හෙළ නැකත්

අපුරු නැකැත් ආරාධනාව.............

දැනුවත් කරන්නට හිතුනා තරුණ දරුවන් නෙවේ. දෙමාපිය ඔලුගෙඩි ටික .. පසුගිය සතියේ දිනක වු අපූරු සිදුවීමක් නිසා
ආශ‍්‍රමයට ආවේ බොහොම උජාරුවට හැද පැළඳගත් යුවලක්
ඔවුන්ගේ වුවමනාව වුනේ තමන්ගේ පුතාගේ විවාහයට නැකැත් හදා ගන්නයි .

උස්සගන්නත් බැරි තරම් ලොකු පෙටිටියක් අතේ තිබුනත් මා ඔවුන්ගේ දෑත් දිහා බැලු විට මා දුටුවේ හිස් දෑත්
බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩි………..

කියාගෙනම ඉදිරියේ ඇති ආසනයේ වාඩි වෙන ලෙස මම ඔවුන්ට අතින් සන් කලා.

ඔවුන් හිතුවේ මම එහම කිව්වේ අතේ තිබුන අර පෙට්ටියට සතුටෙන් කියලා.

ඔවුන් වාඩි වුනේ නෑ.

හේතුව මා ඉදිරියේ ඇති ආසනය ඔවුන්ගේ සමාජ තරාතිරමට මදි කමක් බව මට වැටහුනා.

දෙවන නිමිත්තත් අසුභයි………….

කාරනය දනිතත්
මොකද කාරණය
මම ඇසුවේ ඒ නිමිත්තවත් සුභ වේදැයි බලන්න.

අපේ පුතාට විවාහයට නැකැත් හදාගන්න කියලා

ඇයි මමම හොයා ආවේ

අපේ පුතාගේ කේන්දරේ දරුඵල ප‍්‍රශ්නයක් තියෙනවා

ඉතින් මට පුතාට දරුවෝ දෙන්න බෑනේ

මම ආරුඪ සිනාවක් මවාගෙන කීවෙමි

අපිට මිස්ගේ නැකැත් ගැන මිත‍්‍රයෙක් කීවා

අපි හිතුවා ඒනිසා මිත‍්‍රයාගේ දුවගේ ඒ ප‍්‍රශ්නය විසදුන නිසා අපටත් පුතාගේ ප‍්‍රශ්නය විසදගන්න පුලුවන් වෙයි කියලා

මම නිහඩ දෑසින් තවත් ඔවුන් දෙස බලා සිටිමි

එකම කාරණය අපට සතියක් ඇතුලත නැකැත් ඔ්නැ. මොකද පුතාට නිවාඩු තියෙන්නෙ සතිදෙකයි එයා මැයි මාසේ 23 ලංකාවට එනවා. දුව පෙරේදා ආවා එයාලට සති දෙකයි නිවාඩු තියෙන්නෙ,

ශාස්ත‍්‍රවේදියකු තුල මනා හික්මීමක් හා ඉවසීමක් තිබිය යුතුයි.

මට ගුරු දෙවියන්ගේ හඩ පමණක් ඇසේයි.

ඔවුන් මගේ දිගු නිහඩියාව අස්සේම කියවයි.

ප‍්‍රශ්නේ පුතාගේ දරුඵල ගැනයි මොකද මේ දුවත් අපේ පුතා වගේම පවුලේ එකම දරුවා එයාලා මේ අසුවල් ව්‍යාපාරයේ ඔ්නර්. ඉතින් දරුවො නැති වුනොත් දේපල සේරම වතුරේ , අපි හිතනවා මගේ යාළුවගෙ දුවලට වගේ නැකතක් දුන්නොත් වැඩේ හරියයි කියලා මිස්ට පුලුවන්් අපේ පවුල් දෙකම ගොඩ දාන්න.

මම හිතන්නේ බැරි වෙයි කියලා මම පිළිවදන් දුන්නෙමි .
ඔවුන් මුණට මූණ බලාගනු මම දුටිමි .

අපිට මිස්ගේ වියදම කීිය වුනත් කමක් නෑ .
පියා සාක්කුවට අත යවා කහපාට මුදල් මිටියක් මගේ මේසය මත තැබීය මගේ දෑස් තවත් නලියන්නට විය .

ඉහ නිකට ඉඩොරයටම පැහී ගිය හෙයින් තවත් පව් පුරවාගන්නටම සුදානම් වෙන මහත ,
අනේ මගේ රටේ පැසුන යැයි සම්මත ඔලුගෙඩි වලට ගිය කලක්.
මා ඔබට කීවේ දෂ්ඨ නොකරන ලෙස පමණයි පුප්පන්න එපා යැයි මා කීවේ නෑ .
ගෞතම බුදුන්ගේ හඩ ද දැන් දැන් ඇසෙයි .
මම අසුනෙන් නැගිට්ටෙමි .

ඇද සිටි රෙදිපට වරක් තදින් ගසා හදාගත්තෙමි .
ඔන්න වැටුනා නම් අහුලා ගන් හොදයි .
මම කාර්යාලයෙන් නික්මුනෙමි .
දොර අසල මොහොතක් නැවතුනෙමි .
ඔය සර්පයෝ දෙන්නමත් ඇන්න ගියානම් හොදා
කියු මම ආශ‍්‍රමය ඇතුලට වැදුනෙමි .

ශබ්ද විද්‍යා විශාරද
ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලී පනාගොඩ

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x