හෙළ නැකත්

තමන්ටම සුභ නැකතකින් නව වසරේ වැඩ අරඹන්න ..


හැම වසරකම අවුරුදු නැකත් සම්භන්ධයෙන් ජ්‍යොතිෂවේදින් අතර විවිධ මතවාදයන් පැතිර යනවා..

මම අවුරුදු නැකත් වල සුභ අසුභ ගැන අදහස් දක්වන්නට උත්සහ ගන්නේ නැ… නැකත් හැදෙන්නේ පොදු රටාවකට එය හැමෝටම සුභ වෙන්නෙත් අසුභ වෙන්නෙත් නෑ….

වෛදික ක‍්‍රමය කියන්නේ හෙල අර්ථ ක‍්‍රමය වු හෙයින් එකල පොදු කටයුතු උදෙසා නැකත් තැනීමේදි මුල්තැන දුන්නේ ඒ මොහොත තුළ රජකම් කරන රජට සුභ වන අයුරින් නැකත් නිර්මාණය කිරීමටය.

මක්නිසාද යත් එකට පොදු විස්වාසය වුයේ රජුට සාමය සමෘද්ධිය සශ‍්‍රීකත්වය පැවතියහොත් ඒ රටේ ජනයා සුකිත මුදිත වන බවය.

මා එහි වරදක් දකින්නෙත් නෑ. රජුගේ තීරණ මත රටේ පැහැත්ම තීරණය වනවානම් රජුගේ සියල්ල සුභ වියයුතුයි.

එහෙත් අද මේ තත්වය වෙනස්…………

අද දියුණුව දකින්නේ වෙනස් විදියකට…

නිල් ආවොත් අපි දියුණු වෙයි….

කොළ ආවොත් අපි දියණූ වෙයි….

රතු … කහ … ඔය ආකාරයෙන් වෙනස් වෙනවා….

අපි කියලා අර්ථ කථනය වෙන්නේ සමස්තය ද? කියන එකයි ප‍්‍රධානම ගැටළුව බවට පත්වෙන්නේ….

පසුගිය කාලයේම අවුරුදු නැකත්වල මේ කඹ ඇදිල්ල තිබුණා….

අවුරුදු කාලයට කඹ ඇදිල්ලත් සම්ප‍්‍රධායක්නේ..

එයට ඉඩදීලා ඔබ අලූත් වෙන්න
…………………………………..

පොදු නැකත් රටාවෙන් පසු රාජකාරි සදහා පිටත්වීම වගේම තමන්ගේම ආයතන නැවත විවෘත කිරීම තමන්ට සුභ නැකතකින් අරඹන්න.

ඇයි මෙහෙම කියන්නේ මම මේක සරල උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්.

සෑම දිනයක නැකතක් පවතිනවා. එය නොදන්න අයත් ඉන්න පුලූවන් …

යම් පුවත් පතක පලවනවා යම් දිනයක උදේ 9.10 නව කටයුතු අරඹන්න ඉතා විශිෂ්ඨ නැකතක් පවතින බව…..

ඒ නැකතට සියල්ලන් වැඩ අරඹනවා…

යම් අයට හොද වෙනවා යම් අයට තිබුණටත් වඩා ගැටළු එනවා තවත් අයට කිසිම වෙනසක් නෑ…. ආදි ලෙසින් ප‍්‍රථිඵල ලැබෙනවා…

නැකත විශිෂ්ඨනම් එලෙස සැමටම එකම ප‍්‍රථිඑල නොලැබී යා හැකිද ?

එලෙස විය හැකියි….

ගැටළුව පවතින්නේ නැකතේ නොවෙයි . එය සමාජයට දුන් ආකාරයේයි.

…………………………………………………………….

නැකත එකලෙස සුභ නොවන්නට හේතු බොහොමයක් ඇතත් සමාන්‍ය මිනිසුන්ට තේරුම් ගතහැකි එක් හේතුවක් පෙන්වා දෙන්නම්….

මේ නැකත යෙදෙන මොහොතේ පවතින්නේ කැති නැකත කියා සිතුවොත් අස්විද මා මුල පුෂ අනුර උත‍්‍රපුටුප අද සා සියාවස නැකත් වලින් උපන් අයට මේ නැකතින් සුභ ඵල හිමි වෙන්නේ නැහැ…

බොහෝ වෙලාවට මේ නැකතින් අරඹන වැඩ කටයුතු වල බාධාවන් පිඩාවන් වර්ධනය වීම සිදුවනවා.

බෙරණ පුවපල් පුවසල රෙහෙණ හත සුවණ මුවසිරස සිත දෙනට යන නැකත් වලින් උපන් අයට මේ නැකතින් සුභ ඵල ලබා දෙනවා.

මේ නැකතින් ඉතා විශිෂ්ඨම ප‍්‍රථිඵල ලබන්නට හැකිවන්නේ රෙහෙණ නැකත හිමි අයටයි. ඔවුන් සියල්ලන් අභිබවා එම නැකතින් ලැබෙන ජවයෙන් තම කටයුතු වර්ධනය කර ගන්නවා.

වෛදික සම්ප‍්‍රධායේදී නැකතක් සෑදීමේදි සුද්ධ කලයුතු නැතහොත් ගැලපිය යුතු කරුණු පණස් හතරකින් පමණ එක කරුණකින් එය නොගැලපෙන ආකාරයයි මා පෙන්වා දුන්නේ……

කිසිම දිනක පොදු නැකතක් සැමට සුභ වෙන්නේ නෑ…..

අලූත් අවුරුද්ද කියන්නේ අලූතෙන් වැඩ පටන් ගැනීම….

අනිත් සියල්ල සම්ප‍්‍රධායට ඉඩ දීලා ඉන් පසුව තමන්ටම සුභ නැකතකින් තම රාජකාරිය හෝ ව්‍යාපාරය අරඹන්න….
හොදින් හිතන්න.

නව අරඹුමක් වන්නේ එවිටයි…..

ශබ්ද විද්‍යා විශාරද
ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලී පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close