හෙළ නැකත්

ශුභ නැකතකට බලපාන කරුණු

කිසියම් වු කටයුත්තක් ඇරඹිම උදෙසා අතිශය ශුභ නැකතක් බලාපොරොත්තු වන ඔබ පහත කරුණු පිලිබදව අවබෝධයෙන් සිටිම ඉතා වැදගත්ය.

හෙළ ක‍්‍රමවෙදය තුළ නැකතට හිමිවනුයේ විශේෂිත තැනකි.නැකත යනු උදාවන මොහොතයි. ඒ අනුව ජන්මියෙකු තම විශේෂිත කාර්යය උදෙසා පිණිස යොදාගනු ලබන මොහොත නැකතක් වෙයි. එය වඩාත් ශුභ ලෙසින් යෙදේ නම් ඊට අප ශාස්ත‍්‍රාණුකුළ සුභ මුහුර්ථියක් ලෙසින් හදුන්වනු ලබයි.

මුහුර්ථියක් නැතහොත් මොහොතක් එසේත් නැතිනම් නැකතක් නිරායාසයෙන් ශුභව පිහිටන්නේ නැත. නැකතක් නිර්මාණය කරණු ලබන ජ්‍යොතිෂවේදියා විසින් එය අංග පහකින් ශුද්ධ කල යුතුය.

එකි අංග 5 නම්

1. දිනය
2. නැකත
3. තථිය
4. යෝගය
5. කරණය

මෙය අංග පහක් බැවින් එය ලඝු කොට පංචාංගය ලෙස හදුන්වනු ලබයි.
කිසියම් වු මොහොතක් සුභ නැකතක් බවට පත්කරලීමට මෙම අංග පහ ම ශුද්ධව තිබිය යුතුය.මෙම පංචාංගය වෙන් වෙන් වශයෙන් ගත් කල එම අංග වලින් නිවේදනය වන කරුණු එකිනෙකට වෙනස් වෙයි.

1. දිනය – ආයුෂ වර්ධනය
2. නැකත – පාපය දුරුකිරිම
3. තථිය – ශ‍්‍රියාව වර්ධනය
4. යෝගය – නිරෝගි භාවය හා සාර්ථකත්වය
5. කරණය – කාර්ය්‍ය ඉටුවීම

මෙම අංග පහ ශුද්ධ වු කල්හි පංචාංගයම ශුභ වේ. එපමණක්ද නොවේ. මුහුර්තය පිණිස පංචාංගය ශුද්ධ වු දිනයේ අදාල කාර්ය්‍යට සරිලන ලෙස පිහිටන ලද ග‍්‍රහ බලය වැඩිවු තත්කාලයක්ද තෝරා ගත යුතුය.

මේ සියලූ කරුණු ශුද්ධ වු ඉතාම සුභ මුහුර්තීන් හැම විටම නොඑලබෙන්නේය. එහෙත් අතීතයේ මෙන් නොව වර්ථමානයේදි පංචාංගයම ශුද්ධ වන ආකාරයට එය යොදා ගැනීමට වඩා වෙනත් භාහිර සාධක මත පිහිටමින් පංචාංගයෙන් අංගයක් දෙකක් ශුද්ධ කර තත්කාලින ග‍්‍රහ බලය පමණක් පිහිටුවා මුහුර්ථයක් සාධනයට යොමුවීම සැබැවින්ම නිවැරදි ක‍්‍රමවේදයක් නොවේ.එසේම අද වනවිට බොහෝ ජ්‍යොතිෂවේදින් අතින් සිදුවන්නේ ග‍්‍රහස්ඵුට පොතේ සදහන් පොදු නැකත් කිසිදු ගැලපීමකින් තොරව ලබා දීමය. මෙය අතිශයින්ම සේවාලාභියාව රුවටීමකි.

එබැවින් කිසියම් කාර්යයකින් සුභඑල ලැබීමේ බලාපොරොත්තුවෙන් සුභ මුහුර්ථයක් සාදවා ගන්නට බලාපොරොත්තු වීමේදි ඔබටද ඒ පිළිබදව වගකීමක් ඇත. භාහිර හේතු සාදක මත ඔබට අවශ්‍ය දිනයට නැකත ශුද්ධ කරන්නට නොව පංචාගයම ශුද්ධ වු තත්කාලීන ග‍්‍රහබලය යහපත්ව පිහිටියාවු දිනයක යෙදෙන ශුභ නැකතකින් ඔබේ කාර්යය ආරම්භයට යොමුවීම වඩාම සුභදායී බව ඔබ විසින් පලමුකොට සිහි තබා ගත යුතුය.

මෙහිදි සේවාලාභියා තුළද අවබෝධයක් පැවතිය යුතුය. එහිදි මුලිකම කරුණ වනුයේ පංචාංගයම ශුද්ධ කොට නැකත ලබා දෙන්නේදැයි සැක හැර දැන ගැනීමය. මන්ද පංචාංගයම ශුද්ධ වු නැකතකින් කල නොහැක්කක් නොමැති නිසාය.

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Saliya Dasanayake
Saliya Dasanayake
July 2, 2020 9:18 am

ගොඩාක් පින් සිදු වෙනවා මේ පිළිබඳව දැනුවත් කළාට .

Chathura
Chathura
August 8, 2020 3:28 pm

ගොඩක් වටිනවා ස්තුතියි ගුරුතුමණි.

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x