හෙළ නැකත්

දෙවන උපත සුබ කරගන්න .....


විවාහය කියන්නේ ජිවිතයේ දෙවන ඉපදීම කිව්වොත් එහි වරදක් නෑ…

පලමු ඉපදීම අපට සැලසුම් කරන්න බෑ .

හැබැයි දෙවන ඉපදීම නැත්නම් විවාහය අපිට සැපසුම් කරන්න පුලූවන්…..

මොකක්ද මේ සැලසුම් කිරීම කියලා කියන්නේ..

විවාහය කියන්නේ නොගැලපෙන දෙන්නෙක් එ වගේම පෙර ආත්මයේ කල වැරදි වලට දඩුවම් විදින්න මේ ආත්මයට වෙන්වෙන්ව ආපු දෙන්නෙක් එකට එක්වෙලා ගමනක් යන්න දරන උත්සහයක්….

ඒ උත්සහය සාර්ථක උනොත් හොද පවුලක් ගොඩනැගෙනවා.

අසාර්ථක උනොත් ප‍්‍රශ්ණ ගොඩක් එක්ක දෙන්නා වෙන් වෙනවා….

විවාහය නැත්නම් දෙදෙනාව එකිනෙකාගේ විදවීමට ගැලපෙනවද කියලා සාම්ප‍්‍රධායිකව බලන ක‍්‍රමයන් තියෙනවනේ…

එත් මම කියන් හදන්නේ එය නොවෙයි….

දෙවන උපත ගැන….

විවාහය කියන්නේ දෙන්නෙක් එක් කටුම්භයක් ලෙස ඉපදීම..

ඒ ඉපදීම නිසි නැකත් රටාවකට සිදු කලොත් බොහෝ දේ වෙනස් කරන්න පුල්වන්…

හැබැයි මේක ඉතා කල්පනාවෙන් කල යුත්තක් ….

විවාහ නැකතක් සෑදීම ඉතා සංකීර්ණ කාරණාවක් මේ නිසාම ග‍්‍රහබලය දිහා විතරක් බලලා පෙතේ තියෙන දිනයක් ලබා දෙන්නට බොහෝ ජ්‍යොතිෂවේදින් හුරුවෙලා තියෙනවා….

නමුත් එය ඉතා වැරදියි…..

දෙදෙනෙක්ට ගැලපෙන එක දිනයක් සෙවීම වගේම ඒ දිනය තුළ සුභ නැකත් දෙලහක් පමණ පෙල ගැස්සවීම ඉතා සංකීර්ණ කාරණයක්….

මෙහි බරපතලම කාරණය වෙන්නේ ඒ දිනය තුළටම හෝ පසු දිනට යහන් නැකත් උදෙසා සුදුසු කාලයක් පෙලගැස්සවීම කලයුතු වීමයි….

විවාහයකට අදාල සුභ නැකතක් කියන කට වචනයට කථාකලත් එය මොහොතක් නොවෙයි නැකත් සමුදායක්….

එය ඉතා කල්පනාකාරීව පෙළ ගැස්විය යුතුයි.

නියමාකාරයෙන් නැකතක් හැදුවොත් නොලැබිය හැකි දේ පවා ලැබිය හැකියි.

මම මේ ලිපිය ලියන්නට හේතු වුනේ එවන් කරුණක්….

පසුගිය කාලයේ තරුණ යුවලකට විවාහ නැකතක් හැදුවා.. ඒ දෙදෙනාටම දරුඑල සම්භන්ධයෙන් බාදා රුසක් තිබුණා කර්මය ග‍්‍රහ දුබලතා ආදි සියල්ල තුළින්ම ඔහුන්ට දරුඑල පිලිබද ගැටලූ පැවතියා….

මා එ පිලිබදව කල යුතු දේවල් පැහැදිලි කර දුන්නා.

විවාහයෙන් මාස කිහිපයක් ගත වෙද්දි අදවන විට දරුඑල පිලිබදව සුභ පෙරනිමිති පහල වෙලා…

ඔහුනගේ විවාහයට ආ බාදාවන් මෙන්ම දරුඑල පිලිබද ගැටලූවත් විසදෙන්නේ නැකත නිසාම කියන විස්වාසය ඔහුන් තුළ දැඩිව තියෙනවා….

එය එසේම තමයි….

නැකත සුබනම් …. දෙවන උපත සුබයි….

ශබ්ද විද්‍යා විශාරද
ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලී පනාගොඩ

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x