Dewayani

හෙළ කතුන් රණ ලියන් කල රාවෝ බලකාය `` දේවයාණි 6 ``

දේවයාණි කුමරිය හෙළ සිහසුනට පත් වීමත් සමගම ඇය සිය සැලසුම් සකසන්නට වූයේ යුදමය සැළැස්මක් ඔස්සේ බව අප මේ වනවිටත් දන්නා කරුණකි.

යුදමය වාතාවරණයකදී වඩා වැදගත්ම කාර්යය වනුයේ විශ්වාසනීය සේබල පිරිසක් පාලකයාගේ ආසන්නයෙන්ම සිටීම බව ඇය අවබෝධ කර ගත්තාය.

එයට හේතු වූයේ හිරන්‍ය කාශ්‍යප රජුට පහර දුන් නරසිංහද මාලිගාව තුළ සිටම පහර දීමයි.

බලි රජු මාලිගාව තුළදීම කුමන්ත‍්‍රණකරුවන්ගේ උගුලට අසුවීමත් යන සිදුවීම් දෙකටම මාලිගාව තුළින් යම් සහයෝගයක් කුමන්ත‍්‍රණකරුවන්ට හිමි විය යුතු බව බුද්ධිමත්ව සිතන ඕනෑම අයකුට වැටහෙන කාරණාවකි.

දේවයානි යනු දේව අධ්‍යාපන ක‍්‍රමවේදය ඉතා හොඳින් හැදෑරූ මෙන්ම යුද ශිල්පය මැනවින් ප‍්‍රගුණ කළ රැුජිනකි. එවන් පසුබිමක් තුළ දේවයාණිගේ ආරක්ෂක ක‍්‍රමවේදය තුළ ප‍්‍රධානම ඒකකය බවට පත් වූයේ හෙළ කාන්තා බලකායයි.

‘රාවෝ’ ලෙස හැ`දින්වූයේ මෙම බලකාය බවට විශ්වාසයක් පවතී. ලෝකයේ මුල්ම කාන්තා සෙබල බලකාය පිහිටුවමින් එහි ප‍්‍රධාන පුහුණු බලකොටුව බතලේගල ආශ‍්‍රිතව ස්ථාපිත කරලීය.

දේවයාණිගේ හන්තාන බලකොටුවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බාර වී තිබුණේ මෙම රාවෝ බලකායටය. නිලකණ්ඨ යනු මෙම රාවෝ බලකායේ ප‍්‍රධාන සේනාධිපතිනියයි. පසුකාලීනව නිලකණ්ඨ දේවතාවිය බවට පත් වන්නේ ඇයයි.

අදින් වසර හත්දහස් පන්සියයකට පෙර නිර්මාණය වූ ලොව මුල්ම කාන්තා සෙබල බලකාය නිලකණ්ඨ සේනාධිපතිනියගේ මූලිකත්වයෙන් ප‍්‍රධාන එකක හතක් ඔස්සේ සංවිධානය විණි.

රාවණ යුගය වනවිට බලඇණි දහයක් ලෙස වර්ධනය වූ හෙළ හමුදාවට මූලික පදනම දැමුණේ මෙම බලඇණි හත හරහායි.

දේවයාණි බලයට එනවිටත් හෙළ හමුදාවක් පැවැතියත් ඒ තුළ කාන්තා නියෝජනයක් පැවැතියේ නැත. දේව පාලනය තුළ කාන්තාවට විශේෂිත තැනක් හිමි වූ අතර ඒ තුළ පුරුෂ මූලික පාලන ක‍්‍රමවේදයක් නිල ලෙස පැවැතියේ නැත. නිල වශයෙන් යැයි පැවසීමට හේතුවූයේ පසුකාලීනව පුරුෂ මූලික පාලන ව්‍යහයක් ලොව පුරා ව්‍යාප්ත වී යෑමයි.

නිලකණ්ඨ සෙන්පතිනිය අති දක්ෂ රණකාමී සෙන්පතිනියකි. ඇය සතුව කළු පැහැති විශේෂිත කඩුවක් පැවැතියේය. එම කඩුවෙන් ඕනෑම ආයුධයක් දෙපළු කළ හැකිය. එයට හේතුවූයේ අතිදුර්ලභ ලෝහ වර්ගයක් උපයා්ගී කර ගනිමින් මෙම කඩුව නිර්මාණය කර තිබීමයි. රාවෝ බලකාය සම්පූර්ණයෙන්ම දේවයාණිගේ මැදිහත්වීමෙන් නිලකණ්ඨ සෙන්පතිනිය විසින් පුහුණු කරවනු ලැබීය.

