හෙළ වාස්තු

මුළුගල නිවැරදි කරමු

ගෘහාරම්භයෙහි දී ඉතාම වැදගත් සාධකයක් වන මුළුගල පිලිබඳව ඇත්තේ වැරදි මතයකි
වර්ථමානය වන විට නිවසක් තැනීමේදී භාවිතා කරන්නා වු මුළු ගල ශාස්තී‍්‍රය වශයෙන් සකසන ලද්දක් නොවේ.
එහෙත් එයට මා කිසිසේත් නොගරහමි.

ශාස්ත‍්‍රවේදීන් විසින් අමතක කොට හෝ අත්හැර දමන ලද්දාවු මුළුගල මේ ආකාරයෙන් හෝ වර්ථමානය කරා අනාධිමත් කාලයක් පුරාවට රැුගෙන ඒම පිලිබඳව අප එකී ව්‍යාපාරිකයන්ට සත්‍ය ලෙසම කෘතඥපූර්වක විය යුතුය .
කි‍්‍රඩා තරගයකදී නිදහස් ආර ඉසව්වේදි දිවීමේ දක්ෂතාවය කෙසේ වෙතත් යෂ්ටිය ඉදිරිය කරා රැුගෙන යාමට හෝ කී‍්‍රඩකයන් සිව් දෙනකු සිටිය යුතුය .

එබැවින් එකී යෂ්ඨිය වර්ථමානය දක්වා මෙපමණින් හෝ රැුගෙන ඒම පිලිබඳව දොස් නොනගා ජාතියක් ලෙස අප ඔවුන්ට හිස නමා ආචාර කොට මෙතැන් පටන් හෝ නිවරදී වියයුතු වන්නේ බලවත් ජාතියක් යලි ගොඩනැංවීම පිණිසය

ශ‍්‍රී ජීවනාථ බ‍්‍රාහ්මණ පඬිවරයානෝ දක්වන ලද වු මුළුගල වනාහී
නෙන්‍දාති සූකතිඃ කථිතෛශකොණෙ හුතාශනාඛ්‍යෙ ශුභගෙති චාන්‍යා
සුමඞගලී නෛස_ෘතිභාගසංසථා භද්‍රංකරී මාරුතකොණයාතා
වෘෂාශව පුනනාගප\ංකිතානං නන්‍දාදිකානං ක‍්‍රමශඃ ශිලානම්
අඛණඩිතානාං සුදෘඬීකෘතානං සුලක්‍ෂණානාං ග‍්‍රහණං නිරුකතම්

ලෙසින් දක්වා ඇත .

එනම් ගෘහාරම්භයෙහිදී ශිලාස්ථාපනයෙහිදී මුළු ගල් එකක් නොව සතෙරක් පිහිටවිය යුතු බවයි .
නාමයෙන් ඒවා නන්‍දා සුමගා සුමඞගලී භද්‍රංකරී නම් වන්නාහුය .

ගව අශ්ව මනුෂ්‍ය හස්ති යන සිවුකුලයන්ගෙන් බලවත් කරන ලද්දාවු නොකැඩුණු නොබිදුන ශක්තිමත් මනහරව කළු ගලින් ශාස්ත‍්‍රීයව සකසන ලද මෙකී ශිලාවන් සිව්දිශාවෙහි පිහිටවිය යුත්තාහ.

වැටහේද ඔබට ?

අතීත අපගේ ජාතීය අභිමානවත් ජාතියක් ලෙස විරාජමාන වීමේත් වර්ථමාන තත්වයේත් වෙනස …………………….
අපගේ පැරැන්නෝ තම ගෘහය ”යසං කිත්තං ධනං බලං ” ලෙස ප‍්‍රායොගිකවම බලවත් කරන ලද්දේ එසේය .
අතීතය දෙස බලා හඩමින් හෝ වර්ථමානය දෙස බලා සාප කරමින් නොඉද තම තමන් නිවරදී වන්න .
තැනේවී එවිට යලිත් බලවත් ජාතියක්

ශාස්ත‍්‍රවේදීණි
නදීකා චමාලී පනාගොඩ

3 2 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x