හෙළ වාස්තු

මහ ඉඩමේමද ගේ හැදුවේ ? දියුණුව අඩුයි වගේ දැනේනවද ? ....

ගොඩක් අය තමන්ගේ නව නිවස ගොඩ නගන්නේ මහ ඉඩමෙම කොටසක. සමහර මහ ඉඩම් වල දරුවෝ කිහිප දෙනෙක්ගෙම ගෙවල් තියෙනවා. ලොකු ඉඩමක් තියෙන කොට දෙමා පියන් තමන්ගේ දරුවන්ට එ ඉඩම තුළම ගෙයක් හදාගෙන හැමෝම එකට ඉන්නවට කැමතිය. එක හොද සිතුවිල්ලක් තමයි…

නමුත් මෙහි ගැටලූවකුත් තියෙනවා. වාස්තු අනුව නිවසක් ගොඩනගන්න පුල්වන් වෙන්නේ තම නිවස ගොඩනගන භූමිය නිසිලෙස සීමා වුනොත් විතරයි. මේක මහ පිස්සු කථාවක් කියලා යම් අය තර්ක කරාවි.
නමුත් මෙහි විශාල සත්‍යතාවයක් තියෙනවා.

ගෘහය තුළ අංග ස්ථානගත කිරීමේදි මේ ගැටලූව එතරම් බලපාන්නේ නැහැ. නමුත් සමස්ථ නිවස ස්ථාන ගත කිරීමේදි හා නිවසින් පරිභාහිරව ස්ථානගත කරන වැසිකිලි වල වාහන නැවතුම අපජල වල කුණු දමන ස්ථාන ආදී අංග වලදී මෙම වාස්තුමය ගැටලූව නිර්මාණය වෙනවා.

අංක 1 රූප සටහනේ මහ ඉඩමේ ඉදිකල නිවාස තුනක් දක්නට තියෙනවා. මෙහි අංක 1 නිවස ඉදිකර ඇත්තේ සමස්ථ ඉඩමේ ඊසාන දිශාව තුළයි. එවිට එම නිවසේ වැසිකිලි වල වාහන නැවතුම අපජල වල කුණු දමන ස්ථාන ආදී අංග ස්ථානගතවීම සිදුවන්නේද සමස්ථ ඉඩමේ ඊසාන දිශාවේය.

එවිට එම වාස්තු දෝශය සමස්ථ ඉඩමටම බලපෑම් ඇතිකරණු ලබයි. අනෙක් නිවෙස් වල දරුවන් රෝගී වීම දරුවන් සම්භන්ධ පිඩාවන් මෙන්ම ආර්ථාක වර්ධනයට බාධා ඇතිවීම සිදුවෙයි.

අංක 2 නිවසේ පිහිටීම මගින් කිසිදු පිඩාවක් සමස්ථ ඉඩමට හෝ අන් නිවාස වලට ඇති නොවෙයි.
අංක 3 ඉඩමේ ස්ථානගතවීම තුළ මහ ඉඩම තුළ ඉදිකර ඇති අනෙක් නිවාස දෙකේ කාන්ථාවන්ගේ ගර්භාෂගත ලෙඩ රෝග මෙන්ම නිරන්තර මානසික පිඩාවන් වර්ධනය වීම සිදුවෙයි.

මෙම පිඩාවන් ඇතිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ එක් එක් නිවසට වෙන්වු භූමියක් නොමැති වීමයි.
තනි භූමියක් තුළ ඉදිකරන නිවසකදී නිවස තුළ මෙන්ම නිවසින් පිටත භූමියද එකම දිශාගත කිරීමක් තුළ පැවතීම හා වැටක් තාප්පයක් වැනි

දෙයකින් එම භූමිය යම් සීමාවී පැවතීම තුළ සෑම අංගයක්ම නියමිත දීශාගත කිරීමක් තුළ ස්ථානගත කල හැකිවෙයි.

මහ ඉඩම් හෝ පොදු භූමියක් තුළ ජිවත්වන පුද්ගලයන් මුහුණ දෙන තවත් ගැටලූ කිහිපයක් පවතී

1. යම් නිවසක සිදුවන මරණයක් උපතක් කොටහලූ වීමක් වැනි කිලි තත්වයන් පොදුවේ එම භූමියේ පිහිටි නිවාස කිහිපයටම බලපෑම. මෙවන් අවස්ථාවලදී නිවසේ ආරක්ෂාවන් හා සුර වැනි දේවල්වල ශක්තිය බිදවැටීම සිදුවෙයි.

2. මලගිය දෝස හෝ හදිහුනියම් වැනි තත්වයකට යම් පවුලක් ලක්වුවේනම් එහි පිඩාවද සමස්ථ නිවාසයන්ටම ඇතිවෙයි.

3. අසුභ ආහාර හෝ කිලි සහිත යම් දේ නිසා ඇතිවන අසුභ තත්වයන් සමස්ථයටම බලපෑම.මා සදහන් කරන ලද්දේ නොපෙනෙන දේවල් හරහා ඇතිවන ගැටලූය.ප‍්‍රායෝගික තත්වයන් තුළද එක භූමිය තුළ නිවෙස් කිහිපයක් පැවතීමෙන් ගැටලූ ඇතිවෙයි.

 

මා ලත් අත්දැකීම් තුළ මෙවන් ඉඩම් බෙදා තාප්පයක් හෝ වැටක් මගින් තම සීමාව වෙන් කිරීම මගින් මෙම දෝස තත්වයන් පාලනය කර ගත හැකි වෙයි.

නමුත් මහ ඉඩම හරහා වැට මායිම් යෙදීමට බොහෝ පිරිස් අකමැතිවන තත්වයන් තුළදී හයට යොදිය හැකි සරල විසදුමක්ද පයිරා නැතහොත් පිරමීඩ වාස්තු තුළ ඇත . එහිදී සිදුවනුයේ පිරමීඩ වැටක් මගින් තම නිවස වටා යම් සීමාවක් වෙන්කර ගැනීමයි.
එවිට විශාල භූමියක් තුළ තමන් වෙනුවෙන් වෙන්කල වෙනම භූමියක තම නිවස ඉදිකර ඇති ආකාරයෙන් වාස්තු ස්ථානගත කිරීම් කල හැකිවෙයි. තම නිවසේ පිහිටීම අන් අයට බලපෑමක් ඇතිකිරීම හෝ අන් නිවාස වලින් ඇතිකරනු ලබන වාස්තුමය හෝ අදෘශ්‍යමාන පිඩාවන් වැලකීමද මෙමගින් සිදුවෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close