තරු වළල්ල

ගෙයක් හදන්න ණය වෙන්නම ඔනේද ?


අපි ගෙයක් හදන්න ඔනේ කියලා හිතුවම ඉස්සෙල්ලාම හිතන්නේ ලක්ෂ 50 / 100 බැංකු ණයක් ගන්න විදිහ..

ණය අරගෙන ගෙවල් හැදුවට පස්සේ ණය ගෙවන්න ගේ විකුණන හැටි කල්පනා කරනව හැරෙන්න වෙන දෙයක් නෑ.
ගේ හදන්න ගත්ත ණය නිසාම සතියකට එක දිනක් පමණක් පවුලේ අය නාලා වියදම පාලනය කරපු ඉහල ආයතනයක නිලදාරියෙක් ගැනත් මට මතකයක් තියෙනවා.

ඇත්තටම ණය නොවි ගෙයක් හදන්න බැරිද ?

පුල්වන් හැබැයි ඒ අල්ලපු ගෙදරට වඩා ලොකු ගෙයක් හදන්න ඔනේ කියන සිතුවිල්ල තුලින්නම් නොවෙයි.

අපි යම් රුකියාවක් කරන්න පටන් ගන්නවත් එක්කම පුංචි වැඩ පිලිවෙලක් හදා ගත්තොත් ලෝකයට ණය නොවී අපිට අපේම ගෙයක් හදා ගන්න පුලුවන්..

හැබැයි ඒකට වසර කිහිපයක් යාවී…

තමන්ට කියලා දෙමාපියන්ගෙන් උරුම වෙච්ච ඉඩමක් තියෙනවනම් මේ වැඩපිලිවෙල තවත් පහසු වෙනවා.

මෙතනදි මුලිකවම හිතන්න ඔනේ තමන්ගේ වැටුපෙන් මුලික අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර ඉන් කියක් ඉතුරු කර ගත හැකිද කියන එක ..

හැබැයි මෙතනදි ගැටලුවකුත් තියෙනවා .. අද ගොඩක් අය ඉස්සෙල්ලම ලීසිං කරලා වාහනයක් ගන්න උත්සහ කරනවා. මෙය තමයි ජිවිතයේ ප‍්‍රධානම හිරවෙන තැන වෙන්නේ … මුලින් උත්සහ කරන්න තමන්ට කියලා මෝටර් සයිකලයකින් අරඹන්න. පොඩි බයිසිකලයක් … එකත් ලක්ෂ 4 / 5 එකක් නොවෙයි.

ඉන්පසුව අදියර කිහිපයක්ට ගොඩ නැන්විය හැකි සරල සැලැස්මක් ඇද ගන්න.

මාස දෙකක් තුනක් මුදල් එකතු කරගෙන ෆවුන්ඩේෂන් එකේ මුල් අදියර නිමකර ගන්න. උදව් කර ගන්න පුලුවන් යාලුවෝ ඉන්නවනම් මේය තවත් පහසු වෙනවා.

ඉන්පසු තමන්ගේ නිවාඩු දවස ගේ හදන දිනය බවට පත්කරගෙන එදාට බාසුන්නේහේ කෙනෙක්ට එන්න කියලා ටිකින් ටික බිත්ති ටික උස්ස ගන්න.වසර කිහිපයක් තමන්ගේ විනෝදය අතහරින්නට වේවි. අවුරුදු 25 විතර විනොද වුණා කියලා හිතහදගෙන තමන්ගේ ජිවිතය ගොඩ නගා ගන්න ඒ කාලය වැය කරන්න.

අද තියෙනවා ගොඩක් අඩු මුදලින් බිත්ති බදින්න පුලුවන් ගල් වර්ග. ආශ‍්‍රමයේ ඒ පිලිබද අත්දැකීම් තියෙනවා. තමන්ගේ අතේ මුදල් රුදෙන විදියට ගල් ටික ටික ගෙනත් අවුරුද්දන් විතර යද්දි බිත්ති ටික උස්ස ගන්න පුලුවන්.

වහලයටනම් ටිකක් මුදල් එකතු කර ගත යුතුයි.

වහලයත් පියවර කිහිපයකින් කල හැකියි. එකපාර ෆිනිෂින් වහලය වෙනුවට දැන් අලුත් ක‍්‍රම තියෙනවා ලස්සනට නිම කල හැකි.
හැබැයි මුල් අදියර ඉවර වෙනකන් නිවසේ දෙවන අදියරේ බිත්ති හෝ ෆවුන්ඩේෂන් බදින් පටන් ගන්න එපා. මොකද හදපු කොටස ඉවරයටම ඉවර කරන්න.

කපරාරු නොකරන බිත්ති බදින ක‍්‍රම තියෙනවා ඒ පිලිබදව සොයා බලන්න.

අනික තමන්ගේ ශ‍්‍රමය යෙදවන්න පුල්වන් අවස්ථා වලදි එය උපරිමයෙන් කරන්න.

මෙය කරන්න පුලුවන් ක‍්‍රමවේදයක්…

කවුරු හරි මේක කරන්න බෑ කියලා කියනවනම් මට දෙන්න පුලුවන් පුංචිම පුංචි උත්තරය තමයි…

ඇවිත් ආශ‍්‍රමය බලන්න.. එය ටිකින් ටික ගොඩ නැගෙන්නේ මුලින් ආපු දරුවෝ එය දන්නවා…

බෑ කියලා පැත්තකට යනවට වඩා මුල පිරීමයි වැදගත් වෙන්නේ….

අපි පොඩියට පටන් ගත්තොත් අවුරුදු 5 /10 යද්දි සම්පුර්ණ ගෙයම නිමවෙලා තියෙවි. එදාට තමන් නිදහස් මොකද ලෝකයට ණය කාරයෙක් නොවි තමන්ගෙම ගෙයක් හදලා.

ඉඩම් සෙවිම ගැනත් මේවැනිම අත් දැකීම් තියෙනවා එය පසුව ලියන්නම්.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close