බතලේගල කදු මුදුනේ වූ බලකොටුවේ කිසිදා නොසිඳෙන ජල විලක් පැවැති අතර මෙම බතලේගල කන්ද මෙම විශේෂ ඒකකයේ මධ්‍යස්ථානය බවට තෝරා ගැනීමට ප‍්‍රධාන කාරණා කිහිපයක්ම බලපෑවේය.

පළමු හේතුව වූයේ මෙය හෙළ රැුජිණියගේ ආරක්ෂාව වෙනුවෙන්ම ඇය විසින්ම නිර්මාණය කළ විශේෂ ඒකකයක් වීමය. එබැවින් සියලූ හමුදා ඒකක හා සියලූ සමාජ සබඳතාවලින් දුරස්ව මෙය ක‍්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් පැවතුණි. අනෙක් කාරණය වූයේ දේවයාණිගේ රොවෝ බලකාය නිර්මාණය කිරීමේ පරමාර්ථය වූ හෙළ අසුර රාජ්‍යය රැුකීම හා ව්‍යාප්ත කිරීම යන කාරණය උදෙසා ඔවුන් මනසින් දැඩි ලෙස එකාග‍්‍ර කිරීමයි.

රාවෝ බලකාය දැඩි ආවේගකාරී මෙන්ම විනාශකාරී බලකායක් ලෙස සැලකේ. ඔවුන් තම අරමුණ තුළ මිස කිසිදු මානුෂික හැ`ගීම් තුළ ක‍්‍රියාත්මක වීමක් සිදු නොවුණි. ගැහැනිය තුළ ඇති ආවේගය විනාශය හා වෛරය උපරිම ලෙස ප‍්‍රගුණ කර නිර්මාණය කරන ලද මෙය සිතිය හැකිය.

දේවයාණිගේ ප‍්‍රධාන බලකොටුව වූ හන්තානේ බලකොටුව දක්වා වූ ප‍්‍රධාන ගමන් මාර්ගය පැවැතියේ බතලේගල හරහාය. හෙළ රාජ්‍යයට එරෙහිව සිදුවන පහරදීමකදී මෙම බලකොටුව බිඳ දමා මිස දේවයාණිගේ මාලිගයට පහර දීම සිදු කළ නොහැකිය.

බැලූම්ගලක් ලෙස උපයෝගී කර ගනිමින් ඉතා ඈත සිට පැමිණෙන සතුරු හමුදාවන් හඳුනාගෙන ඔවුනට ප‍්‍රතිඋපහාර දැක්වීමේ හැකියාව මෙම බලකොටුව මෙම ස්ථානයේ පිහිටුවීම උදෙසා හේතු විය.

නිලකණ්ඨ සෙන්පතිනිය රාවණ රාවණ රජුගේ පුත‍්‍රයා වූ ඉන්ද්‍රජිත්ගේ වැදුම් පිදුම්වලට ලක්විමට හේතුවූයේ ඇය සතුව පැවති රණකාමීත්වයයි. එසේම දේවයාණිගේ යුගයෙන් පසු දේවයාණි මෙන්ම දේවයාණිගේ ප‍්‍රධාන සෙන්පිතිනියන් පිරිස අසුර අධිරාජ්‍යගේ වන්දනාවට පාත‍්‍ර විය.

කාලි පිරිවර ලෙස ව්‍යාප්ත වන්නේ මම සෙන්පතිනියන් පිරිසයි.

ඉන්ද්‍රජිත් නිලකණ්ඨ සෙන්පතිනිය දේවත්වයෙන් පිදීමට හේතුවූ ප‍්‍රධානම කාරණය වූයේ ඉන්ද්‍රජිත්ගේ විශේෂ හමුදා බලකායේ පුහුණු මධ්‍යස්ථානය හා ප‍්‍රධාන හමුදා බලකොටුව බතලේගල කන්ද මුල් කරගෙනම නිර්මාණය කිරීමයි.

ඉන්ද්‍රජිත් මත ප‍්‍රධාන මාලිගය මේ ආසන්නයේම ඉදි කළ අතර රාවණ ගිරි රාජ්‍යයේ පිවිසුම යන අරුතින් ‘රාවණ ද්වාරම්’ යන අරුතින් මෙම ස්ථානය නම් කළේය. මෙයින් අපට පැහැදිලි වන එක් කරුණක් ඇත.

