තරු වළල්ල

ඉඩමක් ගැනීම හීනයක්ම නොවෙයි.


තමන්ට කියලා නිවසක් ගොඩ නැගීම හීනයක්ම නොවන බව මම කලින් ලිපියෙන් කිව්වා.. ඉඩමක් මිලදී ගැනීම ගැනත් මේ ආකාරයෙන්ම හිතන්න බැරිද

මගේ අදහසනම් පුලූවන් කියන එක…

අපි මුලින්ම පෙලගස්වන්නට උත්සහ කරමු අපි ඉඩමක් හොයද්දි හිතන දේවල් මොනවද කියන එක..

සියලූ පහසුකම් තියෙන නාගරික පරිසරය
මහගෙදරට ලග වීම
හොද පාසලක් ආසන්නයේ වීම
රැුකියාවට ආසන්නයේ වීම
සල්ලිකාර මිනිසුන් පදිංචි ප‍්‍රදේශයක් වීම
ප‍්‍රධාන මාර්ගයකට ආසන්නයේ වීම

මේ එක් එක් අයගේ හිතේ තියෙන දේවල්..

මම එවා වැරදියි කියන්නේ නෑ.. එවා තමන්ගේ මුල්‍යම හැකියාවත් එක්ක තීරණය වෙන දෙවල්…

මේ ලිපිය ලියන්නේ ඒ මුල්‍ය හැකියාව නැති අය වෙනුවෙන්… එහෙම නැත්තම් හැමදාම තමන්ගේ ගෙයක හීනය දැක දැක කුලී ගෙදරක ඉන්න අය වෙනුවෙන්…

මම දකින්නේ මුලින්ම හිතන්න ඔනේ ඔය ටික නොවෙයි..

1 . තමන්ට යම් වාහනයක් එහෙම නැත්තම් මෝටර් සයිකලයක් හරි තියෙනවද කියන එකයි.

ඇයි ඉඩමක් ගැන කියන අතරට වාහනයක් ඇතුලූ වුනේ…
නෑ එකට හේතුවක් තියෙනවා.. නාගරික සීමාවේ ඉඩම් මිල වැඩියි කියන එක සරලවම දන්න දෙයක්නේ … ඒත් අපිට මොටර් සයිකලයක් හරි තියෙනවනම් ප‍්‍රධාන මාර්ගයකින් විනාඩි කිහිපයක් ඇතුලට තියෙන ඉඩමක් පිලිබදව හිත යොමුකරන්නට පුලූවන්… ගෙදර මෝටර් සයිකලයක් හරි තියෙනවම් ඒක එතරම් ගැටලූවක් නොවෙයි.

2 . නිවසක් තැනිය හැකි අවම පර්චස් ප‍්‍රමාණය අවබෝධ කොටගෙන එවන් බිම් කඩක් සොයා ගැනීම .

ඒ ඒ ප‍්‍රාදේශිය සභා නගර සබා වල නිවාස ඉදිකිරීමට අවම භූමි ප‍්‍රමාණයක් පවතිනවා. මෙසේ අවම භූමි ප‍්‍රමාණයක් තොරා ගැනීම තුළින් දැරිය යුතු මුලික පිරිවැය අඩු වෙනවා.

3 . ආරක්ෂාව හා ස්වාභාවික විපත් ගැන සැලකිලිමත් වීම වර්ථමානයේදිනම් ඉතා වැදගත්

ඉඩම් වල මිල ස්වාභාවික විපත් කියන කරුණත් එක්ක අඩු වැඩි වෙනවා. නමුත් අප හැමවිටම ස්වාභාවික විපත් ඒ කියන්නේ ගංවතුර නායයෑම් වගේ දේවල් නැති තැන් සොයා ගත යුතුයි.

4 . වඩාත් මිල අඩුනම් වැඩියෙන් හිතන්න

සමහර අවස්ථාවලදි හිතාගන්න බැරි තරම් අඩුවට ඉඩම් ගෙවල් විකුණන්න දාලා තියෙනවා. එහෙම විකුණනවනම් ඒ පිලිබදව හොදින් හොයා බලන්න. ලාභ නිසා ඉක්මණින් ගෑනීමට හදීසි වෙන්න එපා. කුමක් හෝ විසද ගන්න බැරි ගැටලූවක් තියෙන තැනක් තමයි ඉතා අඩුවට විකුණන්නේ..

5 . ඉඩමකට ගිය ගමන් කිසිම දිනක හදිස්සි වෙලා අත්තිකාරම් දෙන්න එපා .

සමහර අවස්ථා වලදි අපි ඉඩමක් හෝ නිවසක් බලන්න එයට ගොඩ වුණු ගමන්ම පුදුම ආකර්ෂණයක් ඇතිවෙනවා. ඒ වෙලාවෙම ගන්න හිතේනවා. ඒ නිසා අත්තිකාරම් මුදලක් දීලම එනවා. හැබැයි ගෙදරට ආවට පස්සේ ඒ ආකර්ෂණය දැනෙන්නේ නෑ. දීලා ආපු මුදල නිසා ඉඩම ගැනීම හෝ ඒ මුදලත් කමක් නෑ කියලා අතහැරලා දානවා. ඇයි එහෙම වෙන්නේ …. සමහරු ඉඩම් ගෙවල් විකුණ ගන්න යම් ගුප්ත දේවල් භාවිතා කරනවා. එවිට එන කෙනා එයට අසු වෙනවා. ඒ සැබෑ කැමැත්ත නොවෙයි….

