පිංතුරයට කලින් නැකත් ගරු කරන්න...
නැකත් කේන්දර පිලිබදව ගරු නොකරන බොහෝ දෙනෙක් පවා විවාහය උදෙසා නැකත් සාදාගනිති. නැකතක් යනු කුමක්ද ? යන පැනයට දිය හැකි සරල උත්තරය වනුනේ නැකතක් යනු පාපය දුරුකරන ලද මොහොත යන්නයි.
විවාහය යනු වෙන්ව සිටි දෙදෙනෙකු එක්ව තනිගමනක් යෑම උදෙසා මුල පුරනු ලබන මොහොතකි. එසේම විශ්ව නියමයට අනුව මිනිසා සම්පුර්ණ වීම උදෙසා පවුලක් ගොඩනගාගැනීම උදෙසා මුලපුරනු ලබන මොහොතයි.
මේ මොහොත සම්පුර්ණයෙන්ම පාපදුරුකරන ලද මොහොතක් විය යුතුය. වෙන්වෙන්වම ජිවත් වීම උදෙසා නොවේනම් විවාහය හා බැදුණු ප‍්‍රධාන කරුණු සියල්ලම පාපයන් දුරු කල මොහොතක වීම අනිවාර්ය කරුණකි. සිංහල අවුරුදු චාරිත‍්‍ර තුළින් සිදුවනුයේ නව වසර තුළ සියල්ල අලූත් ආකාරයෙන් කිරීමට මුල පිරීමයි. අපසුගිය කාලයේදි මේ මුලපිරීමේ නැකත් වල පවතින වැරදි වලින් සිදුවු ජිවිත හානි පිලිබදව අප දුටුවෙමු.
විවාහ දිනයේ පොරුව යනු දෙදෙනාගේ එක්වීම උදෙසා විශ්ව ආශිර්වාදය එක්තැන් කරන ලද මණ්ඩපයකි. එය තැනීම උදෙසා නැකතක් දිශාවක් මෙන්ම ලීවර්ගයන්ද පවතී. එහෙත් අද එ කිසිවකින් තොරව හැමෝම නගින ෆයිබර් වලින් තැනු පොරුවකට මනමාල යුවල නගිනු දැකගත හැකි වෙයි. එය සම්පුර්ණයෙන්ම වැරදිය. කිසිදු දිනක එකම පෝරුවක දෙදෙනෙකුගේ විවාහයන් සිදුනොකල යුතුය.
මෙහි බරපතලම ගැටලූව නම් විවාහ දිනයේදි පොරුවට නගින්නට පෙර මනාලය හා මනමාලිය අත්වැල් අල්ලාගෙන ගංගා ඇලදොල උයන් වල නොයෑ යුතුය. මක්නිසාද මේ තුළින් මනමාලියට අදෘශ්‍යමාන දෝසයන් ක‍්‍රීයාත්මක වීමයි. එසේම නැකත් රටාවක් තුළ පෙලගස්වන එක්වීම එයට පෙර නුසුදුසු අවස්ථාවක නොවිය යුතුය. එසේම අදුරු කාමර තුළ මානාලිය හුදකලා වීම අදුරු පසුබීම් යෙදු තිරයොදා ජායාරූප ගැනීම නොකල යුතුය. එවා දෝස ඇතිවන අවස්ථාවන්ය.
විවාහය හා බැදුණු සෑම කරුණක් උදෙසාම ඉතා සංකීර්ණ වු අයුරින් එකම දිනයක් තුළ නැකත් 15 පමණ පෙළ ගස්වනු ලබයි . එහිදි එදින කරනු ලබන සෑම කරුණකකටම මුලපුරනු ලබන්නේ පාප දුරු කල මොහොතකය. සෑම කටයුත්තකටම මුහුණ දැමිය යුතු දිශාවක් පවතී. මනාලය මනාලිය එකිනෙකා මුලින්ම දකින්නට සුදුසු හොරාවක් ඇත .
මේ සියල්ල පසෙක ලා ජායාරූප ශිල්පියාගේ න්‍යාය පත‍්‍රයකට වැඩකරන්නටනම් නැකත් අවශ්‍ය වෙන්නේ නැත . එහිදි සුදුසු ක‍්‍රමය වන්නේ සමහර දරුවන් විවාහ ශාලාව ලබා ගතහැකි දිනයට නැකත් ඉල්ලා සිටිනවා සේ ජායාරූප ගෙන අවසන් වු විට පොරුවට නැගීමය.
ජායාරූප ගැනීම විවාහ නැකත් වලින් පසු යොදා ගැනීම ඉතා වැදගත් කරුණකි. අතරමග ජායාරූප ගැනීම නිසා යුවලට නැකත් වේලාවට විවාහය පැවැත්වෙන තැනට එන්නට නොහැකි වු අවස්ථා පිලිබදව අත්දැකීම් ඔනතරම් පවතී.
මේතනදි සිතිය යුත්තේ වැදගත් වනුයේ ජායාරූපයද නැතහොත් ජිවිතයෙන් තුනෙන් දෙකක් එක්ව ගෙවන ජිවිතය යහපත්ව පවත්වා ගැනීමද යන්න විවාහයට මුල පුරමන් සිටින තරුණ දරුවන් හොදින් සිතා බලන්න.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74