තරු වළල්ල

antique අරන් අමාරුවේ වැටෙනවද ?

මොර්ඩන් හෝම් සංකල්පය ටිකින් ටික බිද වැටෙමින් පවතින සංකල්පයක්…

මිනිසුන් ටිකින් ටික වාස්තු විද්‍යාත්මකව දෝෂ හරණය කරගෙන තමන්ගේ නිවස හදන්න පෙළඹෙමින් පවතින බව අත්දැකීමෙන් මම දකින දෙයක්…

එයට හේතුවක් තියෙනවා..

පසුගිය දශක කිහිපය තුළ වේගයෙන් රට පුරාම ගෙවල් හදලා විකුණන ව්‍යාපාර වර්ධනය වුණා…
ඔවුන් හදලා විකුණපු ගෙවල් මීලදී ගත් මිනිසුන් ඒ ගෙවල් වලින් ලැබෙන සුභ හෝ අසුභ අත්විදින්නේ මේ වනවිටයි. ඒ නිසාම සමාජය තුළ පොදු මතයක් ගොඩ නැගෙනවා.

හදලා විකුණන ගෙයක් ගන්නවනම් හොදට හොයලා බලන්න කියලා…

මේ නිසාම පසුගිය වසර දෙක තුළ වාස්තු විද්‍යාත්මකව ඒ කියන්නේ තමන්ටම ගැලපෙන ගෘහ පිංඩයකට මුලික වාස්තු සිද්ධාන්තයන් සහිතව නිවෙස් ඉදිකීරීමට උපදෙස් ගැනීමට පැමිණි පිරිස වැඩියි.

එය මා දකින්නේ ඉතා හොද ප‍්‍රවණතාවයක් විදිහටයි.

මොකද අපේ ජාතිය සමස්ථයක් විදියට බිදවැටෙන්නේ පොඩි පොඩි හේතු කාරණා ගොඩක් එකතු වීම නිසයි. එකින් එක හරි විසදෙනවනම් එය සමස්ථ ජාතියටම වන සෙතක් …..

මම මෙතනදි කියන්න හදන්නේ වෙනස් කථාවක්…

වර්ථමානයේ ගෙවල් හදන අය පැරණි පෙනුමක් සහිතව තම නිවස ඉදිකිරීමට කැමැත්තක් දක්වනවා. එය හොද දෙයක් කවදා හරි තමන්ගේ නිවස මහ ගෙයක් බවට පත්වන දිනයක් එනවා එදාට ඒ ගෙදරට ප‍්‍රථාපවත් බවක් ඇතිවෙන්න එය හේතුවක් වෙනවා…

මහගෙදර ගමේ ටිකක් පැරණි තේජාන්විත පෙනුමකට තියෙනවනම් කව්රුත් අකමැති වෙන්නේ නැහැ.

හැබැයි මේ පැරණි බව නිර්මාණය කර ගන්න කිහින් අපි නොදැනුවත්ව වැරදි ගොඩක් කර ගන්නවා.

ප‍්‍රධානම දේ තමයි පැරණි වලව් වලින් ගලවා ඉවත් කල දොර උලූවහු යෙදීම.

එයට අමතරව පැරණි පෙට්ටගම් රූප සැරසිලි යෙදීම.

සමහර අවස්ථා වලදී නිවෙස් වලින් ගලවපු ගල් පරාල උළු යොදාගෙන තම නව නිවස ඉදිකරනු ලබනවා.

මෙය ඉතා අසුභ තත්වයක් ලෙයසි මා දකින්නේ….

එයට හේතුවන කරුණු කිහිපයක්ම තියෙනවා.

දෙර ජනේල කියන්නේ දෝශයන් එකතු වෙන තැන්… පරම්පරා ගණනාවක් නිවෙස්වල සවිකර තීබු දොර ජනේල තුළ ඒ නිවෙස්වලට බලපෑ දෝසයන් රුදී පවතිනවා. එවා තමන්ගේ නිවසට සවි කරාම ඒ දෝස තමන්ටත් බලපානවා.

වහලයකින් ගලවපු පරාල කිසිවිටක නව නිවසට යෙදීම නොකල යුතුයි. එය නිවසේ ගෘහ මුලිකයාට දැඩි ලෙස හානිගෙනෙන්නට සමත් කරුණක්…

බොහෝ විට ගෙයක් කඩා ඉවත්කරන්නට වෙන්නේ ඒ ගෙය කුමන කරුණක් නිසා හෝ බාවිතයට ගත නොහැකි නිසයි. එවන් නිවසක ගල් හෝ වෙනත් දේ කියන්නේ විශ්වය විසින් යල් පැනගිය සේ සලකනු ලැබු දේවලූයි . එවැනි දේ තම නව නිවසට යෙදීම ආරම්භයේදීම අසුභ එක් කර ගැනීමක්.

