හෙල වාස්තු

ලාභ නිවසේ හිල් තියෙයිද ?

ලාබයට දෙයක් විකුණන්න තියෙනවනම් අපි එය ගන්න පුලූවන්ද කියලා ටිකක් හිතලා බලනවා…

අද අන්තර්ජාලයේ ඒ වගේ ලාබ දේවල් බොහොමයක් විකිණෙනවා.

ඇත්තටම බොහෝ අය තමන්ට අවශ්‍ය දේවල් වලට වඩා ලාබ නිසා බොහෝ කුණු ගොඩවල් මිලදි ගන්නවා…..

මෙයත් ලාභය නිසා අමාරුවේ වැටෙන තැනක් ගැන කථාවක්.

පසුගිය වසර කිහිපය තුළම මට මේ පිලිබදව විවිධාකාරයේ අත්දැකීම් ලබන්නට අවස්ථාව ලැබුන නිසාම මෙය ලිවිය යුතුමයි කියා සිතුවා.

ලාබයට ලැබෙන කුඩයක් ඇදුමක් ෆෝන් එකකින් නිසි ප‍්‍රයෝජනයක් ගත නොහැකිනම් අපට පාඩු වු මුදල ගැන අමතක කර ඉවත් කර දමන්නට පුලූවන්
එහෙත් ලාභයට ලැබෙන නිවස හෝ ඉඩම ගැටලූ ගොඩක් නම් ……………..

මොකද මෙය අතහැර දමන්නට බැහැ. සමහර වෙලාවට අපේ ජිවිතයම තීරණය වෙන්නේ ඒ මත. ලාභයට තියෙන නිවසක් මිලදී ගන්න කලින් හිතලා බලනවද ඇයි මේ ගෙය අඩු මුදලට විකුණන්නේ කියලා.

නැහැ…. බොහෝ අය එහෙම හිතලා බලන්නේ නැහැ.

ඒ නොසිතීම තුළම නිවසක් විකුණන්න හේතුවන මෙන්න මේ කරුණු තීරණාත්මකයි.

පලමු කරුණ

යමෙක් තමන්ට පදිංචියට කියා හදන නිවස ටික දිනකින් විකුණා දමනවානම් ඒ තුළ අනිවාර්යයෙන්ම කුමක් හෝ අසුභ තත්වයක් පැවතිය යුතුමය. විකුණන පුද්ගලයන් කුමනාකාරයේ හේතු දැක්වීම් සිදුකලද යමෙක්ට තමන් ගොඩ නැගු නිවසින් සුබ එල හිමිවේනම් ඔහුන් එම නිවස විකුණා දමා වෙනත් නිවසකට යන්නට කිසිදු විටක සිතන්නේ නැත .

දෙවන කරුණ

නව නිවසට පැමිණිමෙන් පසු ගෙහිමියන්ගේ ආර්ථික ශක්තිය බිදවැටීම ණය ගෙවාගත නොහැකි වීම රුකියා අහිමි වීම වැනි විසදාගත නොහැකි මුදල් ගැටලූවකට මැදි විය යුතුය. ඒ මත නිවස විකුණා දැමිමට සිදු වීම.

තෙවන කරුණ

නිවස තුළට කොතරම් මුදල් ගලා අවද කිසිදු ඉතිරියක් නොවීම හා මුදල් නිකරුනේ හානි වීම වැය වීම උදෙසා කරුණු යෙදීම මත දිගින් දිගටම පවුලේ තත්වය පහල වැටීම මත නිවසින් පිටව යෑමට තීරණය කිරීම.

සිව්වන කරුණ

නිවසට පැමිණ කෙටිකලක් තුළ නිවසේ මව පියා හෝ දරුවෙකුගේ හදිසි වියෝවක් මත නිවස පිලිබදව ඇතිවන අසුබ සිතුවිලි හා මතකයන් මත නිවස විකුණා දැමිමට තීරණය කිරීම.

පස්වන කරුණ

භූමිය හෝ නිවස මුල් කර කර ගනිමින් කි‍්‍රයාත්මක වන මලගිය දෝස හෝ හදිහුනියම් බලපෑම් හේතුවෙන් ඇතිවන පිඩාවන් පාලනය කරගත නොහැකි තත්වයන් තුළ නිවස විකුණා දැමීමට තීරණය කිරීම.

හයවන කරුණ

නව නිවසට පැමිණිමෙන් පසු පවුලේ සමගිය බිද වැටීම හෝ පවුල තුළ නිරන්තර හිත් පිඩා වර්දනය වීමත් එය වෙනත් නිවසක් තුළදි නොමැති තත්වයක් බව අවබෝධ කර ගැනීමත් තුළ නිවස විකුණා දැමීම.

හත්වන කරුණ

අඹු සැමියන් මෙන්ම දු දරුවන් අනියම් හෝ අසම්මත සබදතා කරා පෙළබවීමත් එවා පාලනය කරගත නොහැකි ලෙස වර්ධනය වන තත්වයන් තුළ එයින් මිදිම වුදෙසා නිවස විකුණා දැමීම.

අටවන කරුණ

නව නිවසට පැමිණිමත් සමගම පවුලේ වැඩිහිටියන්ගේ හෝ දරුවන්ගේ සෞඛ්‍ය තත්වය දිගින් දිගටම පිරිහිමට පත් වීම හා විසදුම් නොමැති රෝගී තත්වයන්ට මැදී වීම මත නිවසීන් පිටවීමට තීරණය කිරීම.

