තරු වළල්ල

වැසිකිලි වලෙන් ඇතිවුණු හදවත් රෝගය . . .

නිවසක වාස්තු කියන්නේ අත්‍යාවශයෙන්ම ඉතා සුබ ආකාරයෙන් පැවතිය යුතු දෙයක්.. වාස්තු නිවැරදිවීම කියලා කියන්නේ මොකක්ද ? මේක මහා බැරූරුම් දෙයක් නොවෙයි. ඒ ඒ දිශාවට සුබ අසුබ දේවල් තේරුම් අරගෙන එ දේවල් නිසිලෙස ස්ථානගත කිරීම තමයි සරලව කිව්වොත් වාස්තු කියලා කියන්නේ….

ඒ ඒ දිශාවන් වලට නොගැලපෙන දේවල් ස්ථාන ගත වුනොත් එතන නොගැලපෙන තත්වයන් නිර්මාණය වෙනවා. ටිකක් හිතන්න ගවුමක් අදින්නේ කාන්තාවන්නේ හැබැයි ඒ ගවුම පිරිමියෙකුට අදින්න බැරි කමක් නෑනේ … හැබැයි ඒ ගවුම පිරිමියෙක් ඇදන් පාරේ යන්න ගියොත් නොගැලපෙන බවක් වගේම ප‍්‍රශ්ණ ගොඩකුත් නිර්මාණය වෙනවා… වාස්තු කියන්නේ ඔන්න ඔය නොගැලපෙන බව වගේම ගැටෙන තැන් පාලනය කරගන්න ක‍්‍රමයයි….

පසුගිය දිනක සිදුවුණු පුංචි සිදුවීමක් මම ලියන්නම් මේ නොගැලපෙන බව තේරුම් ගන්න එය හොද උදාහරණයක් වේවි.

නිවසක වාස්තු පරික්ෂා කරමින් ඉන්න විට ඒ අයගේ වැසිකිලි වල පිහිටා ඇති ආකාරය මත මම කිව්වා
මේ ගෙදර අනිවාර්යයෙන්ම හදවත් රෝගීන් ඉන්න ඔනේ

මම ඒහෙම කියන්න ප‍්‍රධාන හේතු දෙකක් තිබුණා.

1. ඔහුනගේ ප‍්‍රධාන දොරට ඉදිරියෙන් වු පෝටිකෝව තුළ වැසිකිලි වල පිහිටා තිබීම

2. වැසිකිලි වල පිහිටා තිබු දීශාව අසුභ වීම

මම එමෙම කිව්ව ගමන් ඇවිල්ලා හිටපු අය එක විටම කිව්වා

ගෙදර වාස්තු බලන්න හේතුවත් එකම තමයි මහත්තයෝ දැන් අවුරුදු හය හතක ඉදන්ම මගේ සැමියා ලෙඩින්.. එකපාරටම එයාට පපුවේ අමාරුවක් ආවා…. කොච්චර බෙහෙත් කලත් වැඩක් නෑ….

ඉක්මණින් ඔය වැසිකිලි වල වහලා දාන්න.. ඊට පස්සේ ටිකින් ටික ලෙඬේ අඩුවෙලා යාවි…

මේකට විසදුමක් නොකලොත් අනික් අයත් ලෙඩ වේවි…

මහත්තයෝ ලගකදි ඉදන් මටත් කොලේස්ට්‍රෝල් වැඩි වෙන්න පටන් අරන්….

වාස්තු …. කියන්නේ ඔන්න ඔය ටික හදුන ගන්න එකට…

කෙනෙක්ට කියන්න පුලූවන් වැසිකිලි වලකට මොන වාස්තුද කියලා… නෑ එය වැරදියි… නිවසක ඉතා කුඩා අංගයත් නිසි දිශාගතවීමක් තුළ ස්ථාපිත විය යුතුයි.

නැතිනම් ගැටලූ ගොඩක ආරම්භයත් එයමයි…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

3.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x