6 . අද ගෙඩක් ඉඩම් සංවර්ධනය කර විකුණණ අය ඉඩමෙන් අඩක් මුදල් දුන්නම පොලියක් නැතිව වසර දෙක තුනකට ගෙවන්න පුලූවන් ක‍්‍රම හදලා දෙනවා. තමන්ගේ ආදායම මත එවන් ක‍්‍රමයක් ගැන හිතන්නත් පුලූවන්.

ටිකක් හිතන්න………

මාසෙකට 30 000 වැටුපක් ගන්න තරුණයෙකුට ඉන් 10000 ඉතුරු කරන්න බැරිද ? යමෙක් බෑ කිව්වොත් ඒ සැලසුමක් නැති අයෙක් මිසක් වෙනදෙයක් නෑ. අවුරුදු 3 ක් ඒ මුදල එකතු කලොත් 3 60 000 යි.

පර්චසයක් ලක්ෂයක් විතර වෙන තැනකින් පර්චස් 6 ක් ඒ 300000 දීලා අවුරුද් දෙකෙන් ඉතිරිය ගෙවන්න ඉඩම ගත්තොත් මාසෙකට ගෙවන්න වෙන්නේ 12500 යි. තමන් පුරුදු විදියටම 10000 ගානේ අයින් කරනවා. නමුත් අපේ 60000 ඉතිරියකුත් තියෙන නිසා අපි 12500 ගානෙම ගෙවාගෙන යනවා.

වසර 6 යද්දි තමන්ටම ඉඩමක් තියෙනවා. නිකන් හිතන්න ත‍්‍රී වීල් එකක් එලවන තරුණයෙක්ට දවසකට වාහනේ තෙල් වියදම කෑම වියදමට අමතරව රුපියල් 1000 හොයන් බෑ කියනවනම් ඔහු දවල්ට කාලා ගෙදර ගිහින් නිදියන අලසයෙක් විය යුතුයි. ගේක තීන්ත ගාන තරුණයෙක් දවසකට 15000 ක්වත් ගන්නවා. ඇදුම් ප‍්‍රදර්ෂනාගාරයක ඉන්න තරුණයෙක් 30000 කවත් වැටුපක් ගන්නවා. දවසකට රුපියල් 350 ක් අයින් කරන්න බැරි වෙන්න විදියක් නෑ. අනෙක් සියලූ වියදම් වලට දවසකට 650 හෙදටම ඇති… විධායක නිලධාරින්ටනම් මොකක් හරි මාර්ගයක් තියෙනවනේ… ඒ නිසයි මම අනික් තරුණයන් ගැන කථා කලේ… එ තකොට ගොඩක් අය අහයි ජොබ් එකක් නැති අය කරනනේ මොකද්ද කියලා .. බොහෙම සරලයි. ඉරිදා ලහිපිටක් අරගෙන බලන්න රුකියා ඇබැර්තු 3000-4000 තියෙනවා. තමන්ගේ ටවුම වටේ රවුමක් ගිහින් බලන්න රුකියා ඇබැර්තු බෝඞ් කියක් එල්ලල තියෙනවද කියලා… ගැටලූව තියෙන්නේ කොතනද කියලා තේරුම් ගන්න පුලූවන්නේ….

ඉතින් දැන් ඉතිං කෝකටත් විරුද්ධ පිරිස කියාවි කියන්නනම් හැමෝටම පුලූවන් කරන්නයි බැරි කියලා….. මම එය ඔප්පුකරලා පෙන්නලා තියෙනවා .. ආශ‍්‍රමයට ආපු දරුවෝ කිහිප දෙනෙක්ම තමන්ගේ මුල් පියවර ජයගෙන තියෙනවා. ඒ ඉඩම් හීනය….
තවත් දෙයක් මගේ අත්දැකීමකුත් කියන්නම්.. මගේ පලමු ගෙය මම ගත්තේ කඩුවෙල බෝමිරියේ.. යට වෙන තැනක් නම් නෙවෙයි.. ඒ 2004 දී පර්චස් 6.5 යි අලූතින්ම හදපු අංග සම්පුර්ණ නිවස ගේ වටේට තාප්පය මිල වුනේ ලක්ෂ 8 යි. එදා මම ඒ ගෙය මිලදී ගත්තේ කොටස් දෙකකට මුදල් දීලා…

උත්සහ කලොත් පටන් ගන්න පුලූවන්… තමන් අමාරුවෙන් හරි ඉඩමක් ගත්තොත් අවම වශ්‍යයෙන්් අවුරුදු කිහිපයකට පස්සේ ගත්ත මුදල වගේ දෙගුණයකට විකුණ ගන්නවත් පුලූවන් ….

ගුරුවරයෙක්ට පුලුවන් මග පෙන්වන්න විතරයි… අරගෙන යන්න බැහැ ඒ නිසා කැමති අය ඒ මග යන්න….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close