හෙළ නාමකරණය

උපාධි කොළය සිංහල ( ගෞරව ) වීම තුළ තමන් ම හිමි කරගත් තමන්ගේ විනාශය

මේ කතාව නාම ඵල විග්‍රහය අතරතුරදී මා හට ලැබුණු විශේෂ අත්දැකීමක් මතයි

එක්තරා දරුවෙකු සහ ඔහුගේ පියා උදෙසා නාම පල විග්‍රහයක් ඉල්ලා තිබුණා මා එහි නාමපල විග්‍රහය යොමුකළ පසුව ඒ දරුවාගේ පියා වෙතින් අසන්නට ලැබුණේ හරිම පුදුම සහගත කතාවක්.

යොමු කරන ලද දරුවාගේ නාම ඵල විග්‍රහය තුළ දී සිවුවේදතා සීහුමේදී අවස්ථා හතරෙන් තුනකම මාපිය විනාශය නිවේදනය වී තිබුණා. මේ නිසාවෙන් සිව් වේදතා සීහුමේ පල ඇති වන්නේ කුමනාකාරයේ දුර්වලතාවය මත දැයි පැහැදිලි කර දී එම කාරණාවන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමෙන් මව්පිය විනාශය වලක්වා ගන්නා ලෙස මා එම දරුවාගේ පියාට උපදෙස් දුන්නා.

පියා එකවිටම කියා සිටියේ මේ වන විට එය සිදුවී අවසාන බවයි.

ඒ මොහොත වන විටත් වයස අවුරුදු 7ක දරුවෙකු ගේ මව්පියන් දෙදෙනා වන ඔවුන් විවාහයෙන් ශාරීරික ම ය වශයෙන් වෙන් වී නීතිමය වශයෙන් වෙන්වීමට කාලය ගත කරමින් පවතිනවා.

” කවුද පුතේ මේ දරුවාගේ නම බැන්දේ ? බලන්න දැන් ඔයාලගේ ජීවිත වලට ඒ ඇත්තන් වග කියනවද?”

මට එක් විට ම ඇසුණු ප්‍රශ්නයයි.

” අම්මේ නම දැම්මේ මගේ බිරිඳ හා එයාගේ මිත්‍රයා”

” ඒ කියන්නේ ශාස්ත්‍රවේදියෙකු ගෙන් අකුරු ලබාගෙන ඔයාලා නමක් බැඳ ගත්තා ද ? ”

” අම්මේ මගේ බිරිඳ සිංහල විශේෂ ගෞරව උපාධියක් තියෙන කෙනෙක්. ඒ නිසා දරුවා ඉපදුනහම එයයි එයාගේ ඒ වගේම උපාධිය සහිත තවත් යාළුවෙකුයි දෙන්න එකතු වෙලා තමයි ඔය නම තිබ්බේ. ”

මේ නමේ ගැටළු ගණනාවක් තිබ්බා

පළමු කාරණාව ” සංඤක ද ” (ඳ ) යන්න උච්චාරණයේ දී කියවෙන නාමයක් වූ එය බැඳ තිබුණේ ” ද ” යන්න යොදා.

( උදාහරණයක් ලෙස කවිදු යනුවෙන් නාමය බැඳ තිබුණද උච්චාරණය වීමේ දී  කවිඳු වේ. )

ලේඛනයට අපි කුමන අක්ෂරයක් යොදා තිබුණද උච්චාරණයේ දී කියවෙන අක්ෂර යයි ශබ්ද විද්‍යාවේ දී බලවත් වන්නේ.

සිංහල ගෞරව විශේෂ උපාධිය සහ ශබ්ද විද්‍යාව යනු දෙකක්. මෙම දරැවාගේ නාමය තුළ සප්ත සීහුම තුළ කාරණා පහක් අශුද්ධ ව තිබුණා.

ඉතිරි සීහුම් කාරණා දෙක දරැවා උප්පත්තියෙන්ම සුභ භාවයට පමුණුවා ගෙන උපන් සීහුම් තාවයක් මිස එම කාරණා දෙක හෝ නාමය බැඳීම තුළ අත්‍යවශයෙන්ම සුභ කරන ලද කාරණා නොවේ.

සිව්වේදතා සීහුමේදී මාපිය විනාශය අවස්ථා තුනකින් ම නිවේදනය වී තිබුණා

සෑම මවක්ම උත්සාහ ගන්නේ ශාස්ත්‍රය නොදන්නා නමුත් තමන්ගේ දරුවා සමාජය තුළ හොඳ පෞරුෂත්වයකින් යුක්ත දරුවෙක් බවට පත් කරන්න මේ නාමය  අම්මාගේ දැනුවත්භාවය මතම බඳින ලද නාමයක් බැවින් එකී පෞරුෂත්වය බිඳ දමමින් දුබල නාමයක් වීමත් දරුවා කෙරෙහි මොන තරම් හානියක් සිදු කරනවා ද?

ගණ බැඳීම පවා ඉතාම දුර්වල ව තිබුණා
ඒ තුලින් දරුවාට ඇතිවන පීඩා අසුබ ඵල සහිතව තිබුණා. එම පීඩා දරුවාගේ අනාගත විවාහ ජීවිතය දක්වාම විහිදී තිබුණා.

බොහෝ අය හිතන දෙයක් තමයි නාමයේ අර්ථය ගැන. මම මීට කලින් දවසකත් මේ අර්ථය ගැන කිව්වා . මෙතනදී ත් මම අත්දැකපු දෙයක් තමයි මෙම නාමය “බොහෝ විද්‍යාවන් උගත් ” යනුවෙන් අර්ථය දක්වමින් පට බැඳපු නාමයක් වුණත් දැන් දරුවා මව ප්‍රතික්ෂේප කරන්නේ ඇය නිතර පහර දෙන බව කියා . මව නිතර පහර දෙන්නේ ළමයා අධ්‍යාපනයට දුර්වල බව කියා…… ඔන්න අර්ථයට වහල් වීමේ ප්‍රතිඵල…..

