හෙළ නාමකරණය

පරපුරම බලවත් කරන සුභ නාමය

හෙළ භාෂාව යනු ජිවමාන භාෂාවකි. ජිවමාන භාෂාවකින් බොහෝ වැඩ ගත හැකිවෙයි. සෙත් කවි වස්කවි මංත‍්‍ර ස්තෝත‍්‍ර ආදි සියල්ලම පවතින්නේ ජිවමාන භාෂාවක් තුළ පමණි. ඉංග‍්‍රීසි භාෂාව තුළ මෙවන් වු දේ නොමැත්තේද එබැවිනි. එනම් ඉංග‍්‍රීසි භාෂාව යනු මළ භෂාවකි.භාෂාවක පුද්ගල නාම යනු ප‍්‍රධානම අංගයකි.

නාමකරණය යනු විවිධාකාර වේ. එනම් අළුත උපන් දරුවකු සඳහා වන නාමකරණය , ව්‍යාපාරයක් සඳහා වන නාම කරණය හා ගෘහ නාමකරණය යනාදි වශයෙනි.  වර්ගය කුමක් වුවත් නාමකරණය යනු එකම පිහියක දෙපැත්ත හා සමවුවකි. තවත් ආකාරයකින් කියන්නේ නම්  නාමකරණයේ වැරදි නිවරදිතාවය මත එයම තමාට සෙත් කවියක් හො වස්කවියක් විමට ඉඩප‍්‍රස්ථාව පවතින බවයි.

විවිධාකාර වු සුභ හා අසුභ ප‍්‍රථිඵලයන් සහිතව සුභ වු හෝ අසුභ වු හෝ නාමකරණයක් භාවිතා කරන්නට  ඕනෑම පුද්ගලයෙකුට සිදුවේ. හෙළ ශාස්ත‍්‍රිය ක‍්‍රමවේදයන් වැළලීයෑම හා බටහිර නාමකරණයට මුල්තැනක් දීම මතම ඉන් අසුභ ඵල සමස්ථ සමාජය කෙරෙහිම බලපානු ලබන්නේය.කෙසේ වෙතත් ශාස්ත‍්‍රයේ පිහිට පතන ඔබ කිසියම් මට්ටමකට හෝ  ඔබේ නමක්  සකස් වන්නේ කෙසේදැයි දැන සිටිම ඔබට යම් තාක් දුරකට නිවරදිම මග යන්නට රුකුලක් වනු ඇත. එබැවින් නාමකරණයක් නිවරදිවම විය යුත්තේ කෙසේදැයි අපි වටහා ගනිමු.

පුද්ගල නාමකරණය

අළුත උපන් දරුවකුගේ වේලාපත්කඩයට අනුව අතැම්හු ලග්නයටද ඇතැම්හු දිනයටද ඇතැම්හු නැකතටද ඇතැම්හු පාදයටද නාමක්‍ෂර සපයා දෙති. ( නාමක්ෂර යනු නාමයක් පට බැඳීම හෙවත් දරුවෙකුට නමක් තැබීම පිණිස භාවිතා කරන අකුරයි නැතහොත් අක්ෂරයයි.) එහෙත් නිවරදිම ක‍්‍රමය මෙය නොවේ යැයි ඔබ දන්නවාද.  බොහෝ විටක අළුත උපන් දරුවකුගේ මුල්ම ජන්ම පත‍්‍රය සකස් කරනු ලබන ප‍්‍රථම ජ්‍යෙතාෂවේදියා විසින් නාමක්‍ෂර සපයා දීම සම්ප‍්‍රදායානුකූලවම පැවතේ.

අද වන විට මෙම නාමක්‍ෂර ලබා දීම ඉහතින් දැක්වු එක් සිහුමකට (ශාස්ත‍්‍රයේදී ගැලපීම සිහුම් වීම ලෙස අර්ථකථනය වේ ) පමණක් සිමා වි සිදු කරතත් නිවරදිම ක‍්‍රමය එය නොවේ.  එක් සීහුම්කට පමණක් සීමා වූ අකුර ක්‍ෂණිකව මෙන්ම පහසුවෙන්් ඔබට ලැබෙනු ඇත.  නාමක්‍ෂරයක් ලබා ගැනීම පිණිස බලා සිටින්නට සිදු නොවනු ඇත . එහෙත් ඇතැම් විට එකී නාමක්‍ෂරය ඔබේ දරුවාගේ මුළු මහත් අනාගතයම අදුරු කරවිමේ හැකියාව සහිත එකක් වීමටද හැකියාව පවතී.

