හෙළ වාස්තු

වාස්තු කියන්නේ සැලසුම අදින එකටම නොවෙයි.

තමන් නිවසක් හදන්න මුල පුරනවනම් හැමෝම අනුගමනය කරන්නේ එකම ක‍්‍රීයා පටිපාටියක්… මුලින් ඉඩමක් මිලදී ගන්නවා . ඊට පස්සේ වාස්තු අනුව සැලසුමක් ඇද ගන්නවා එය අනුමත කරගෙන ගෙය හදනවා.

හැබැයි මේ එකම වැඩ පිලිවෙල තුළත් සමහරුන් දිනනවා සමහරුන් පරදිනවා. එ කිව්වේ එක් පිරිසක් කොහොම හරි නිවස ගොඩ නගා ගන්නවා අනෙක් අය අමාරුවේ වැටෙනවා.

ඇයි මෙහෙම වෙන්නේ….

එයට බලපාන ප‍්‍රධානම ගැටලූ දෙකක් තියෙනවා.

පලමු වැන්න මුලපිරීම. එ කියන්නේ නැකත …
දෙවැන්න වාස්තු …

අපි සැලැස්ම ඇන්දේ වාස්තු අනුව අදිනවා කියලා කියපු කෙනෙක්ට කියලනම් එය වැරදුනේ කොහොමද ?
එය තමයි අපි මුලින්ම රුවටෙන තැන…..

අද නවින පරිගණක තාක්ෂණයත් එක්ක සැලසුම් ශිල්පීන් හැමතැනම හිටියට ඔහුන් නිවාස සැලසුම් ඇන්දට එවා වාස්තු අනුව අදිනවා කියලා කියන එක සම්පුර්ණ වැරදියි. පසුගිය වසර පහ තුළ අලූතින් ඇදපු වාස්තු බැලීම සදහා රුගෙන ආපු එකම සැලැස්මක්වත් වාස්තු අනුව තිබුනේ නැහැ.

ලංකාවේ අංක එකේ කියලා මාධ්‍යවල කියන සැලසුම් ශිල්පියාගේ සැලසුම් තුනකම ගේ හරිමැද නාන කාමර තියෙනවා… වාස්තුවේදියා කියන කෙනාගේ සැලසුමක ගේ හරිමැද ලිද …. එය කොන්ක‍්‍රීට් එකකින් වහලා …. මේ සැලසුම් ආශ‍්‍රමයේ තියෙනවා…

එතකොට සැලැස්ම ඇදගන්න යන කෙනා හිතන්නේ මෙය වාස්තු අනුව ඇදලා කියලා…
මට මේක ලියන්න හිතුනේ අද සිදුවුණු සිදුවීමක් නිසා…..

අද භාගෙට හදලා වැඩ නිමකරගන්න බැරිව වසර ගණනක් අතහැරලා දාලා තිබුණු නිවසක වාස්තු බලන්න තරුණ යුවලක් ආශ‍්‍රමයට පැමිණියා.

වාස්තු පරික්ෂාකරමින් සිටින විට මම එක්වරම මෙහි වරද ඇති තැන හදුන ගත්තා.

එහි වැසිකිලි වල සලකුණු කරලා තිබුණේ කා පෝච් එක තුළයි. එය ප‍්‍රධාන දොර අසල නොවුණත් ගෙයටම සම්භන්ධ වනසේ ඉදිකර පැවතියා. දිශාගතව මෙන්ම ස්ථානගත වීම අනුවද මෙය ඉතාමත් නුසුදුසු කාරණයක්…
මම මෙය පෙන්වා දුන්නා.

ඔහුන් ටිකක් වෙලා කල්පනා කරලා කියනවා…

ඔව් මහත්තයෝ වැසිකිලි වල කපපු ගමන්ම තමයි වැඩ නතර වුණේ… තවම එකේ කොන්ක‍්‍රීට් එක දැම්මෙත් නැහැ.
ඔය වල වහලා දාන්න… ඉස්සර වෙලාම…..

මට මේ සිදුවීමත් එක්කම වසර කිහිපයකට කලින් සිදුවුණු මෙයටම සමානම සිදුවීමක් මතක් වුණා…
මට මතක විදියට කොලොන්නාව පැත්තේ දරුවෙක් නිමිත්තක් බලන්න ආවා.
එ අතර මග නතර වුණු තම නිවස ඉදිකරගත නොහැක්කේ ඇයි කියලා බලන්න.

නිමිත්ත තුළින් මම දැක්කේ වාස්තු ගැටලූවක්…

භාවනාව තුළින් මම වැඩිදුරටත් එය කුමක්දැයි සොයා බැලූවා. නිවසේ ධණ මුලයේ තියෙන්නේ වැසිකිලි වල ….
ඉතිං මම උපදෙස් දුන්නා එය වසා දමන්න…

ඔහු මා උපදෙස් දුන්නා වගේම පසුදිනම වල වසා දැම්මා…

ආශ‍්‍රමයට ඔහු එද්දී යටි මහලත් භාගෙට හදලා තිබ්බේ කොහොම හරි වල වැහුවා විතරයි කලින් වැඩ කරපු බාසුන්නෙලා හොයාගෙන ඇවිත් යලි වැඩ පටන් ගත්තා.

එ විතරක් නොවෙයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහුන් අලූත් ගෙට ගෙවැදුණා. උඩු මහලේ වැඩත් නිමකරගෙන……

හොදින් හිතට ගන්න.

වාස්තු කියන්නේ සැලැස්ම අදින එකට නොවෙයි.
එයට වඩා බොහෝ ගැඹුරු දෙයකට…………

දැන් ලෝකේ දියුණු රටවල් වල වාස්තු බලනවද කියලා අහන ඔබේ හය හතර නොදත් යහලූවට කියලා දෙන්න එ අය කරන්නේ ශක්ති ගලනය සමබර කිරීම බව…..

ආසියාතික දැණුම එයට වඩා ගැඹුරුයි.

එ නිසා අපි ශක්ති ගලනයෙන් නොනැවති දිශාගත ශක්ති හා පංච ධාතු සමබර කිරීම දක්වා සියුම් තැනකට වාස්තු රුගෙන යනවා.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

4.8 5 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Saliya Dasanayake
Saliya Dasanayake
July 2, 2020 10:40 pm

මෙම දැනුවත් කිරීමේ තොරතුරු පළකිරීම ගැන ඔබට පින් සිදු වේවා !

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x