තරු වළල්ල

ගෘහ පොරොන්දමේ වැදගත්කම

පොරොන්දම් යන්න පිළිබඳව අසා තිබුනද ගෘහ පොරොන්දම් යනු කුමක්දැයි නොදන්නා බැවින් ඒ පිළිබඳව දීර්ඝව ලියන්නැයි ආශ‍්‍රමයට යන එන හා මේ පිටුවෙන් දැනුම උකහා ගන්නා දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අලූතින් නිවසක් තැනීමේදී භාවිතා කල යුතු ගෘහ පොරොන්දම යනු කුමක්ද යන්න පහදා දීමයි මේ ලිපියේ අරමුණ

එහෙත් අයාලේ යන රස්තියාදුකාරයින්ට හෝ නොදන්නා දේ දන්නා සේ තර්ක කරන පාණ්ඩිත්යන්ට මේ ලිපිය අදාල නොවන බවද මුලින්ම අවධාරණය කරමි

වර්ථමානයේදී නිවසක් හදන්නට මුලපිරීමේදී ඊට අදාල වර්ගඵලය තීරණය වන්නේ අතේ ඇති මුදලට හෝ අනුමත කර ගත හැකි බැංකුණයට අනුවයි

එහෙත් එය සම්පුරණයෙන්ම වැරදි කි‍්‍රයාවකි නිවසේ වර්ගඵලය තිරණය විය යුත්තේ පොරොන්දම් සීහුම් ප‍්‍රකාරව ගෘහ මුලිකයාට ගැලපෙන ආකාරයටයි

එනම් ගෘහ මුලිකයාට ගැලපෙන වර්ගඵලය සිහුම් කිරිම කල යුත්තේ පොරෙන්දම් බැලීම තුලිනි

යමෙක් තමා උදෙසා ගෘහයක් තනයිද එකි ගෘහයට අදාලව පොරොන්දම් ගැලපීමක් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ

එකී පොරොන්දම් ගැලපීම ශාස්ත‍්‍රානුකූලව තුන් ආකාරයකට සිදු කෙරේ

1 එකුන් දස පොරොන්දම හෙවත් පොරොන්දම් නවයක් ගැලපීම
2 ඒකා දශ පොරොන්දම හෙවත් පොරොන්දම් එකොලොහක් ගැලපීම
3 ෂෝඩෂ පොරොන්දම හෙවත් පොරොන්දම් දහසයක් ගැලපීම
මෙකී තුන් අකාරයයි

අප රටේ මෙම ත්‍රෛ ක‍්‍රමය භාවිතා කලද ඉන්දියානුවන් බහුල ලෙස භාවිතා කරන්නේ පංච පොරොන්දම හෙවත් පොරොන්දම් 5 ක් ගැලපීමයි

තම තම දැනුම ද ශාස්ති‍්‍රය හා මිනිස් වර්ගයාගේ උන්නතිය පිණිස කැපවිමේ උවමනාව හා හැකියාව මතද අප රටේ ඉහත ක‍්‍රම තුන අනුව පොරොන්දම් ගැලපීමෙන් ගෘහමුලිකයාට සීහෙන ගෘහ පිණ්ඩය සකස් කිරීම පුරාණයේ පැවතුනද අද වන විට ශාස්ත‍්‍රධාරීන් තුලින් පවා මෙම පොරොන්දම් ගැන ගෘහ පිණ්ඩය සකස් කිරිමේ ක‍්‍රම වේදය ගිලිහී ඇත

එහි ප‍්‍රථිඵලය අප අපේ ජිවිත තුලින් අත් විදිමින් සිටී

වරද වරද යැයි කියමින් දෙස් දෙවොල් තබනවාට වඩා යමක් නිවරදිව කල යුත්තේ මෙසේ යැයි සමාජය දැනුවත් කිරීම තුලින යලිත් අපට නිවරදි හෙලයක් තනාගත හැකිය

එබැවින් තවත් දිනයකදී මෙම පොරොන්දම් සීහුම් කිරීම තුල එකී නිවසට ලගා කරවන සුභතාවයන් හා දුරු කරවන අසුභතාවයන් මොනවාදැයි එකින් නෙක දැන ගනිමු

එය අද නැතත් හෙට සවිමත් හෙලයක් උදෙසා දීර්ඝකාලින පදනමක් වේවි

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලී පනාගොඩ

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
U.k.v madusanka
U.k.v madusanka
November 4, 2020 5:23 pm

ගෘහ පින්ඩය සැකසීමේ දී රියන ලෙස ගත යුත්තේ කුමන දිග ප්‍රමාණයක්ද

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x