ජන්මියාගේ උප්පත්ති ග්‍රහ බලයට අනුව හිමි නාමක්‍ෂරය ඉතා සුක්ෂමව තෝරා බේරා ගැනිමට ජ්‍යෙතිෂවේදියා ශාස්ත‍්‍රය දත යුතුය. එය මුලික අදියරයන් කිහිපයකින් යුතුය.

සප්ත ( 7 ) සීහුම් ප්‍රකරණයක් වන නාම පට බන්ධනය තුල නාමාක්ෂරය සීහුම් කිරීම සඳහා පමණක් සීහුම්තාවයන් පසෙකි ( 5 ). නාමක්ෂරය සිහුම් කර ගැන්ම කොයිතරම් වැදගත්ද යන්න ඔබට ඒ තුලින් වැටහිය යුතුය.

එසේ  සිහුම් ගණනය කොට නියම වු අක්ෂරය ලබා දුන් පමණින් ඉන් තම සමාජ තලයට පන්තියට ගැලපෙන ආකාරයේ නමක් හුදෙක් ශාස්ත‍්‍ර නියමයන්ට පටහැනිව තැබුවේ නම් එයින්ද  අවැඩක් විය හැකිය. යම් ලෙසකින් ජ්‍යෙතිෂවේදියා සුසිද්ධව සීහුම් කොට දුන් නාමක්‍ෂරයෙන් පවා ඵලක් නොවන අවස්ථා පැවතිය හැකිය.

ශාස්ත‍්‍රයෙහි හැසිරෙන්නා සේම ඉන් ඵල ලබන්නාද අතීතයේදී එය දේවත්වයෙන් ඇදහුහ. අතීතයේදී නාමකරණය ජ්‍යෙතිෂවේදියාගේම කාර්්‍යභාරය විය. නාමක්‍ෂරය ඔහු විසින්ද නාමකරණය වෙනත් අයෙකු විසින්ද නොකෙරුණේය. (මෙයින් අදහස් කරන්නේ නමට අකුර ජ්‍යෙතිෂවේදියාගෙන් ලබාගෙන තමන් නමක් තබා ගැනීමයි) ඇතැම් සුවිශේෂිම වු විටක එසේ කලද එය මනා  ගණ බැඳීමකින් සුසැදිව සිදු කලේය. ඉන් යහපතක්ම මිස අයහපතක් සිදු නොවිනි.

එක් දරුවකු උදෙසා සිද්ධ සිහුම් ක‍්‍රමයට තත්වාකාර ගන බන්ධනයකින් තොරව තබන නාමයක අයහපත් වු ප‍්‍රථිපල ඔහු හෝ ඇය පමණක් නොවිඳිනු ඇත .  මේ කියන්නේ කුමක්දැයි යන්න වටහාගන්නට ඔබ බුද්ධිමතෙකු විය යුතුය. අප දෙයාකාරව නම් තබන ලද දරුවන් දෙදෙනෙකු හදුනා ගනිමු.

සුසිද්ධ සීහුම් හා තත්වාකාර ගණ බන්ධනයක් සහිත වු නිවැරදිම නාමයක් හිමි ජිනසිරි හා එසේ සීහුම් නොවුනු නාමයක් හිමි සිරිදාස යන දෙදෙනා එකම සමාජ තලයක සම දේපල හිමි  රදල පවුල් දෙකක යැයි සිතමු.

x සියලූ සිහුම් සුසිද්ධ වු ජිනසිරි

සිය කුඩාකල දෙමාපියන්ට ලැදිව කීකරුව තම ජන්මයානුකූල වු අධ්‍යාපනයක් ලත් හා ඉන් පරතෙරට පත් නිසි කල ආවාහ විවාහ ලබන පිංවත් දරුවන්  පරපුරට හා සමාජයට දායාද කරන වංශය බබළවන උප්පත්තියට වඩා මරණය සැපවත් වු එලොව මෙලොව දෙලොවටම වැඩදායක වු සත් පරුෂයෙක්ම වන්නේය.

