හෙළ නාමකරණය

ජීවිතය කණපිට හරවන `` නාම විග්‍රහය ``

පුංචි ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන්න හදන්නේ එකින් එක දාන්නම් හොදට හිතලා උත්තර දෙන්න.

තමන් සම්බන්ධයෙන් මතක නැතිනම් දරුවන් ගැන උනත් කමක් නෑ.

1 වැනි ප්‍රශ්නය

තමන් භාවිතා කරන නම කොටස් කීයකින් යුක්ත ද ?

2 වැනි ප්‍රශ්නය

තමන්ට කතා කිරීමට වැඩි දෙනෙක් භාවිතා කරන්නේ නමේ කී වෙනි කොටසද ?

3 වැනි ප්‍රශ්නය

මතක හැටියට තමන්ට නම තියන්න ඇත්තේ සුභ අකුරක් තෝරාගෙනද ?

තුන්වන ප්‍රශ්නයත් සමගම කඩඉමක් නිර්මාණය වනවා. ඇත්තටම තමන්ගෙ නම සුභ ඇතිද ? කියලා යම් පිරිසකගේ හිතේ ප්‍රශ්නාර්ථයක් නිර්මාණය වනවා.

කොහොම වුණත් මේ ප්‍රශ්ණාවලිය තව ටිකක් ඉදිරියට අරන් යන්න වෙනවා. මෙතැනදී තේරුම්ගන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. නමක් හැදෙන්නේ සුබ අකුරක් මත නොවෙයි නම් අපේ දිශානතිය අඩකින් නවත්තන්න වෙනවා කියන එක

4. ප්‍රශ්ණය

සුභ අකුරකින් තියලා තියෙන්නේ නමේ කීවෙනි කොටසද ? එය වැඩි දෙනෙක් භාවිතා කරන නාමය ද ?

5 වන ප්‍රශ්ණය

සුබයි කියලා හිතාගෙන තමන්ට වැඩි දෙනෙක් භාවිතා කරන නම තුලින් තමන්ට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව තමන් දැනුවත් ද ?

6 වෙනි ප්‍රශ්ණය ( දරුවන් සිටින අයට )

තම දරුවාට නම යෙදීමේදි එම නාමය විසින් දෙමාපියන්ට ඇතිකරන සුභ හෝ අසුභ බලපෑම පිළිබඳව දැනුවත් උනා ද ?

6 වන ප්‍රශ්ණයත් සමගම ” අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා” බහුතරයේ උත්තරය නැත ගුරුතුමනි යන්නයි.

මා අසන්නට හිතා සිටී ඉතුරු ප්‍රශ්න ටික මෙතනින් නවත්තන්නට වෙනවා.

නමක් යෙදිය යුත්තේ තමන්ට සුභවු අකුරකිනි.

එහි පළමු නම ද දෙවන නම ද ආදී ලෙසින් සියල්ල සුබ විය යුතුය.

යොදන නාමයේ පද බන්ධනය සුභ විය යුතුය.

පළමු නමට දෙවන නමද දෙවන නමට තෙවන නමද අවසන් නාමය වාසගමටද විරුද්ධ නොවිය යුතුය.

මෙය සරල හැඳින්වීමක් පමණි.

ඒ සියල්ල අතුරින් තමන්ට නිතරම භාවිතා කරන නාමය සර්ව සුභවාදී සුභ ප්‍රතිඵල ම පමණක් ගෙනෙන නාමයක් විය යුතුය.

අනෙක් නාමයන් එලෙස නොවේ නම් මට මේ නම පමණක් භාවිතා කරන්න යැයි පැවසීමට ඔබට අයිතියක් ඇත.

උදාහරණයක් ලෙස…

ආශ්‍රමයේ පොඩ්ඩා පාසල තුලදී ගුරුවරුන් හා යහලුවන් තමන්ට වෙන නමක් භාවිතා කල විට ” මට අයුෂ්මාන්ය කියලා කියන්න ” යැයි පවසන්නා ලෙසිනි.

කුඩා කල නම යෙදූ ආකාරය කුමක් වුවත් වැඩිවියට පත් වෙත්ම මම භාවිත නාමය සුබවාදී ද හි ප්‍රතිඵලය කුමක් ද යන්න පිළිබඳව දැනුවත් ව කටයුතු කිරීම වඩා වැදගත් ය .

