තරු වළල්ල

ඇයි අපිට අපේම ගෙයක් හදා ගන්නට බැරි . .

මේ කරුණු 15 ගැන හිතලා බලන්න…

විවාහ කියන්නේ අපේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ ..

තමන්ගේම කියලා පවුලක් ගොඩනගා ගැනීමෙන් පස්සේ දෙන්නගේම හීනය වෙන්නේ තමන්ටම කියලා නිවසක් ගොඩ නගා ගැනීම….

ජිවිතය ස්ථාවර වෙන්නනම් පවුල කියන දෙය සම්පුර්ණ විය යුතුයි… පවුලක් සම්පුර්ණ වෙන්නනම් තමන්ගෙම නිවසක් කියන එක අත්‍යවශ්‍යය සාධකයක්…

ජිවිතයෙන් වැඩි කාලයක්ම කුලි නිවාස වලම ගෙවන්න සිදු වුනොත් දෙමාපියන් පිලිබදව දරුවන් තුළ ඇතිවන පිලිගැනීම පිලිබදවත් පුංචි ප‍්‍රශ්ණයක් නිර්මාණය වෙනවා….

ඒත් අපට කොතරම් අවශ්‍යතාවය තිබ්බත් තමන්ටම කියලා නිවසක් ගොඩනගා ගන්න මුලපුරා ගන්න නොහැකියි….

ඇයි එහෙම වෙන්නේ…

එය තමන්ගේ කර්මය නිසා වෙන දෙයක් බව මම පැහැදිලිවම කියනවා….

ඒ කියන්නේ තමන්ගේ පවුල හා නිවස කියන කරුණු දෙක මතට පුර්ව සාපයන් ක‍්‍රීයාත්මක වෙනවනම් කොතරම් සල්ලි උරුමයන් තිබ්බත් තමන්ට කියලා නිවසක් ගොඩනගාගෙන ඒ තුළ පවුලක් ලෙස සතුටින් ජිවත් වෙන්න අවස්ථාව උදා වෙන්න නෑ….

ඒ කියන්නේ අපට අපේම නිවසක් ඉදිකර ගන්න බෑ කියන එකම නොවෙයි. පියවරෙන් පියවර ගමන් කලොත් මේ භාදාව ජයගන්න පුලූවන්…

මම මේකට පියවර කිහිපයක් කියලා දෙන්නම් . පුලූවන්නම් උත්සහ කරලා කර්මය ජයගන්න උත්සහ දරන්න.

1. තමන්ගේ නිවාස සිහිනයට කර්මයේ බලපෑම මුලින්ම හදුනා ගන්න

2. එසේ බලපෑමක් ඇත්නම් කර්මය පාලනය කීරිමේ වැඩපිලිවෙලක් අරඹන්න

3. නිවසක් ඉදිකිරීමට හෝ ඉඩමක් මිලදී ගැනීම උදෙසා ඉන්පසුව අවශ්‍ය වන ප‍්‍රධානම කරුණ වන්නේ තම ඉතුරුම් වැඩිකර ගැනීම . එය ඉබේ වන දෙයක් නොවෙයි. කුලි නිවසේ ඉතුරුම් අගය මතයි ඒ නිවසේ තැම්පතු තීරණය වෙන්නේ ඒ නිසා කුළි නිවසේ ඉතුරුම් අගය ඉහල දමා ගැනීම ඉතාම වැදගත්….

4. ඉන්පසු අවශ්‍ය ප‍්‍රධානම දේ තමයි තමන්ගේ ඉතුරුම් ප‍්‍රමාණයට ගැලපෙන ඉඩමක් තෝරා ගැනීම … මෙහිදි හොදින්ම මතක තියා ගන්න ඕන කරුණ තමයි අමව මිලකට ඉඩමක් තෝරා ගැනීම. විවිධාරයේ ණය යටතේ ඉඩම් මිලදී ගැනීම වෙනුවට පලමු අවස්ථාවේ අවම මිලකට සුදුසු පරිසරයකින් ඉඩමක් මිලදී ගැනීම ඉතා වැදගත්…

5. ඉඩමක් තෝරා ගැනීමෙන් පසු එය මිලදී ගැනීමට පෙර එමඉ ඩම තමන්ට සුදුසුද කියා නිමිත්තක් තුළින් හෝ ඉඩමේ වාස්තු පරික්‍ෂ කිරීම ඉතාමත් වැදගත් මෙන්ම අත්‍යවශ්‍යය කරුණක්.