x තත්වාකාර ගණ පිහිටුවීමකින් තොරව තැබු සිරිදාස

කුඩා කල සිටම විවිධ ව්‍යසනයන්ට ගොදුරු වන දෙමාපිය අණසක තුල නොපිහිටන කුමන හෝ ශාස්ත‍්‍රයක නිපුණ නොවන දෙමාපිය සහෝදර ඵල පවා නොලබන උරුමයන් වනසන වංශය වලලාදමන උපතට වඩා මරණය දුක්ඛිත වු එලොවට තියා මෙලොවටවත් යහපත් නොවු අසත් පුරුෂයෙතුම වන්නේය.ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජගත වන දරු මුණුපුර පරපුරද එසේම අසාර්ථක වුවන් විය හැකිය.

ඒ වළලා දැමු වංශයකට පණ දීම මෙන්න බිදවැටුනු පරපුරක ආර්ථිකයක් ගොඩ නැගීම ඉතාම පහසුවෙන් කල නොහැකි බැවින්  බුද්ධිමත්හු  මෙය තව තවත් දිර්ඝ කොට මනසින් සිතා බලන්නේ නම් වර්ථමානය වන විට ලාංකීය පවුල් එ්කක 100 ක් ගැනීමේදී ඉන් 80 ක්ම බිඳ වැටුනු මානසික ආර්ථික පාරසරික උරුම ලද්දෝ වන්නේ ඇයිදැයි නියමාකාරයෙන් වැටහෙනු ඇත .

නාමකරණයේදී සිදුවන වැරදි ගණ බන්ධනය මත සිදුවන සුභ හෝ අශුභතාවයන් කිපයකි. සුභ ගණ 4 ක්ද අසුභ ගණ 4 ක්ද ශාස්ත‍්‍රයේ දැක්වේ.

x සුභ ගණ 4

සෙත් යසස
බල තේජස් ආයු
ජය සම්පත් ලාභ
ආයු  ධෛර්්‍යය අභිවෘද්ධිය

x අසුභ ගණ 4

උමතු බව
ලෙඩ රෝ දුක්
ව්‍යසන හා ධනහානි
ශෝක මරණ බිය

එසේම මිත‍්‍ර, දාස , උදාසීන හා ශත‍්‍රැ යනුවෙන් වු එම ගණ අටට ආවේණික වූ ගති ස්වභාවයන් හතරක් ඇත. දරුවෙකුගේ නාමය කොටස් දෙක තුනකින් යුක්ත වේ. එබැවින් එක් නාම කොටසකට පසුව යෙදෙන අනෙක් නාම කොටස අයත් වන ගණය අනුව වර්ග වීමක් සිදුවෙයි. වර්ථමානයේදි දෙමාපියන් විසින් පලමු නම, ලබාදෙන අක්ෂරය මුල්කර ගනිමින් තබන අතර . ගණ සුබ අසුබ බව පිළිබඳ දෙමාපියන්ට තියා ශාස්ත්‍රවේදී න් තුළ පවා දැනුම මද බවක් දක්නට ලැබේ. පලමු ගණයට ඉන්පසු තබන නමේ ගණය කොතරම් දුරට ගැලපේදැයි කියා බැලිමක් සිදු වන්නේ නැත .උදා- අ යන්න  ලැබු විට අනුර යැයි මුල් නම තබා ප‍්‍රියදර්ශණ යන්න දෙවනුවට යෙදිමේදී පලමු නමට දෙවන නම ගැලපෙන්නේදැයි ශාස්තී‍්‍රයව විමසන්නේ නැත .

නම් දෙකේ ගණ ගැලපීම අනුව ලැබෙන ප‍්‍රතිඑල.

