තරු වළල්ල

වාස්තු නිවැරදි කිරිමෙන් ලැබුණු ඉඩම් වාසිය . . .

එක්තරා පැත්තකින් බැලුවොත් මේක අභියෝගයක්…..
වාස්තු පිලිබදව ලංකාවේ මිනිසුන් තුළ ඇති දැණුම මෙන්ම හැගීම අල්පය. එය මිනිසුන්ගේ පමණක් නොව ශාස්ත‍්‍රවේදින්ගේ දැණුමද ඉතා නිවැරදියැයි කිව නොහැකිය. එයට සරලම උදාහරණයක් වනුයේ වසර දහයකට පෙර ආශ‍්‍රමයේ වාස්තු සකස්කරනු ලැබුවේ අද ලංකාවේ මාධ්‍යවල දැවටෙන වාස්තු වේදියෙකි. එහෙත් මා වාස්තු හැදෑරිමෙන් පසු අවබෝධ කරගත් දෙය වුයේ ආශ‍්‍රමයේ සමස්ත වාස්තු වැරදි බවය.

එය වාස්තු වේදියාගේ දැණුම පිලිබද ගැටලූවක් හෝ ඔහුගේ වාස්තු ගුරුකුලයේ ගැටලූවක් විය හැකිය. මා පසුගිය වසර තුන තුළම වාස්තු පරික්‍ෂාකර ගැනීමට ආශ‍්‍රමයට පැමිණි මිනිසුන් අත්විදින ගැටලූවක් ලෙසින්ද දුටුවේ මෙයයි.

නව නිවසක් ඉදිකිරීමේදි වාස්තු විද්‍යාත්මකවයැයි පවසා නිමකර දෙන සැලැස්ම යලි අප පරික්‍ෂාකිරීමේදි වාස්තු වැරදි දක්නට ලැබේනම් එහි ඇත්තේ සැලැස්මක් ඇද දීමක් මිස වාස්තු විද්‍යාත්මකව ඇදිමක් නොවේ.

අනෙක් කරුණ වනුයේ ලංකාවේ සාම්ප‍්‍රධායික වාස්තු සිද්ධාන්තයන් වල භූමිය මුල් කර ගනිමින් වාස්තු නිවැරදි කිරීමක් සිදු නොවීම ප‍්‍රධාන ගැටලූවකි. එයට හේතුව ශක්ති ගලනය පිලිබදව අවබෝධයක් නොමැති වීමයි.

ආශ‍්‍රමයේදි වාස්තු නිවැරදි කිරීමේදි භූමිය හා සම්භන්ධ වාස්තු නිවැරදි කිරීමට මුලිකත්වය ලබා දෙයි. එමගින් සමස්ත නිවසම ලෙහෙසියෙන් සුබ බවට පත් කල හැකි වෙයි.

භූමියක් සුබ කිරීමෙන් ලැබිය හැකි වෙනස පිලිබදව කදිම උදාහරණයක් අත්දැකීමක් තුළින් පැවසුවහොත් වඩා හොදින් වැටහේවි.
පසුගිය දිනක එක් යුවලක් ආශ‍්‍රමයට පැමිණියා ඔහුන්ගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක වාස්තු පරික්‍ෂාකර ගැනීමට …..

එහි භූමියේ සමස්තයක් ලෙස තට්ටු හතරක ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණා. එහෙත් ඒ භූමියේ පිහිටීමට අනුවයි ගොඩනැගිල්ල ඉදිකර පැවතියේ .. මේ නිසා භූමියේ ශක්තිය සෘණ අගයක පැවතුණා..

මා එහිදි භූමියේ ශක්ති එසවීමක් හා සමස්ථ ගොඩනැගිල්ල කොටස් දෙකකට කපා වෙන්කරීම තුළින් භූමියේ ශක්තිය සුභ බවට පත් කලා…

ටික දිනක් ගෙවී ගියා………………

පසුගිය දිනක එම යුවල ආශ‍්‍රමයට පැමිණියා..

ඉඩමේ වාස්තු නිවැරදි කරාට පස්සේ පුදුම දෙයක් වුණානේ… අවුරුදු දාසයක විතර ඉදල අපේ ඉඩමේ පර්චස් කිහිපයක් අල්ලපු ඉඩමේ අය අල්ලගෙන හිටියා. කොච්චර උත්සහ කරත් මේ ගැටලූව විසද ගන්න බැරි වුණා. වාස්තු නිවැරදි කලා විතරයි ඒ අයම ඇවිත් කිව්වා ඒ අයම ඉඩම මැණලා අපේ කොටස අපිට දුන්නා . ඒ අයම තාප්පය බැද ගන්නවා කිව්වා.

මේය ව්‍යාපාරික ඉඩමක් වීම තුළම එහි වටිනාකම ඉතා ඉහලය.

හොදින් තේරුම් ගන්න…… මෙය එක් සිදුවීමක් විතරයි.

නැවත හිතන්න.

වාස්තු විද්‍යාත්මකයි කියලා ඔබට ඇදලා දීලා තියෙන සැලැස්ම අනිවාර්යයෙන්ම වැරදි බව මම අවධාරණයෙන්ම කියනවා.
ඔබට ස්ථිරව කිවහැකිද එසේ නොවන බව……

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x