට ඇයගේ පියා වූ ශක‍්‍රගේ මෙන්ම විශේෂයෙන්ම කාශ්‍යප මුණිවරයාගේ ප‍්‍රබල දායකත්වය ඇයට ලැබුණි. බලි රජු හඳුන්වා දුන් ගමේ පාලනය ගොවිතැන හා බද්ධ කර ගොවි ගම්මාන සංකල්පය සමාජගත කිරීමට හේතුවනුයේද ඇයගේ ඉදිරි යුදමය සැලසුමයි.
යුදමය කාලසීමාවක් තුළදී රජුගේ හෝ දේව පාලනයෙන් ගම් නිදහස්වීම හෝ රජු යම් හෙයකින් යුදමය වශයෙන් අසීරු තත්ත්වයකට පත්වුවද රටේ ජනතාව හා රටේ නිෂ්පාදන ක‍්‍රමවේදයන්හි බිඳවැටීමක් මේ හරහා සිදුනොවෙයි. ගමේ ආහාර මෙන්ම ගමේ ප‍්‍රශ්නද විසඳාගනිමින් ගම ශක්තිමත්ව පවත්වා ගැනීම හරහා රජු පූර්ණ වශයෙන් අසුර අධිරාජ්‍යය යළි ගොඩනැගීම උදෙසා තම මනස හා ශක්තිය යෙදීම ගම් පාලනය ශක්තිමත් කිරීමේ මූලික අරමුණ විය.
හෙළ රාජ්‍ය තනි ඒකකයක් ලෙස පැවතීම හරහා එය සතුරු ප‍්‍රහාරවලින් ආරක්ෂා කරගැනීම අපහසු බව අවබෝධ කරගන්නා ඇය බලිගේ කන්ද උඩරට රාජධානිය මැදි කරගනිමින් ප‍්‍රධාන පාලන ඒකක තුනකට ලංකාව බෙදුවාය. ඒ සෑම පාලන ඒකකයක් තුළම ශක්තිමත් හමුදා ඒකකයන් ගොඩනගන අතර වර්තමාන පාලන ක‍්‍රමවේදයන් අනුව සලකා බලන කල රජුගේ පාලනයේ සිට ගම දක්වා පාලන බලය ගලායන ක‍්‍රමවත් පාලන ක‍්‍රමයක් මුල්ම වරට ලොවට දායාද කිරීම සිදුවූයේ එකම හෙළ අධිරාජිනිය වූ දේවයාණිගේ පාලන කාලය තුළදී බව පැහැදිලිය.
දීක්ෂා ගුරු
කාංචන ගීත මනමේන්ද්‍ර