ශ‍්‍රී සමෘද්ධිය,   ජය ලැබීම,   සර්ව කාර්්‍ය සිද්ධ බව , සියලූ ලාභද, ප‍්‍රභුත්වය ලැබිම යනාදී සුභ ඵල ලැබීම

මෙන්ම

ශූන්‍යත්වයද , බන්ධුපීඩාද, ධන හානියද, ශෝකයද, ධෛර්්‍ය හීනවීමද ,
බන්ධුන් වෛර වීමද, භාර්යා විනාශයද ,
සිය කුලය නැසිමද, විනාශයද
යන අසුභ ප‍්‍රථිඵලයන්ද ලබන බව ශාස්ත‍්‍රගතය.

බුද්ධිමත් ඔබ වඩා විමසිලිමත්ව බැලූවේ නම් ප‍්‍රතිපල සටහනෙහි වඩා වැඩි වන්නේ ශූභ ප‍්‍රථිඵලයන්ට වඩා අශුභ ප‍්‍රථිඵලයන් සහිත වු ගණ බන්ධනයන්ය.

එ අනුව බලන කල අසුභ ගණ බන්ධනයක් සහිත ව සිද්ධ සිහුම් නොවු නාමකරණයක අසුභ ඵල ඔබේ දරුවා ලබන්නේද එහි ඵලයන් ඔහුගෙන් මතු පරපුරක්ම ලබනු නියතය.

එබැවින් තම ලෙයින් උපන් දරුවාට දෙමාපියන් විසින් දිය යුතු මිල කළ නොහැකි වූ වටිනාම දායාදය වන්නේ වස් කවියක් නොවූ සෙත් කවියක් සේ පැබැඳු
” නාම පට බන්ධනයයි”

එබැවින් දීර්ඝ වු කි‍්‍රයාවලියක සුභ හෝ අසුභ ප‍්‍රථිඵල ලැබිමට ඔබත් ඔබේ අළුත උපන් දරුවාට නම් තැබීමේදී ඉහත කරුණු පිළිබඳව වඩා විමසිලිමත්ව ඉවසිලිමත්ව හා ශාස්ත‍්‍රානුකුල වීම සාර්ථක පිබීදිමක පෙරමං ලැබීමකි.

යට ගිය අපේ හෙල සියලූ ශක්තීන් තුල නාමයක වු සෙත්භාවය අහිමි වන්නේ එලෙසිනි. එය නොදැනීම හා නොකිරීම යන කරුණු දෙක ඔස්සේම සිදුවේ. ඊට සාධාරණ හේතුවක්ද පවති. අතිතයේදි පැවති ශෂ්‍ය මාරු ක‍්‍රමය වෙනුවට වත්මනේ මුදලෙහි අසිමිත අවශ්‍යතාවන් තුල විශාල වු කාලයක් එක් අයකු වෙනුවෙන් කැප කිරීමේ නොහැකියාව තුල හා මෙවන් වු කාර්්‍යයක් වෙනුවෙන් ග‍්‍රාමීය වශයෙන් සිය වෙහෙසට සරිලන මුදලක් අය කිරීමේ  නොහැකියාව මතම කාලානුරූපි  වීමට වර්ථමාන ජ්‍යෙතිෂවේදීයාට සිදුව ඇත. එහෙත් මෙහි වඩා ශෝචනියම දෙය නම් ග‍්‍රාමිය  ජ්‍යෙතිෂවේදීයාගේ නොහැකියාව මත සිදුවන මේ වරද නාගරික ජ්‍යෙතිෂවේදීයා සිතා මතාම පැහැර හැරිමයි.

එයටද හේතුවක් ඇත. 77 න් පසු යුගය තුල සියලු දෙය ” ඉල්ලුම හා සැපයුම “යන සංකල්පය මත පදනම් වීමයි.

එකී පදනමෙන් බැහැරව ” නිවැරදි දේ නිවැරදි ලෙස ” යන සංකල්පය මත පදනම්ව යළිත් මගේ හෙලය ගොඩනැගිය යුතු කාලය එළඹ ඇත.

ඇස් ඇත්තෝ ද කණ් ඇත්තෝ ද නුවණැත්තෝ ද බුද්ධියෙන් විමසා බලත් වා!

 

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

Blog Comments

“නිවැරැදි දේ නිවැරැදි ලෙස “හෙලයට ජය ,හෙලයට පන දෙන අම්මාට දීර්ඝායුෂ වේවා ???.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close