බොහොම අවධානයෙන් මේ ලිපිය කියවන්න ජාතියක් ලෙස අපිට වැරදුනේ කොතනද කියලා තේරේවී. හැමෝම නිවැරදි කරන්න බැහැ. වයස් භේදය පැත්තකින් තියලා තමන්ව නිවැරදි කර ගන්න.

නාමයක් සුභ විම ප්‍රථිඑලධායක වීම හා බලවත් විම විය යුත්තේ ඇයි කියන එකට මම ආශ්‍රමයට සමීප දරුවන් දන්න උදාහරණයක් කියන්නම්…

ආශ්‍රමයේ පොඩ්ඩගේ පලමු නම තියා තිබුනේ ලංකාවේ මාධ්‍ය තුල ජනප්‍රිය කෙනෙක්… එවකට අම්මා හෝ මා මේ ශාස්ත්‍රයක් ප්‍රගුණ කොට තිබුණේ නෑ. නමුත් අම්මා ශබ්ද විද්‍යාව ප්‍රගුණ කළ පසු දරුවාගේ නම වැරදි බව වටහා ගන්නවා.එවකට ඔහු සිටි සිංහල මාධ්‍ය පාසලෙන් ඉංග්‍රීසි මාධ්‍ය පාසලට ඇතුල් කරද්දී අම්මා එතෙක් පැවති නම වෙනස් කරනවා.

කෙසේ හෝ ඉංග්‍රීසි මධ්‍ය ළදරු පාසලකට ගිහින් හොදම සිසුවා විදියට රජයේ පාසලට ගිය දරුවා පිලිවෙලට ඉංග්‍රිසි හෝඩිය ලියාගන්න බැරි තත්වයකට පත්වෙන කොට තුනේදී තීරණය කරනවා ුව ඉන් ඉවත් කරලා ඉංග්‍රීසි මාධ්‍ය පාසලකට දමන්න.

පිලිවෙලට ඉංග්‍රීසි හෝඩිය ලියන්න බැරි දරුවෙකු ඉංග්‍රීසි මාධ්‍ය පාසලකට……

ඔහුව පාසලට ඇතුළු කරලා මාස හයකට පස්සේ cambridge හා elocution පළමු විභාග දෙක තියෙනවා. Cambridge වල 15 shield තියෙන්නේ පාසලෙන්ම ළමුන් හතර දෙනෙක්ට elocution වල ලකුණු සීයෙන් සීය තිබුණේ පන්තියේ ළමයි හතර දෙනෙකුට ඒ විභාග දෙකේ හතර දෙනා අතරට පොඩ්ඩත් අයත්….

මොකද්ද කරපු එකම වෙනස වැරදියට තියෙන තිබ්බ නම නිවැරදි කිරීම පමණයි…

ඒකට තමයි බලවත් වූ නාමයක් යෙදීම කියලා කියන්නේ…..

ගොඩක් අය නොහිතා කරන ලොකු වරදක් ගැන මම පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්….

මුලින්ම තමන්ගෙ දරුවන්ට සුබයි කියලා හිතාගෙන නමක් දා ගන්නවා. හැබැයි ආදරේට සුදු, චූටි, පැටියා වගේ නම් මෙන්ම යෙදු නමෙන් කෙටි කරපු කෑල්ලක් භාවිතා කරනවා. අවුරුදු දොළහක් පහළොවක් වෙනකන් හෝ සමහර විට ජීවිත කාලෙම වැඩිදෙනා හඳුනාගන්නේ ඒ නමින්…. මේක සම්පූර්ණයෙන්ම වැරදි කාරණාවක්.. පොඩිකාලේ ඉඳංම සුභව දාපු මුල් නමින් දරුවාට කතා කරන්න.

දෙවැනි අවස්ථාව ආදර සබඳතා හෝ විවාහයක් සමග ඇතිවෙන තත්ත්වය…

ඊට පස්සේ අම්මිලා තාත්තිලා රත්තරංලා එකී මෙකී නොකී නම් බොහොමයක් හැදෙනවා ඉතුරු ජීවිත කාලය ම කියැවෙන්නේ ඒ නම්…. හොඳට මතක තියාගන්න එහෙම හැදෙන නම් බොහොමයක් අසුබයි. එතෙක් තමන් තුළ තිබුණු ස්ථාවර බව දිය වෙලා යන බව තමන්ටම තේරෙන්න ගනීවි.

ඉන්පසු යාළුවෝ යොදන නම් බොහෝ වෙලාවට මේවා අකුරු දෙකේ නම් ඒවා වලත් තියෙන්නේ සුභ බවක් නොවෙයි.