රාවණ යුගයේදී හෙළ අසුර අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ භාර¥ර්ය කාර්යය සියතට ගෙන ක‍්‍රියා කළ පුද්ගලයා වූයේ ඉන්ද්‍රජිත් කුමරුය. එනම් රාවණ රජුගේ යුද විශේෂඥයා වූයේ ඉන්ද්‍රජිත්ය. ඔහුගේ යුදමය ඥානය තුළ බතලේගල ආසන්න ප‍්‍රදේශය රාවණ ද්වාරය ලෙස පිළිගැනීමත් සමගම දේවයාණි කුමරියගේ යුද ඥානයේ ප‍්‍රබල බව හොඳින්ම අවබෝධ කරගත හැකි වෙයි.

ඇයගේ රාජ්‍යයේ ද්වාරය ලෙස ඇයගේ ප‍්‍රබලම හමුදාව බතලේගල ස්ථානගත කරන්නේ එබැවිණි. අනෙක් කාරණය වුනයේ දේවයාණි කුමරිය තම ඍජු මැදිහත්වීමෙන් මෙම ස්ථානය ආරක්ෂා කිරීමක්. ඉන්ද්‍රජිත් තම මාලිගය මේ ආසන්නෙය්
ඉදි කර මේ ස්ථානය ආරක්ෂා කිරීමත් අතර ප‍්‍රබල සමානකමක් පවතී.

ලෝකයේ ගුරුත්ව බලය අඩුම රට වන ලංකාව තුළ පිහිටි බල කේන්ද්‍රවලින් එකක් ලෙස මෙම ස්ථානය හ`දුනා ගත හැකි වෙයි. ‘රාවෝ’ බලකාය හා මේඝගේ අති විශේෂ ‘කුප්දාහ’ බලකාය යන විශේෂ එකක දෙකම යුග දෙකකදීත් මේ ස්ථානයම තෝරා ගැනීමට හේතුවූවා යැයි සිතිය හැකිය.

නිලකණ්ඨ දේවතාවිය උදෙසා පුද පූජා පැවැත්වූ මේඝට විශේෂ ආයුධ කිහිපයක් ඇයගෙන් හිමි වූ බව රාමායණයේද සඳහන් වෙයි. දේවයාණි කුමරියගේ ප‍්‍රධාන සෙන්පතිනිය වූ නිකණ්ඨගෙන් මේඝට හිමි වූ ප‍්‍රධානම ආයුධය වූයේ ඇයගේ කළු පැහැයෙන්
දිස්වන විශේෂිත කඩුවයි. ඉන්ද්‍රජිත් සමග කිසිවකුට සටන් කර ජයගත නොහැකි වූයේ සියලූම ලෝහ කැපිය හැකි ලෝහ වර්ගයකින් සැකසී තිබූ මෙම කඩුව ඔහු සතුවීම හේතුවෙනි.

දේවයාණි රැුජිණිය තම හෙළ රාජ්‍යයේ දේශ සීමා රැුක ගනිමින් වී වගාව හරහා යුදමය වාතාවරණයකට අවශ්‍ය ආහාර රැුස් කර ගනිමින් විශේෂිත හමුදා ඒකකයක් හරහා අසුර අධිරාජ්‍යය ව්‍යාප්ත කරලීමේ මූලික සැලසුම් සකස් කරලීය. මෙය සරලව ප‍්‍රකාශ කළද ලොව ප‍්‍රථම ආධිරාජිණිය බවට පත්වීම එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවද සරලව තේරුම් ගත හැකි කරුණකි.

බලි රජුගේ ජීව ග‍්‍රහයෙන් අල්ලා ගැනීමත් සමගම එතෙක් හෙළ රාජ්‍යයේ යටතේ පැවති බොහෝ රටවල් ස්වාධීනව ක‍්‍රියාත්මක වීමත් හෙළ අසුර රාජ්‍යයේ පාලනයෙන් මිදී යෑමට උත්සහ දැරීමත් හරහා හෙළ පාලනයට එරෙහි බලවේගයන් බොහොමයක්
ක‍්‍රියාත්මක වෙහින් පැවතුණි.

දේවයාණි කුමරියගේ ධෛර්යය බිඳ දමන්නට ඒ කිසිදු නැගී සිටීමක් ප‍්‍රමාණවයත් වූයේ නැත.

දීක්ෂා ගුරු
කාංචන ගීත මනමේන්ද්‍ර

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x