Dewayani

නාග සුමාලිගේ සහාය දේවයාණි කුමරියට. `` දේවයාණි 8 ``

දේවයානි කුමරිය තම දරුවන් හා රාවෝ බලකාය මුල් කර ගනිමින් තම හමුදා බලය ගොඩනැඟූ බව පෙර ලිපි වලින් මා පෙන්වා දුනිමි.

දේවයානි කුමරියගේ රාජ්‍ය සංකේතය වූයේ උකුසු සළකුණයි. උකුසු සලකුණු යොදා ගැනීම තුළ ගැඹුරු අර්ථයක් ඇති බව අපට සිතීමට සිදුවේ. එහි සරල අර්ථය නම් උකුස්සා යනු ඉතා තීක්ෂණ අයුරින් සහ වේගවත්ව තම අරමුණ කරා යන සත්වයෙක් වීමය. දේවයානි කුමරියගේද ඇත්තේ ඉතා ප්‍රබල ඉලක්කයකි. ඇය වේගවත්ව මෙන්ම තීක්ෂණ අයුරින් ඒ ඉලක්කය කරා යාමට ඇවැසි හෙයින් ඇය මෙම සංඛේතය යොදාගත්තාය. එයට වඩා තවත් ගැඹුරු අර්ථකථනයක් මේ තුළ වෙයි. එය ැහැදිලි කිරීමට පෙර ඇය උදව් ලබා ගත් ප්‍රබල පාර්ශවයක් පිළිබඳ තොරතුරු හෙළි කිරීම වැදගත් යැයි මට සිතේ..

දේවයානි කුමරිය සම්බන්ධ ඉතිහාස කතා තුළ ඇති මතවාදයන් බොහොමයක් වෙනස් වන්නේ මෙතැනින් පසුව ය.

සුමාලි රජු දේවයානි ය ගේ ලෝකය දික්විජය කිරීමේ සටනට සක්‍රීයම දායකත්වය ලබා දුන් අයෙකි. මෙම ප්‍රකාශයත් සමගම බොහෝ අය ඉතිහාසය තුළ මහා පටලැවිල්ලකට ලක් වන බව මා දනිමි. රාවණ රජුගේ මවගේ පියා නැතහොත් විශ්‍රවස් මුනිවරයාගේ සමකාලීනයකු මෙන්ම පුලස්ථි සෘෂිගේ සමකාලීනයකු ලෙසද සැලකෙන සුමාලි රජු දේවයානි ය හා සම්බන්ධ වන්නේ කෙලෙසද යන්න පිළිබඳ බොහෝ ගැටලු නිර්මාණය වන බව අමුතුවෙන් කිව යුතු නැත.

එම ගැටලුවට ඇති පිළිතුර බොහෝ සරල ය. පුලස්ති සෘෂි හා සුමාලි යනු තමා මිය යන මොහොත තමන්ටම තීරණය කරගත හැකි ලෙස යෝග බලයන් ප්‍රගුණ කළ දෙදෙනෙකි. මේ නිසා ඔවුන් දීර්ඝ කාලයක් ජීවත් වීය.අනෙක් කරුණ නම් දේවයානි කුමරියගෙන් පසු බොහෝ ආසන්න කාලයක් තුළ රාවණ යුගය නිර්මාණය වීමයි.

අප කතා කරන්නේ යුග කිහිපයක් අතර බැවින් මෙම යුග අතර කාල ගණනය කිරීම වර්තමාන දින අයුරින් ගණනය කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවේ. යුග මාරු වීමේදී සිදුවන කාල හැකිලීම තුළ ිශ්චිත කාල පරාසයන් කථා කිරීම ප්‍රායෝගික නොවන බව මා අවස්ථා කීපයකම පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් සුමාලි සමාජගතවී ඇත්තේ රකුස් නායකයකු ලෙසය. සුමාලි රජු බලි රජුගේ යටතේ ප්‍රාදේශීය පාලකයෙකු ලෙස කටයුතු කළ රජෙකි.

සුමාලි රජු රාක්ෂ නැතහොත් රකුස් ගෝත්‍රයට අයත් යයි කීම වැරදි අර්ථකථනයකි. සුමාලි යනු නාග සම්භවයක් සහිත පාලකයෙකි.

සුමාලි රජුගේ මාළිගාව පිහිටියේ වර්තමාන රිදී විහාරය ලෙස හඳුන්වන භූමියේය. එහි ඇති විශාල නාග හිස සහිත ලෙන නිර්මාණය වෙන්නේ එකල ය.

මෙහිදී නාග යනුවෙන් අදහස් කරන්නේ උරග ජීවී කාණ්ඩයක් වන අතර සරලව පවසතොත් සුමාලි යනු ඩ්‍රැකෝ ජීවියෙකි.

සුමාලි දේවයානි ට උදව් කිරීමට ඉදිරිපත් වනුයේ පෘථිවියේ බලය දේවයානි හරහා තමන් සතු කර ගැනීමේ අදහස තුළින්ය. උකුසු නාග රූප සහිත ඔටුනු නිර්මාණය වන්නේ මේ හරහා ය.

එසේනම් දේවයානි කුමරියගේ ඔටුන්නේ උකුසු සංකේතය නිර්මාණය වීම තුළ දේවයානි කුමරියගේ සම්භවය පිළිබඳව ද සිතන්නට යමක් ඇත. ඇයගේ සම්කුභවය කුරුලු ජීවීන් හා සම්බන්ධ විය යුතු බව අපට සිතන්නට සිදුවේ. එයට හේතුව ඩ්‍රැකෝ වරු හා කුරුලු ජීවීන් දෙමුහුන්කරණය වී අනුනාකිවරු බිහිවීමයි.

සුමාලි රජු තම සේනාව ලෙසින් දේවයානි කුමරියට උපකාර කිරීම උදෙසා draco වරුන්ගේ සහය ලබා ගත් අතර එම පිරිස් උදෙසා වර්තමාන වෙස්සගිරිය පිහිටි ප්‍රදේශයෙහි කඳවුරක් වෙන් කොට දී තිබුණි.

මෙම පිරිස් දෙකෙහිම පාලනය දේවයානි කුමරිය හරහා සිදු වූ බැවින් දේවයානි කුමරියගේ ඔටුන්න උකුසු නාග සංකේත වලින් නිර්මාණය වී ඇත.

සුමාලි රජු ගේ සොහොයුරෙකු වූ දුම රාක්ෂ සුමාලිගේ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා විය. පසුකාලීනව රාවණ කුමරුට රාජ්‍ය බලය අල්ලා ගැනීම උදෙසා කුවේරට විරුද්ධව ගෙන යන සූක්ෂම සැලැස්මට සහාය දෙන්නේ ද මෙම දුම රාක්ෂ ය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

5 3 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x