හැමවිටම උත්සාහ කරන්න සුබවාදීව යොදාගන්න නාමය තමන්ගේ අනන්‍යතාවය කරගන්න.

හැබැයි මෙතන අවධාරණය කළ යුතු කාරණාව කුත් තියෙනවා. මුලින් යෙදූ නම සුබවාදී ම ද කියන එක ගැන 100% ක විශ්වාසයක් පැවතිය යුතුයි.

ඉන්පසු මතුවන ගැටලුව තම තමන්ගේ දැනට භාවිතා කරන නම තමන්ට ගැලපෙනවද කියල බලා ගන්නෙ කොහොමද කියලා….

එයට කියන්නේ නාම විග්‍රහය කියලා . ශාස්ත්‍රය හොදින් දන්නවනම් අපට උත්පත්තියේදි පටබදින නාමය තුළින් අපේ සමස්ථ ජීවිතයේම ගමන් මග කිවහැකියි. නාම විග්‍රහයක් තුළින් එ නම තුළින් ජීවිත කාලය පුරා අත් විදින්නේ සුභ තත්වයක්ද අසුභ තත්වයක්ද එම නාමය තුළින් තම දෙමාපියන්ට අනාගත බිරිදට අනාගත දරුවන්ට අත්වන තත්වයන් ගැන පවා ගැඹුරින් කිව හැකියි . එවිට නමකින් ඇතිකරන සුභ අසුභ බව මත තීරණය කල හැකියි මෙම නාමය වෙනස් කල යුතුද කියන කාරණය.

ගැටලුව මේ දිනවල දින නියමයක් නොමැතිව ආශ්‍රමයේ කටයුතු නවතා ඇති පසුබිමක් පවතින්නේ. අන්තර්ජාලය තුලින් ශාස්ත්‍රීය කාරණා සිදු කර දීමට අම්මා කැමති නෑ. අම්මා දකින්නේ එය සාස්ත්රය හෑල්ලුවට ලක් කීරීමක් බවයි. එහෙත් පවතින වාතාවරණය පිළිබඳව දිගින් දිගටම කරුණු පැහැදිලි කිරීමකින් පසුව බොහොම අපහසුවෙන් අම්මා ඒ දේ වෙනුවෙන් එකඟ කරවා ගත්තා. හැබැයි දරුවන්ට ලොකු වගකීමකින් කටයුතු කරන්න වේවි. මොකද තමන්ට ලැබෙන්නේ ලොකු පහසුකමක්. ආශ්‍රමය කරා පැමිණීම කින් තොරව තමන්ගේ දරුවන්ගේ නාමයන් තුළ දෝෂයක ඇත්නම් එය විසඳා ගැනීම ට අන්තර්ජාලය තුලින් ඉඩ පහසුකම් ලැබීම විශේෂයෙන්ම කොළඹින් දුරබැහැර ඉන්න දරුවන්ට මං හිතන්නේ ලොකු සහනයක්. ඒ නිසා ඒ තත්ත්වය රැකගන්න දරුවන් තමන්ගේ විනය ශික්ෂණය කැපවීම හොඳින්ම රැකගෙන මේ කටයුත්ත කරගන්න

ඒ සදහා වට්ස්ඇප් හරහා යොමු වීමෙන් අම්මා වෙතින් එම කාරණාවන් ඉෂ්ඨ කරගන්නට පුළුවන් වේවි.

හැබැයි ඒවෙනුවෙන් පුංචි ගුරු පඬුරක් වැය කරන්නට නම් වේවි.

ඒ ඒ උදෙසා ගත කරන්නට වෙන කාලය හා වෙහෙස වෙනුවෙන්….

තම නාමයේ ස්වභාවය ගැන ” නාම විග්‍රහයක් ” ලබා ගන්නට අවශ්‍ය දරුවන් ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දෙන්න යැයි සටහන් කොට ආශ්‍රමයේ දුරකථන අංකය වන 0777964474 ට අම්මාට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

තම වට්ස්ඇප් ගිණුමේ ප්‍රොෆයිල් පික්චර් එක සඳහා සත්‍යය රූපයක් දිගින් දිගට පවත්වා ගත නොහැකි දරුවන් පණිවිඩ යෙදීමෙන් වලකින්න.

 

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
නදීකා චමාලී පනාගොඩ

5 1 vote
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x