බොහෝ අයට ජීවිතයේ වැරදෙන තැනක් මෙතන. පසුගිය නාම පළ විග්‍රහ  සියල්ල අතරේ දී මා අත් දුටුව දෙයක් තමයි. පුතේ ඔබේ නම අසුභයි ඒ අසුභතාවය මත මෙන්න මේ ටික අත්විඳින්නට වෙනවා යැයි යම් දරුවෙකුට කියන ලද සෑම අවස්ථාවකදීම ඒ දරුවන් ප්‍රායෝගිකවම ඒ ප්‍රතිඵල ටික අත්විඳලා තිබුණා. ඒ බොහොමයක් නාමයන් පට බැඳ තිබුණේ ශාස්ත්‍රවේදීයකුගෙන් අකුරු ටිකක් ඉල්ලා ගෙන බිළිඳු නම් සහිත අන්තර්ජාල පිටුවල හා ඥාති හිතමිත්‍රාදීන් ගේ උදව් උපකාර සහිතව දෙමාපියන් තම හිතුමතයට ශාස්ත්‍රීය නොදැනුවත්කම  තුළයි. ඒවා වස් කවි වේ.

නමුත් මෙම නාමය දරුවාගේ මවගේ වැඩි දැනුවත්භාවය තුළ බැඳ ගත් වස් කවියක්.

තමන්ගේ දරුවට තමන්ම වස්කවියක් බැඳ ප්‍රතිඵලය දරුවා පමණක් නොව තමන් ද දැන් අත්විඳිමින් සිටී.

පසුගිය කාලය තුළ මම අන්තර්ජාලය තුල බොහෝ ” බිළිඳු නාම ” පිටු දැක්කා.
ඒවා අතරින් සමහරක් සිංහල භාෂාව පිළිබඳවවත් සාමාන්‍ය දැනීමක් නැති දරුවන් විසින් යම් මූල්‍යමය අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යන වෙබ් පිටු.

තවත් සමහර පිටු සිංහල ගෞරව උපාධි සහිත අය විසින් පවත්වාගෙන යන වෙබ් පිටු ත් තිබුණා.

ඒ බොහෝ පිටු දිහා බැලූ විට මම දැක්ක දුටුව දෙයක් තමයි බැලූ බැල්මට සීහුම දර්ශනය වන කාරණා දෙක වත් ඒ තුළ සීහුම් වෙලා තිබුනෙ නෑ.

බොහෝ අය ගේ එම වෙබ් පිටුවේ හෝ තමන්ගේ පුද්ගලික නාමයන් තුල පවා එම අසුබ තත්ත්වයන් පවතිද්දී සමාජයට ද අසුබ නාමයන් ඉදිරිපත් කර තිබුණා.

ඉදිරියේදී විවේකය ලැබෙන පිළිවෙළ අනුව අසුබ නාමයන් හේතුකොටගෙන ප්‍රතිඵල අත් විඳිමින් ජීවිත හානි වලට ලක්වූ දරුවන්ගේ නාම කීපයක් තුලින් මෙම තත්වය තවදුරටත් පැහැදිලි කර දෙන්නම්.

එතෙක් මෙන්න මේ උපදේශය පමණක් මතක තියාගන්න.

ඕනෑම ශාස්ත්‍රයක් ඕනෑම අයෙකුට දැරිය හැකිය නමුත් එයින් විපුල ඵල නෙළා ගත හැක්කේ හා එයින් විපුල ඵල සමාජයට ලබාදිය හැක්කේ ආත්මීයව එම ශාස්ත්‍රයන් හුරු කළ අයට පමණි.

පාසල් බොහොමයකත් ටියුෂන් තුළත් බොහෝ  ගුරුවරු ඇත. එහෙත් ඉගැන්විය හැක්කේ සීමිත පිරිසකට පමණි.

වෙදවරු බොහෝ ඇත . එහෙත් එයින් නිරෝගී සුව ලබාදිය හැක්කේ සීමිත පිරිසකට පමණි.

නීතිවේදීන් බොහෝ ඇත එහෙත් සාධාරණ තීන්දු ලබාදිය හැක්කේ සීමිත පිරිසකට පමණි.

පූජක උතුමන් බොහෝ ඇත එහෙත් ධර්මය කියා දිය හැක්කේ සීමිත පිරිසකට පමණි.

මව්වරුන් බොහෝ ඇත. එහෙත් මාතෘත්වය රැකිය හැක්කේ කීප දෙනෙකුට පමණි

පියවරුන් බොහෝ ඇත එහෙත් පීතෘත්වය රැකිය හැක්කේ කීප දෙනෙකුට පමණි

පෙදරේරුවන් බොහෝ ඇත නිවැරදිව ගෙයක් බැඳිය හැක්කේ සීමිත පිරිසකට පමණි.

සෑම ක්ෂේත්‍රයක් කෙරෙහි ම මෙය අදාළ වේ.

බඳින්නේ වස්කවියක්ද සෙත් කවියක්දැයි අවබෝධයෙන් යුක්තව නාමය පට බැඳ දරුවාගේත් පවුලේත් පරපුරේත් පැවැත්ම ඉහලට හෝ පහලට රැගෙන යෑමට දෙමාපිය ඔබට හැකියාව ඇත.

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

 

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close