6. ඉඩම මිලදී ගැනිමෙන් පසු මුලින්ම කලයුත්තේ ඉඩමේ වාස්තු දෝශ නිවැරදි කිරීම හා කාර්ය්‍ය සිද්ධි අගය ඉහල දැමීම.

7. නිවාස සැලසුම ඇදීම කල යුත්තේ ඉන් අනතුරුවයි.

8. නිවාස සැලසුම ඇදීමෙන් පසු එම සැලැස්ම වාස්තු වේදියෙකු ලවා පරික්‍ෂාකර ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. මා මේ දක්වා පරික්‍ෂාකල සැලසුම් අතරින් නිවැරදියැයි පැවසිය හැකි එකදු සැලැස්මක් හෝ මෙතෙක් සමුවී නොමැතිවීම තුළ ලංකාවේ වාස්තු පිලිබද නැවත නැවත සිතන්නට සිදුවෙනවා.

9. නිවසක් ඉදිකිරීමේදි නැකත් කටයුතු ගරු කිරීම කලයුතුම කරුණක් වගේම නැකත් තමන්ට අවශ්‍ය කාලයට නොව සුදුසු කාලයට ලබා ගැනීමට ඉවසිලිමත් විය යුතුයි.

10. පලමු නිවස ඉතා විශාලව ඉදි කල යුතු නැහැ. මොකද මේ ලිපිය ලියන්නේ මුදල් හොදින් තියෙන අයෙක්ට ගොයක් හදා ගන්න හැටි කියලා දෙන්න නොවන නිසා.. අප විශාලව සැලැස්ම සකස් කලොත් ෆවුන්ඬේෂම දමාගැනීමේ ඉදන්ම අපි හිරවෙනවා.. නමුත් සැලැස්ම තුඩා වුනොත් අධියරෙන් අධියර ඉවර කර ගන්න පුලූවන්….

11. නිවස ගොඩ නැගිය හැකි අඩුවියදම් ශක්තිමත් හා අලංකාර ක‍්‍රම බොහොමයක් දැන් තියෙනවා. ඒ පිලිබදව සොයා බැලීම තුළින් සාමාන්‍යයෙන් වර්ග අඩි 1000 පමණ නිවසක බිත්ති බැද අවසන් කිරීම ලක්ෂ හතරකටත් අඩු මුදලකින් නිමකර කන්න පුලූවන්….

12. නිවස ගොඩනැගීමේදි වාස්තු නිවැරදි කල සැලසුමට අනුවම සැකසීමට අවධානය යොමු කිරීම ඉතා වැදගත් . ඒ වගේම බාසුන්නේලගේ මඩු වැසිකිලි ගල් වැලි බාන දිශා පිලිබදව දැණුවත් වීම ඉතාම වැදගත්… මොකද මෙම කරුණු මත නිවසේ වැඩ අතර මග නතරවන සම්භාවිතාව වැඩියි.

13. වහලය තමන් නිමකරන්නට හිතන ආකාරය මත මිල වෙනස් වෙනවා..

14. පදිංචියට එන්න සුදුසු මට්ටට ගෙයි වැඩ අවසන් වුණාම හොද නැකතකින් නිවසට පැමිණිය යුතුයි. එවිට කුලී ගෙදරට ගෙවන මුදලත් ඉතිරි කර ගන්න පුලූවන්..

15. එතනින් පසුසේ ඉතිරි වැඩ ටික ටිකෙන් ටික සම්පුර්ණ කර ගන්න පුලූවන්…..

දැන් ටිකක් හිතන්න කුලී නිවසෙන් තමන්ගේම නිවසකට යා ගන්නත්…. භාගෙට හදපු නිවසේ වැඩටික ඉවර කරගන්නත් නොහැකි වුනේ මේ කරුණු 15 කුමක් මගහැරී ගිය නිසාද කියලා…

හොදින් හිතලා බැලූවොත් තේරේවි කුමක් හෝ මගහැරගෙන ඇති බව ..

එතන ඉදන් ආයිත් පටන් ගන්න..

තමන් අනිවාර්යයෙන්ම දිනනවා.

එය මගේ අත්දැකීමෙන් කියන දෙයක්….

දීක්ෂා ගුරු
වෛදීක ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close