අනෙක් කරුණ පැරණි ගෘහ අලංකරණ අංග නිවසට එක් කිරීම…

මම මගේ අත්දැකීම් දෙකක් කියන්නම් …

පලමු වැන්න ……………………

කුරුණැගල පැත්තේ මහ පරිමාණ ව්‍යාපාරිකයෙක්ට සම්භන්ධ දෙයක්…
හදිසියේ ව්‍යාපාරිකයා මියයනවා. නිවෙස් තුනම පාලූවට යනවා. වාහන සේල් එකේ වාහන බලවතුන් බලෙන් අරන් යනවා. මේ අතර තුර ඒ නිවසේ කෙනෙක් ආශ‍්‍රමයට එනවා. නිමිත්තක් බලන්න.

මම නිමිත්තෙන් දකින්නේ මලගිය කෙනෙක්…

මම ගැඹුරින් හොයා බලනවා.

මම දකින්නේ අමුතු වෙස් මුහුණක් බිත්තියක ගහලා තියෙනවා. ඒ වෙස් මුහුණත් එක්ක ඉතා දරුණු මුස්ලිම් ආත්මයක් ඉන්නවා….

මම ඒ ගැන ඇහුවම නිමිත්ත බලන්න ආපු කෙනා කියනවා. මියගිය ව්‍යාපාරිකයා මැදපෙරදිග රජ පවුලක මාලිගයකින් ඉවත්කල සියලූ බඩු මිලදී ගත්තලූ එවායින්ලූ ගෙවලූ තුන අලංකාර කලේ… ඒ මුණු ඉතා වටින එකක් ලූ…

ඒ රජ පවුලේ පැරණි ආත්මයක් අර මුණත් එක්ක ඉන්නවා…

මට දෙන්න පුලූවන් වුණු නිවසින් ඒ මුණ ඉවත් කර දමන්න කියන එක විතරයි…

එත් මේ වන විට සියල්ල විනාස වෙලා ඉවරයි….

දෙවන කරුණ නුගේගොඩ පැත්තේ වෙච්ච දෙයක්…

තමන්ගේ නිවස හදලා ඉවර වුණාට පස්සේ නිවසට පැරණි මේසයක් ගේනවා. කොහොම හරි ඉතා කෙටි කාලයකින්ම පවුල දෙකඩ වෙලා බිරිද ලමයි අරගෙන මහගෙදර යනවා. පිරිමියා එම සිදුවීමෙන් වසර 35 කට පමණ පසුව මා හමු වීමට පැමිණෙනවා.

නිමිත්ත බලන විට මා දකින්නේ විශාල කකුල් තියෙන පිහියකින් කඩතොලූ වු මේසයක්… මා ඒ ගැන ඇසුවම එය නිවසේ මැද තියෙන මේසය බව ඔහු පවසනවා. පිහියෙන් වු කඩතොලූව ඔහු දකින්නේ යලි නිවසට ගිමින් බලන විටයි.

හේතුව ඒ මේසය මතදි මිනිහෙක්ව පිහියෙන් ඇන මරාදමනවා. එයට හේතුව හොරකම් කරන ලද රිදී වගයක්…

ඒ රීදි ටික මේ දක්වාම තියෙන්නේ ඒ මේසේ කරකවලා ගලවන්න පුලූවන් එක් කකුලක් තුළයි. ඒ ආත්මය එතනින් මිදෙන්න ඉල්ලූවේ ඒ රිදි වලින් මල් හදලා එවා බෝධියකට පුජා කරන්න කියන එකයි. ඔහු ඒ ආත්මය නිදහස් කලා..

එත් වැඩක් තියෙනවද ඔහුගේ විවාහය බිදවැටිලා වසර 35 වෙලා… දැන් ඒ දරුවන් ලංකාවෙත් නැහැලූ…

……………………………………………………………………………………………….

හිතන්න පැරණි පෙනුමට නිවසක් හැදීම හොදයි.

අලූතින් බඩු අරගෙන පැරණි පෙණුමට හදන්න….

පැරණිදේ වටිනව වුණාට නොවටින තැනුත් තියෙන බව හොදින් තේරුම් ගන්න …

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close