තරු වළල්ල

සිරි දෙව්දුව වඩින තැන සිරියහන තබන්න

සිරියහන තැබිය යුතු ස්ථානය තීරණය කල යුත්තේ සිරියහන යන්නේහි අර්ථයද එහි වාස්තුමය හරයද අවබෝධ කරගෙනය.

චාතුම්මහාරාජික නාගයන්ට අධිපති විරූපාක්ෂ දෙව් රජතුමාගේ දියණිය කාලකන්නි හා දෘඪරාශ්ට රාෂ්ට දෙවියන්ගේ දියණිය සිරි  එක් දිනක අනෝතත්ත විල විල බලන්න යනවා.
අනෝතත්ත විල බුදු වරුන් ට පැන් පුජාවට හා දෙවිවරුන්ට පැන් බීමට වෙන්ව පැවතියා.
එහි ගිය දෙදෙනාට එයින් දිය නාන්න සිතුවිල්ලක් එනවා.

මේක විශේෂිත අවස්ථාවක් නිසා… කාලකන්නි කියනවා මමයි මුලින්ම දිය නාන්න කියලා , සිරි දේවිය කියනවා මමයි මුලින්ම දිය නාන්නේ කියලා…. ඒ දෙන්නා දෙන්නගෙ ශක්තියෙන් ගැන කියනවා… ඒ හරහා තමන්ට මූලිකත්වය හිමි විය යුතු යැයි කියනවා.

මේ දෙන්නට මේක විසඳගන්න බැරි වෙනවා… ඔවුන් පිළි වලින් එක එක දෙවිවරුන් ළඟට යනවා . කිසි දෙවි කෙනෙක්ට මූලිකත්වය දිය යුත්තේ කාටද කියන එක තියා දෙන්න බැරි වෙනවා. අවසානයේ ශක්‍රයා තීරණය කරනවා මේකට සුදුසුම විසඳුම මොකක්ද කියලා.

බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝධිසත්වයන් සුචිපරිවාර නමින් සිටුවරයකුව ඉපිද සිටියා … ඒ සිටුවරයා ඉතා දැහැමි කෙනෙක් බව තුන් ලෝකෙම ප්‍රසිද්ධයි ලු..

ඔහු ළඟ නොකිලිටි යහනක් තිබුණා ලු. එහි කිසිවකු යහන් ගත වෙන්නේ නැහැ. කිසිවෙකුට යහන්ගත වෙන්නත් බැහැ.

ශක්‍රයා කිව්වලු ඔය දෙන්නගෙ කෙනෙක්ට ඒ යහනේ යහන්ගත වෙන්න පුළුවන් වුනොත් ඇය තමයි මුලින්ම දිය නාන්නේ කියලා….

එදින රාත්‍රියේ නීල වර්ණ සළුපිළි පැළඳ කාලකන්නි සිටුවරයා ඉදිරියට පැමිණි යාලු … ඇයගේ බලපුළුවන්කාරකම් කියලා එදින රාත්‍රිය එම යහනේ ගත කරන්න අවසර ඉල්ලලා…. කොහොමහරි ධර්මය ගැන ඇසූ ප්‍රශ්න වලට ඇයට උත්තර දෙන්න බැරි උනාට පස්සේ සිටුතුමා බැනලා එළවලා….

පසුදින ඉතා පියකරු සාරියකින් සැරසුණු සිරි දෙවුදුව ආලෝක මත්ව සිටුවරයා ඉදිරියට පැමිණ යාලු…

පෙර ලෙසම සිරි දෙවුදුව එක් දිනක් එම යහනේ ගතකරන්න අවසර ඉල්ලනවා ලු… එදාත් සිටුතුමා යම් ධර්ම කාරණා ටිකක් ගැන අහනවලු. ඉතා සංසුන්ව සිරිදෙඋදුව උත්තර දෙනවලු.

ඒ ගැන පැහැදුනු සිටුතුමා සිරි දෙව්දුවට එම යහනේ ගත කරන්නට අවසර දුන්නලු.

සිරි දෙවුදුව සැතපුණු යහන සිරි යන බවට පත් වූ බවයි කියවෙන්නේ…..

මේ සම්බන්ධයෙන් ජාතක කතාවක් පවතිනවා. මට නම මතක නෑ මේක හොයලා බලන්න…..

සිරිදෙව් දුව කියලා කියන්නේ ශ්‍රියා කාන්තාව කියන එකට ඒ කියන්නේ තමන්ගේ යහන තියෙන තැන තමයි සිරිදෙව්දුව වැඩ ඉන්නේ…. ඒ අනුව සිරි දෙව්දුවට වැඩසිටින්නට හැකි තැනක තමයි තමන්ගේ ඇඳ තැබිය යුත්තේ.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x