හෙල වාස්තු

දකුණු දිශාවේ දොර සුභ ද ? . . .


මම කලින් ලියපු ලිපියක් සම්භන්ධයෙන් පොඩි දරුවෙකු මෙන්න මෙහෙම කථාවක් කියලා තිබුණා.

අර ගෙදර මේ ගෙදර අත්දැකීම් වලින් වැඩක් නෑ . දකුණු දිශාවට දොරවල් අසුභ වෙනවා කියලා කොහෙද තියෙන්නේ
පුලූවන්නම් ඒක කියන්න කියලා…

පොතේ ගුරු අධ්‍යාපන රටාවකට හුරු වුණු පොඩි දරුවෝ හැම විටම ඔය තර්ක ඉදිරිපත් කරනවා.

සාමාන්‍ය විෂයයන් වලදී ඔය කියපු කථාව හරි ඇති සෘෂි භාෂිතයන් වලදි අත්දැකීම් වඩා වැදගත් කියන එක අත්දැකීමෙන්ම තේරුම් ගත යුත්තක්…

මොකද සෘෂි භාෂිතය කියන්නේ ගැටපද ලිහිමක් හා සම වුවක් නිසයි….

සමාස සංහිතාවෙහි දක්ෂිණ ද්වාර එල පිලිබදව සටහන්ව ඇත්තේ මෙලෙසය.

අල්ප සුතත්වං පෛ‍්‍රෂ්‍යං නීචත්වං භක්‍ෂ්‍යපාන සුතවෘ‹ඃ
රෞද්‍රං කෘතඝ්නමධනං සුතවීර්්‍යඝ්්නං ච යාම්‍යෙන

දකුණු දිශාව තුළ පිහිටි ප‍්‍රධාන දෙර පිහිටන ස්ථාන ගතවීම් හතක් අනුව

දරුවන් මද වීමද

නිවසේ වෙසෙන්නන් අන් අයගේ දාසයන් නැතහොත් අන් අයගේ ක‍්‍රීයාවන් වලට යටත් වීමට සිදුවීමද

නීච භාවයට නැතහොත් සමාජය ඉදිරියේ අවමානයට අපහාසයට ලක්වීමට සිදුවීමද

නිවසේ ශක්තිය අසුභ වීමද

දරුවන්ගේ හානියද

නිවස තුළ එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය නැතිවීමද

දිලිදු භාවයට ලක්වීමද

අසුභ එල උදාවීමද සිදුවෙයි.

ද්වාරය දක්ෂිණ දිශාගත වීමේ එක් අවස්ථාවකදි පමණක් අභිවෘධිය උදාවීම සිදුවෙයි.

වාස්තු පිිළිබඳව තරමක් හෝ හැදෑරුවෙක් නම් , දස දිශාවන් නිවසේ ජිවත් වන අය අතරේ බෙදී යන ආකාරය පිිළිබඳව තේරුම් ගත හැකිය.

ඒ අනුව දකුණ යනු නිවසේ ජිවත්වන ස්ත‍්‍රී පක්ෂයට අයත් දීශාවයි.

එසේම යුග බෙදීම හා සුර්්‍යය යුග බෙදීම් අනුව වාස්තු වල ක‍්‍රියාත්මක වීම් අඩු වැඩි වන යුගයන් පිිළිබඳව දැණුම වාස්තු විද්‍යාවේ ගැඹුරුම ඉගැන්වීමකි.

ඒ අනුව අසුව දශකයෙන් පසු හා නව සුර්්‍යය යුගයේ ආරම්භයත් සමගම පොළවේ ක‍්‍රීයාත්මක වීම් වේගවත් වීම සිදුවෙයි. එවිට වාස්තු සිද්ධාන්තයන්ද එලෙසින්ම ක‍්‍රීයාත්මක වීම සිදුවෙයි.

දකුණ අයත් වන්නේ නිවසේ මව බිරිද හා දියණියට නම් අසුව දශකයට පෙර උපන් අයට මෙම දෝසයන් හරහා ඇතිවන බලපෑම මෙන් සිය ගුණයක් අසුව දශකයට පසු උපන් අයට ඇති කරනු ලබයි.

එවිට සිදුවනුයේ දකුණට පිහිටි දොරක් සහිත නිවසක මව සුභවාදීව ජිවත් වෙද්දී අසුව දශකයෙන් පසු උපන් ලේලිය එම දෝෂය හරහා පීිඩාවට ලක් වීමයි. අනෙක් කාරනය සමාස සංහිතාව ලියවුණු යුගය අනුව සදහන් කල තත්වයන් අදට ගැලපිය යුතුය. නිවසේ බිරිද හා ගැහැණු දරුවන් දාසයන් වීම හා නිච වීම යන්න අදට ගැලපෙන ලෙස සැලකුවහොත් සිතිය හැක්කේ අනියම් සබදතා සමාජ අසම්මත ක‍්‍රීයා ආදිය කෙරෙහි ඇති කරනු ලබන නැඹුරුවයි.

දකුණු දිශාවේ පිහිටි දොරට වඩා අසුභ වන කාරණා බොහොමයක් වෛදික වාස්තු හා පිරමීඩ වාස්තු ක‍්‍රමවේද තුළ පවතී .

යමක් පිළිබඳව තර්ක කල පමණින් දෝෂය දුරු වන්නේ නැත .

තර්ක කිරීමට වඩා වැදගත් වනුයේ වරද නිවැරදි කර ගැනීමය.

පිලියම් නොමැති කිසිදු දෝෂයක් නොමැතිය.

දෝෂයක් පවතින බව පෙන්වා දෙන්නේ එය දැණුවත්ව වලකා ගැනීම උදෙසාය.

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
චමින්ද
චමින්ද
February 19, 2021 8:13 am

දකුණු දිශාවට ප්‍රධාන දොරටුව හොද නෑ කියලද කියන්නේ ගුරුතුමනි. අනෙකුත් දොරටු ගැටලුවක් වන්නේ නෑ නේද

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x