හෙල වාස්තු

බිරිදට 20 යි... ගෙට 16 යි...


විවාහය කියලා කියන්නේ දෙන්නෙක් එක්කරන අවස්ථාවටයි…

පැරණි සම්ප‍්‍රධාය තුළ විවාහයට පෙර කරලියට එන්නේ පොරොන්දම් ගැලපීම…

පොරොන්දම් ගැලපෙනවනම් කසාදය කෙරෙනවා….

මොකක්ද මේ පොරොන්දම කියන්නේ…..

මෙය ප‍්‍රාථමික ක‍්‍රමයක් ලෙස දැක්කට එය දියුණු සමාජමය දැක්මක්… ඒ කියන්නේ..

දෙදෙනා තුළ මෙන්ම පරම්පරා දෙක තුළ පවතින එකිනෙකාට නොගැලපෙන තත්වයන් හදුනා ගැනීම….

අද මෙය ප‍්‍රථිශතයක් පමණක් හෙයන ප‍්‍රාථමික ක‍්‍රමයක් බවට ජොතිෂවේදින්ම පත් කරලා තියෙනවා…..

මම කියන් හදන්නේ ඒ විවාහය ඉලක්ක වුණු පොරොන්දම් ගැන නොවෙයි…

නිවසක් ඉදිකිරීමේදී බැලිය යුතු පොරොන්දම් ගැන…

නිවසකටත් අදාලව පොරොන්දම් 16 පවතිනවා… සරලව කිව්වොත්

නිවසින් ඇතිවන විපත්
නිවස පවතින කාලය
නිවසේ ආදායම
නිවසේ වැයවීම
නිරෝගි බව
දරු සම්පත්
මෙන්ම සොබාදහම හා නිවස බද්ධ වන ආකාරය
මෙම පොරොන්දම් මගින් ගලපා බලනු ලබයි.

මෙසේ පොරොන්දම් නිසි ලෙස ගැලපේනම් එම නිවස තුළ සාර්ථකත්වය ඇතිවේ.

මා අත්දැක ඇති තත්වයක් වනුයේ සැලසුම් අදින බොහෝ දෙනෙක් තමන් වාස්තු විද්‍යාත්මකව සැලසුම අදින බව පැවසුවද එවැන්නක් සත්‍ය ලෙසම නොකරන බවය.

තමන්ගේ සැලැස්ම වාස්තු විද්‍යාත්මකව අදින ලද බව යමෙක් පැවසුවේනම් එය සත්‍යයමද යන්න හිතා බැලීමට එක් සාධකයක් ඇත.

ඒ ඔබේ වඩු රියන ඔහු විසින් මැන බැලුවේද යන්න සිතා බැලීමයි.

වඩු රියන යනු ගෘහමුලිකයාගේ අතින් ලබා ගන්නා මිම්මකි.

හිතන්න……..

එය ලබා නොගත්තේනම් වාස්තු විද්‍යාත්මකයි කී ඔබේ නිවස පිලිබදව යලි යලිත් හිතන්නට වෙලා නේද ?

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x