නවවන කරුණ

අසල් වාසීන්ගෙන් ඇතිවන අයහපත් බලපෑම් හෝ පිඩාවන් මත එම පරිසරයේ ජිවත් විය නොහැකි තත්වයන් තුළ නිවස විකුණා දැමීම.

දස වන කරුණ

නව යුවලක් විසින් ඉදිකරනු ලබන නිවසකදි ඔහුන් බලාපොරොත්තු වන කාල වකවානු තුළ දරු එල නොලැබියෑමේදිද නිවසේ පවතින දෝස තත්වයන් හේතුවන බැවින් ඒ පිලිබද සොයා බලා නිවාස විකුණා දැමීමද සිදුකරණු ලබයි.

එකොලොස්වන කරුණ

ස්වාභාවික ආපදාවන් පිලිබදව ඇති අවදානම් තත්වයන් මත නිවාස විකුණා දැමිම.

දොලොස්වන කරුණ

ඉහත තත්වයන් පිලිබදව මෙන්ම වාස්තු දෝස නිවැරදි කල නොහැකි තත්වයන් තුළදි අඩු මුදලට හෝ නිවස විකුණා දමිම.

මෙවන් පසුබිමක් තුළ අදාල ප‍්‍රදේශයන් වල පවතින මිලට වඩා බොහෝ ලාබයට නිවාස ඉඩම් අලෙවි වන අවස්ථා දැක ගත හැකි වේයි.
ඇත්තෙන්ම එය ලාභයක් නොවෙයි.

මෙය කර්මයකි.

මෙය ලාභයක් ලෙසින් දැක මිලදී ගන්නට ඉදිරිපත් වන්නේ ඒ මොහොත තුළ විශ්වය විසින් දඩුවම උදෙසා තොරාගනු ලැබුවෙකුය.

ඉහතින් දැක්වුයේ සංක්‍ෂිප්ත කරුණු කිහිපයක් පමණකි. පසුගිය කාලයේ ආශ‍්‍රමයට පැමිණි බරපතල රෝගින් කිහිප දෙනෙක්ටම හේතුවෙලා තිබුනේ ලාබෙට ලැබුනු නව නිවසේ වාස්තු ගැටලූ

ඒ වගෙම ඉතා ඉහල මට්ටමේ සිටි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුත් තමන් අලූතින් මිලදී ගත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන නිසාම ආර්ථිකමය වශයෙන් ගැටලූ වලට මැදි වෙච්ච අවස්ථා කිහිපයකුත් හමුවුණා….

මෙතනදි අපි ඉතා බුද්ධිමත් විය යුතුයි. ලාභ දේ නොගැනීමම නොවෙයි මුලින්ම එය ලාභ වෙන්න හෙතුව හරි හැටි අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා.

නිමිත්තකින් වාස්තු නිගමනයන් තුලින් හා අධි මානසික දැකීම් තුළින් මෙම විකුණන නිවාස තුළ පවතින ගැටලූ විසදා ගත හැකි එවාද නැද්ද යන්න මුලින්ම අවබෝධ කරගත හැකියි. විසදුම් යෙදීමයට හැකිනම් පමණක් නිවස මිලදී ගත යුතු අතර මිලදී ගත් සැණින් පවතින වැරදි නිවැරදි කරගත යුතුය.

එයට හේතු වනුයේ සමහර දෝශ තත්වයන් ක‍්‍රීයාත්මක වු පසු කොතරම් මුදල් පැවතියත් දෝශ නිවැරදි කිරිමට සුදුසු තත්වයන් නිර්මාණය නොකිරීමයි.

මිලදී ගෙන කාලයක් ගත වන විට ඉහතින් දක්වන ලද කරුණු පිලිබද ඉගි පහල වීම් තුළදීද පවතින තත්වයන් පිලිබද මුලික අවබෝධයක් ලබා ගැනීම වඩා වැදගත්ය. යම් අවස්ථාවන් වලදි තම සුභ කාලය තුළ ගැටලූ ක‍්‍රීයාත්මක නොවි අසුභ කාලය එඹිමත් සමගම නිවාසවල දෝස ක‍්‍රීයාත්මක වු අවස්ථාද මා දැක ඇත .

උදාහරණයක් ලෙස ගතහෙත් යමෙක අප වසර 10 මෙහි හොදින් හිටියා දැන් මේ ගෙදර වාස්තු වරදින්න විදියක් නැනේ …. යැයි කිව්වොත් එය ප‍්‍රයෝගික කියමනක් නොවේ . එම වසර 10 තුළ ඔහුගේ සුභ කාලය පැවත ඇත .

කර්මය උදෙසා දඩුවම ක‍්‍රීයාත්මක කිරීම වුදේසා වාස්තු දෝසය හේතුවක් බවට පත්වෙයි.

එසේ විසදුම් නොමැති අවස්ථා වලදි කොතරම් ලාභ උවත් එවැනි නිවාස අතහැර දැමිය යුතුයි. නැතහොත් එය තම විනාශය තමන් විසින්ම සිදුකර ගැනීමක් හා සමානය.

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close