හෙළ නාමකරණය

නාමයක් පටබැදීම හා නමක් දැමිම අතර ඉතා විශාල වෙනසක් පවතී .


වර්ථමානය වන විට ශාස්ත‍්‍රය නොදත් සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ බොහෝ ශාස්ත‍්‍රවේදීන් පවා මේ කාරණයේදී නමක් දාන්න එහෙමත් නැත්නම් නමක් තියන්න පෙළෙඔනවා මිස නාම පට බැදීමක් උදෙසා උත්සුක නොවිම නිසා ශාස්ත‍්‍රය අභාවය කරා යමින් ඒ තුලින් පරම්පරාගතව ජාතියේ වැනසීම ඇතිවී ඇති බව පෙනී යන කරුණක් .

මේ පිළිබඳව විටින් විට බොහෝ දැනුවත් කිරීම් කලද තවමත් අවසානාවකට 10 % ක් තරම් ප‍්‍රමාණයකටවත් මෙය වැටහී නැති බවයි දිනෙන් දින හැගී යන්නේ .

මීට පෙර අවස්ථාවකදී මා කියා සිටියා ජාතිය ගොඩනැගීමත් තවත් එකෙක් කරනතුරු බලා නොසිට තම තමන්ට හැකි කොටස කරන්ටය කියලා

දෙමාපියන් වශයෙනුත් ශාස්ත‍්‍රවේදීන් වශයෙනුත් ජාතිය ගැන හිතනවා නම් එය නාමය පටබැදීම කියන කාරණාවේදී ඉතා විශාල කාර්්‍යභාරයක් ඉටු කල හැකි බව සිහි තබාගත යුතුයි.

නාමයක් පට බැදීම කියලා කියන්නේ ලැබෙන අකුරකට කුමක් හෝ නමක් තියා ගැනීමට නොවේ .

නාමයක් පට බදිනවා කියා කියන්නේ ඉල්ලමක් ගොඩට ගෙන ඒ අතරින් මැණීකක් සොයා ගැනීම හා සමාන කාර්්‍යයක් .
එය ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවේ . නමුත් එසේ ඉතා අපහසුවෙන් ලබා ගන්නා මාණික්‍යය ජීවිත මොනතරම් සමෘද්ධිමත් කරනවාද?

ඒ තරම්ම සප්ත සීහුම් ප‍්‍රකාරව පට බැන්දාවු නාමය පරම්පරාවකම අභිවෘද්ධිය ඇති කරවන යතුරයි.

මොනතරම් කැගසා කීවත් තවමත් දකින්න ලැබේන්නේ ශුද්ධව තැබු නම් පට බැදුම් නොවේ .

දරුවනේ බුද්ධියෙන් හිතපල්ලා මේ කියා දෙන කාරණාව ගැන මා මෙතනදී කියා දෙන්නේ නම් පට බැඳුමක සම්පුරණ කාර්්‍යයම නොවේ ,

ශාස්ත‍්‍රය නොදත් දරුවන්ට තේරුම් ගත හැකි අත්‍යාවශ්‍ය ම එක් කරුණක් පමණක් සරල බසින් කියා දෙන්නම්.
මේ උත්සහය ජාතියට වැරදුන තැන කියා දෙන්න .

නාමයක් පට බඳිද්දී ගණ සීහුම කියා කාරණාවක් තියෙනවා.

මේ ගණ සීහුම ප‍්‍රකාරව අශුභ ගණ හතරක් සහ ශුභ ගණ හතරක් පවතිනවා.

සුභ ගණ හතරින් පිලිවෙලින්

ජය සම්පත් ලාභ
බල තේජස් ආයු
සෙත් යසස
ආයු ධෛර්්‍යය අභිවෘද්ධිය යනාදී සුභ ඵල ජීවීතවලට ලගා කරවන අතර

අසුභ ගණ හතරින් පිලිවෙලින්

ලෙඩ රෝ දුක්
ශෝක මරණ බිය
උමතු බව
ව්‍යසන ධනහානී යනාදී අසුභ ඵල ලගා කරවයි .

ඒ විතරක්ම නොවේ නාමයන් දෙකක් භාවිතා කිරීමෙදී ගණයක් පරව ගණයක් යෙදීම තුලත් ප‍්‍රථිඵල ඇති වෙනවා .
ඒ නිසා බන්ධනය කොට ඇති ගණයන්වල ස්භාවය අනුව ඒ ප‍්‍රථිඵලයත් සුභ හෝ අසුභ වෙනවා.

ඒ කොසේද යත් සුභ ගණයක් පරව සුභ ගණයක්ම යෙදීමෙන්
ශ‍්‍රී සමෘද්ධියඇතිවීම
ජීවිතයට ජයාදිය ගෙනදීම
සර්ව කාර්්‍යය සිද්ධිය
ප‍්‍රභූත්වය ලැබීම
සියලූ ලාභයන් ඇතිවීම ආදී සුභ ඵලයන් ඇති වීම සේම

අසුභ ගණයක් පරව අසුභ ගණයක්ම යෙදීමෙන්
ශූන්‍යත්වය බන්ධු පීඩාදිය ධනහානි ශෝකය ධෛර්්‍යය හීන වීම බන්ධු වෛරයන්ට ලක්වීම භාර්්‍යාව විනාශ කිරීම
තම විනාශය ඇතිවීම හා සිය කුලය නැසීම ආදී වු අසුභ ප‍්‍රථිඵල ජීවිත කරා රැුගෙන එනු ඇත .

හැරිලා බැලූවොත් අප මේ ටික අද අත් නොවිදීද ?

මේ සප්ත සීහුම් ප‍්‍රකාරයේ අවසන්ම සීහුමේ ප‍්‍රථිඵල පමණක් නම් ඉතිරිය ,,,,,,,,,,,

තේරුම් ගෙන නිවරදි කරගත්තොත් ජාතිය නිවරදි මගට අපට පුලූවන් වේවී අවම වශයෙන් තව අවුරුදු 15 කින් 20 කින් වත් බලවත් ජාතියක් යලි ගොඩ නගන්න ,

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close