පයිරා වාස්තු

ඉඩමේ සැගවුණු වාසනාව උරගා බැලීම

නිවස හෝ තමන්ට අයත් භූමියේ ඇති ශුභ අශුභ මෙන්ම ලැබීම් වාසනාව ද මත එහි ජීවත්වන්නන්ගේ ආර්ථිකය රැුඳී පවතියි.

බොහෝ ඉඩකඩම්වල විවිධ දෝෂ තත්ත්වයන් පවතියි. මළගිය දෝෂ, බහිරව දෝෂ, භූමි දෝෂ ආදී ලෙසින් මේවා වර්ග කර ගත හැකිය.

මෙසේ පවතින්නා වූ බොහෝ දෝෂ සරල ක‍්‍රම හරහා ඉවත් කර ගත හැකි වෙයි.

එහෙත් බොහෝ මිනිස්සු විවිධ පුද්ගලයන්ට රැවටී බොහෝ මුදල් නිකරුණේ වැය කර ගනිති.

තම ඉඩමෙන් තමාට වාසනාව උදාවේද? මිල මුදල් ඉතිරි කරගත හැකි වේද යන්න විමසා බැලිය හැකි සරල ක‍්‍රමයක් වෙයි.

ඉඩමේ හිමිකරුවා උදෑසනින් නා, පිරිසුදු වී ඉඩමේ මධ්‍යයේ අඩියක පමණ කොටසක් ශුද්ධ පවිත‍්‍ර කර ගන්න.

ඉන්පසු තම අල්ලේ ප‍්‍රමාණයේ වට ප‍්‍රමාණයක් සහිතව කුඩා ඇගිල්ලේ කෙළවර සිට මහපට ඇගිල්ලේ කෙළවර දක්වා ප‍්‍රමාණයේ ගැඹුරට වළක් කපන්න.

මේ සඳහා ලීයක් හෝ කුඩා යකඩ උළක් පාවිච්චි කරන්න.

වළ කැපීමේ දී ඉවත් කරන සියලූම පස්, ගෝනි කැබැල්ලක් වැනි දෙයකට එකතු කර ගන්න.

අවශ්‍ය ප‍්‍රමාණයට වළ කපා ගැනීමෙන් පසු තම ඉඩමේ යම් දෝෂ පවතී නම් එය පෙන්නුම් කරන මෙන් සිතා කපා ඉවත් කළ සියලූම පස් වළට දමමින් තද කරන්න.

වළ වැසීමට පස් මදි වූයේ නම් එම ඉඩමේ දෝෂයක් පවතින අතර එම ඉඩමෙන් සාර්ථකත්වයක් ලබාගත නොහැකි වෙයි. වැය පස ඉහළ යයි. මුල්‍ය ගැටලූ මතු වෙයි.

පොළෝ මට්ටමට සමාන වන ලෙස පස් පිරුණා නම් මධ්‍යස්ථ වන අතර අය සහ වැය සමාන වෙයි.

වළ වැසීමට පස් වැඩි වූයේ නම් එම ඉඩම ඉතා ශුභ වන අතර මුදල් ලාබ ලැබෙන අතර එම ඉඩමෙන් දියුණුව ලැබෙයි.

මධ්‍යස්ථ හා වළ වැසීමට පස්මදි වන අවස්ථාවන්හිදී එම භූමියේ පවතින දෝශ තත්වය කුමක්දැයි යන්න පිළිබදව ගැඹුරින් විමසා බලා එය නිවැරදි කර ගත යුතුවෙයි.

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

4 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x