දේවයාණිය ජාන තාක්ෂණයෙන් දරුවන් තනයි. `` දේවයාණි 7 ``
දේවයානි කුමරියට දරුවන් පහක් සිටි බව පෙර ලිපියක මා සඳහන් කළ බව ඔබට මතක ඇති, එසේ වුවත් එම දරුවන් පස් දෙනාගෙන් සුරපද්ම සිංහමුඛ හා තාරක උත්තම දරුවන් සේ සැලකේ. උත්තම දරුවන් යනු එකල පාලක අවශ්‍යතාවයන් උදෙසා නිර්මාණය කරන ලද දරුවන් විශේෂයකි.
දේවයානිය ගේ කුසින් මෙම දරුවන් බිහි වුවද ඒවා වර්තමාන තාක්ෂණයට අනුව සලකා බලන විට ජාන පිටපත් හා සම වූ දරුවන් බිහි කිරීමකි. ඒ සඳහා මුල්වී කටයුතු කරනු ලබන්නේ කාශ්‍යප මුනිවරයාය. ( කාශ්‍යප මුනි යනු එන්කි හා සමවු ජාන විශේෂඥකු යැයි අපට සිතිය හැකිය )
පසුකාලීනව මහා භාරතය තුළ ද රාමායණය තුළ ද මෙම උත්තම දරුවන් සහ ක්ලෝණකරණය මගෙන් දරුවන් ඉපදවීම පිළිබඳ බොහෝ සාධකයන් දැක ගැනීමට හැකි වීම තුළ ෙය එකල පැවති තාක්ෂණික ක්‍රමවේදයක් යැයි අපට සිතිය හැකිවේ.
මෙම දරුවන් තිදෙනා යුද්ධ උපකරණ තුනක් හා සමානව නිෂ්පාදනය කරනු ලබයි. මෙම දරුවන් හරහා බලාපොරොත්තු වූ කාරණාව වූයේ දේවයානි ය ගේ ලෝකය දික්විජය කිරීමේ සැලැස්ම උදෙසා දායක කරගැනීම හා ලංකාපුර ආරක්ෂාව ස්ථාවර කිරීමයි.
මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මරණින් පසු රජුගේ සොහොන් ලෙස සැලකූ ස්ථාන කිහිපයකින් හමු වු මැටි පතුරු තුළ රජුගේ දෙපා අශ්ව දෙපා ලෙස පිළිබිඹු කර තිබීම තුළ alexander රජු යනු යුද උපකරණයක් ලෙස නිපදවූ ජීවියෙකු යැයි සිතන්නට අවස්ථාද උදාවේ. ඒ අනුව සිතන විට සිංහමුඛ සුරපද්ම හා තාරක මේ ආකාරයෙන්ම නිපදවන ලද යුද උපකරණ තුනක් සේ සිතිය හැකි වේ.
දේවයාණී කුමරියගේ කුසින් උපන් දරුවන් දෙදෙනා වනුයේ නල පියුම් හා අජමුඛී කුමරියයි.
දේවයානීය කුමරිය සිහසුනට පත්වන අවස්ථාව වන විට ද පියුම් හා විවාහ වී සිටි අතර ඇගේ වයස අවුරුදු තිස්තුනක් පමණ විය. බලි රජුගේ රාජ්‍ය පාලන කාලයේ දී ප්‍රාදේශීය පාලකයෙකු ලෙස සිටි පියුම් කුමරු හා දේවයානි කුමරියගේ විවාහය සිදු වුව ද රාජ්‍ය පාලනය උදෙසා ගුරුවරුන් විසින් තෝරාගනු ලබන්නේ දේවයානි කුමරියවයි.
රාවෝ බලකායට අමතරව සිංහ කොඩිය යටතේ සිංහ මුඛ විසින්ද කුකුල් ධජය යටතේ තාරක විසින්ද මොනරා ධජය යටතේ සුරපද්ම විසින්ද වෙන වෙනම සේනා සංවිධානය කරන්නට විය.
මෙම කුමාරවරු තිදෙනා අතරින් සුරපද්ම කුමරුට ප්‍රබල මායා බලයක් පැවතියේ ය. ඒ හරහා සේනා නිර්මාණය කිරීම මෙන්ම මායා බල උපයෝගී කරගනිමින් සතුරන් පරාජයට පත් කිරීමේ හැකියාව ද ඔහු සතු විය . මේ හේතුවෙන් මෙම කුමාරවරු තිදෙනා අතරින් ඔහුට නිතැතින්ම ප්‍රධානත්වයක් හිමිවිය.
දේවයානී කුමරිය විසින් තම දරුවන් තිදෙනා උදෙසා වෙන වෙනම පාලන ප්‍රදේශ ලබාදෙමින් වසර පහළොවක් තුළ රට තුළ විශාල සේනාවක් ගොඩ නගන්නට විය.
නල පියුම් හා අජමුඛී කුමරිය යුද්ධය උදෙසා යොදා නොගත් අතර ඔවුන් දෙදෙනාව ගුරුවරුන් යටතේ පූර්ණ දේව අධ්‍යාපනය උදෙසා යොමු කරන්නට විය. එය දේවයාණි කුමරියගේ ඉතා සියුම් සැලැස්මක් විය. තාරක සුරපද්ම හා සිංහමුඛ යනු දේව අධ්‍යාපනය තුළ ගොඩනැගුණු තිදෙනකු නොවුණු බැවින් අනාගත පාලකයා ලෙස නිර්මාණය කරන්නට ඇය සැලසුම් කරනු ලැබුවේ තම කුසින් උපන් නල කුමරුය.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර