හෙළ නාමකරණය

වැරදියට හා නිවැරදිව නමක් පටබදින හැටි

මම මුලින්ම දැනට ලංකාවේ දරුවකු ඉපදුනාම නමක් දමා ගන්න භාවිතා කරන ක්‍රමවේද කිහිපය ගැන කියලා දෙන්නම්…

1 . සාම්ප්‍රදායිකව අපව හුරුකර ඇති ක්‍රමය

අද උදේ 1010 ට පිරිමි දරුවකු උපදිනවා. තාත්තා රෝහලේ ඉඳන්ම පවුල් දෙකේම දෙමව්පියන්ට මේ ගැන දැනුවත් කරනවා…..

ඊට පස්සේ වැඩිහිටි දෙමව්පියෝ තමන් දන්න කියන ජ්‍යොතිෂ මහත්තයෙකු ළඟට උපන් වෙලාව අරන් යනවා. දරුවාගේ කේන්දරේ හදාගන්න සහ නමට අකුරු ටිකක් ගන්න.

දැන් අපි බලමු ඒ දරුවාට ලැබෙන අකුරු මොනාද කියල …..

වැඩිහිටි පාර්ශව දෙකෙන්ම කතා කරලා කියනවා මේ දරුවාගේ ලග්නය මිථුන නැකත රෙහෙන කියලා….

දෙගොල්ලොම එකතුවෙලා ඒ අයට දීපු අකුරු ටික ඉදිරිපත් කරනවා….
ඌ, ස , ත, ථ ,ද , ධ , න , ඔ , ව , වි , වූ ,

දැන් මේ අකුරු ටික කොහොමද තෝර ගත්තෙ…

ලංකාවෙ ජෝතිෂ්‍ය උගන්වන තැන් කිහිපයකින් මුද්‍රණය කරපු පොතක් තියෙනවා ඒකට ලිත් පොත කියලත් කියනවා….
මේ පොතේ තියනවා එක තැනක ලග්නෙට දිය යුතු අකුරු , නැකතට දිය යුතු අකුරු දිනයට දිය යුතු අකුරු ආදී ලෙසින් මෙන්න මේ අකුරු ටික ඔක්කොම එකතු කරලා තමයි ඔය අකුරු ටික දෙන්නේ

දැන් පවුල් දෙකේ අය ඔය අකුරු මුලට අරගෙන විවිධාකාර ලස්සන ලස්සන නම් ලයිස්තු පිටින් ලියනවා.
ලස්සන නම් නැති වෙනකොට දුන්න අකුරු වලට ඇලපිලි පාපිලි කොම්බු දාලා තවත් නම් ලයිස්තුවට එකතු කරනවා.

උදා – ස අකුරට සා සෙ සො සෝ සු සූ සි සී

පලවෙනි නමත් දෙවනියට දාන නමත් වාසගමත් එකතු කරලා නම් බොහොමයක් හදනවා. ඉපදුනු දරුවාගේ අම්මයි තාත්තයි ලොකුම අර්බුදයකට මැදි වෙන්නේ ඔතනදි දරුවා තමන්ගේ උනාට දෙපැත්තෙම කට්ටියගේම මූණු හොඳ කරන්න ඕනේ නිසා දරුවාට තෝරගන්නෙ කවුරු දීපු නම ද කියලා ලොකු ගැටලුවකට මැදි වෙනවා. සති ගානක් යනකල් නමෙහි ගැටලුව එහෙට යනවා මෙහෙට යනවා. අවසානයේ කැමති අකමැතිකම් හිත් හොඳ වීම් නොහොඳ වීම් තරහ මරහ වීම් අවසානයේ සැමියාගෙ පැත්තෙන් නමයි බිරිඳගෙ පැත්තෙන් නමයි සැමියාගෙ වාසගමයි එක්ක නම ලියාපදිංචි කරනවා.

දෙවන ක්‍රමය

ලංකාවේ දැන් වෙනම මොඩන් කියලා හිතන සමාජයකුත් තියෙනවනේ….

එහෙම පවුලකට දරුවකු උපදිනවා.. එ අයට මහා පවුල්වල අම්මල තාත්තලගෙ කතා වලින් වැඩක් නෑ. දැන් සමාජය වෙනස් ඔය සාම්ප්‍රදායික මතවාදයන් වැඩක් නෑ කියලා internet එක search කරලා නම් හදන ආයතනයක් හොයාගෙන ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ගෙවලා නමක් ඉල්ලනවා…
ඒ අයට බොහොම කෙටි වෙලාවක් ඇතුළත නමක් යෙදීම උදෙසා භාවිතා කළ හැකි අකුරු 30/40 එක්ක ඉංග්‍රීසි හුරුව සහිත නම් 7/8 ක් හා සිංහල හුරුව සහිත නම් 7/8 කුත් ඊමේල් හරහා ලැබෙන වා.

එවා ඇති නම් වලට අමතරව තනි තනි නාමයන් ලයිස්තුව කුත් ලැබෙනවා . මේවා මාරුකොට ගෙන තමන්ට කැමති ලෙසකින් නමක් යොදා ගත හැකියි.
මෙලෙස තෝරාගන්නා නම් කීපයක් හා වාසගම සම්බන්ධ කොට එම නම ලියාපදිංචි කරනු ලබනවා.
වර්තමානයේ බොහෝ ය භාවිතා කරන්නේ මෙම ක්‍රමවේදයයි.

තෙවන ක්‍රමය

වර්තමානය වන විට සාම්ප්‍රදායික මතවාදයන් ප්‍රතික්ෂේප කරන හා නිරාආගමික රැල්ලක් මතුවෙමින් පවතින පසුබිමක ඉහත ක්‍රමවේද දෙක ම අතහැර දමා තමන්ගේ දරුවාට තමන්ට හිතෙන නමක් දමා ගන්නා පිරිසක් ද වෙයි. එය හුදෙක් ම තම කැමැත්ත මත සිදුවන්නකි

සිව්වන ක්‍රමය

පළමු ක්‍රමවේදයේ ආකාරයට අන්තර්ජාලය තුළින් බා දෙන අකුරු මත තමන් විසින් නමක් යොදා ගෙන එම නාමය සුබම දැයි පරික්ෂා කිරීම උදෙසා යම් ශාස්ත්‍රවේදීයෙකු වෙත නැවත යොමු කොට එහි පවතින සුබ අසුබ හඳුනාගෙන එම නාමය භාවිතයට ගැනීම.
මෙය පළමු ක්‍රමවේදයේ ම යම් දිගුවක් ලෙස හැඳින්විය හැකිය.

මා ඉහතින් සඳහන් කළ ආකාර කිසිවක් දරුවකු උදෙසා නාමපට බන්ධනය උදෙසා නිවැරදි ක්‍රමවේද යැයි මා සඳහන් නොකරමි.
එසේනම් නිවැරදිම ක්‍රමවේදය වන්නේ කුමක්ද ?

දරුවකු උදෙසා නාම පට බන්ධනයක් සිදු කිරීමේ දී ඒ උදෙසා වූ පූර්ණ නිදහස ශාස්ත්‍රවේදියා වෙත ලබා දීමට ඔබ සූදානම් විය යුතුය.
එයට හේතුවනුයේ මා පළමු අවස්ථාවේ දී අකුරු තෝරාගැනීම පිළිබඳව කළ විග්‍රහය තුළ දක්වා ඇති අකුරු විශාල ප්‍රමාණයම තෝරාගෙන ඇති ආකාරය ශාස්ත්‍රානුකූල නොවීම මත සුදුසුම අකුර තෝරා ගැනීම උදෙසා කාලයක් ගත කළ යුතු වීමයි.

ඉහතින් අකුරු ලබාගෙන ඇත්තේ පොදු පරාසයක් තුළ මිස ඒ ඒ දරුවාගේ උත්පත්ති බලයට හෝ දරුවාගේ කර්මානුරූපී රැගෙන යෑමට ගැළපෙන ලෙසින් නොවේ. මා පෙර දිනක සදහන් කළ ආකාරයට නම යනු කර්මය ක්‍රියාත්මක කරවීමේ යතුර නම් එම යතුර අප තැනිය යුත්තේ කර්මානුරූපී විඳවීම නිර්මාණය වීම උදෙසා නොව සුබඵල උදා වීම වෙනුවෙන් ය.

එය කළ හැක්කේ ඒ ඒ දරුවාට ආවේණික වූ සුබවාදී අක්ෂරය හඳුනා ගැනීම හරහා පමණි. එය පොදු අකුරු රටාවක් මත තීරණය කළ නොහැක්කකි.

මෙසේ හඳුනා ගනු ලබන අක්ෂරය මත එහි පද බැඳිය යුතු ආකාරය තීරණය වීම ද සිදුවෙයි. ජයග්‍රහණය වර්ධනය බලය පරිහානිය විනාශය ධන හානි ආදි විපාකයන් නිර්මාණය වන අයුරින් එම පද බැඳිය හැකි වේ. එය ශාස්ත්‍රීය කාරණාවකි…. එම නිසා නම පටබැඳ යුතු ආකාරය තීරණය කිරීම හා එය ඉටු කිරීම කළ යුත්තේ ද ශාස්ත්‍රවේදීයකු විසින් ම ය.

ඉන්පසුව පළමුව තෝරාගත් නාමයට ගැලපෙන ආකාරයෙන් දෙවන නාමයත් යෙදිය යුතුවේ. එම දරුවාගේ සමස්ත ජීවිතය තුළ ලබන ජයග්‍රහණ, පරාජය, මෙන්ම සමස්ත පවුලේ සතුට සැනසීම ද රැඳී පවතින්නේ මෙම පෙළගැස්මේ ස්වභාවය මතය. එය කිසිම විටක සාමාන්‍ය මවකට හා පියෙකුට තීරණය කළ නොහැකි අතර එය ගැඹුරු ශාස්ත්‍රීය කාරණාවකි. එබැවින් එය අනිවාර්යෙන්ම ශාස්ත්‍රවේදි යෙකු විසින්ම කළ යුතු වේ.

මෙම කරුණුවලට අමතරව තාමවාසගමට ගැළපෙන ලෙසින් හා එමගින් පරපුර වර්ධනය වන අයුරින් එයට මුලින් යෙදන නාමයන් පෙළගැස්වීම කළ යුතු වේ.
මෙම පිළිවෙලවල් නිවැරදිව නොවූ විට සිදු වන්නේ සමස්ත සාර්ථකත්වයන් වෙනුවට ජීවිතයේ යම් යම් පැතිකඩයන් බිඳ වැටීම හෝ සමස්ත පීඩාවන් නිර්මාණය වීමයි.

ඉහත දැක්වූ ක්‍රියාවලිය ඉතා ගැඹුරු වූ ශාස්ත්‍රීය ක්‍රියාවලියක් වන අතර ඒ ඔස්සේ නම් කිහිපයක් සකස් කිරීම කළ නොහැකි කාරණාවකි. එසේම එක නමක් ඉතාම සුබවාදී ව පට බැඳ ගැනීමද ඉතා අපහසුය.

නාමයක් පටබැඳීම යනුවෙන් අදහස් කරන්නේ එයයි.
පළමු අවස්ථා සියල්ලෙහිම සිදුවන්නේ නමක් දැමීමයි.

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

Blog Comments

අම්මා පටබැඳි නම කිසිදු වෙනසක් නොකරම අපේ දූට දැම්මා…සමවයස් ළමයි එක්ක ගත්තම හිතා ගන්න බැරි වෙනසක් පෙනෙනවා අපිට …බොහොම පිං….

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close