හෙළ වාස්තු

රූ වැටුණු වල උදෙන්ම වසා දමන්න

යම් ඉඩමක නිවසක් හැදීමේදි ඒ නිවසේ මුලික අංග අතරට වලවල් කිහිපයකුත් ඇතුලූ වෙනවා. ඒ ලිද වැසිකිලි වල හා අපජල වලයි.. පොලවේ ඉදිකල මාලූ ටැංකි වගේ දේවලූත් වැටෙන්නේ ඒ ගණයටමයි.
වලක් කියන්නේ පවතින භූමිය හරා ඉදිකරන්නක්… නමුත් ඉහතින් සදහන් කල වලවල් තුන අයත් වෙන්නේ එක් භූතයකට නොවෙයි …

තුනම වලවල්නම් ඇයි එහෙම වෙන්නේ…

එහි වෙනත් හේතුවක් තියෙනවා. ලිද කියන්නේ ජලය පිරී තැනක්…. වැසිකිලි වල හා අපජල වල එයට වෙනස්… එවිට මේ වලවල් තුන මගින් නිර්මාණය කරණු ලබන ශක්තිය එකිනෙකට වෙනස් වෙනවා.. එහිදී භූමියේ මේ වලවල් ස්ථානගත කල යුතු ස්ථානයනුත් එකිනෙකට වෙනස්..

මෙම ස්ථානගත වීම වැරදුනොත් බොහෝ ප‍්‍රබල ගැටලූ නිර්මාණය වෙනවා. ආර්ථික බිදවැටීම් ගර්භාෂගත රෝග ගැස්රයිටීස් තත්ව මානසීක ආතතිය මේ අතරින් ප‍්‍රධානයි…

ඒ නිසා හිතුමතේට වලවල් කැපීම වෙනුවට සුදුසු තැන හදුනගෙන වලවල් කපන්න… ඒ වගේම දැනටමත් හිතුමතේට කපපු වලවල් තම භූමියේ තියෙනවනම් ඒ වලවල් කපපු තැන් නිවැරදිද කියලා ටිකක් හොයා බලන්න…

මෝල් ගහත් පත්තු වෙන වෙලාවක් තියෙනවා.. භූමියේ වාස්තු ගැටලූ අපිට පීඩාව ගේන්නේ අපේ වෙලාව නරක් වුණාමයි..
මගේ අත්දැකීම් කිහිපයක්ම මේ පිලිබදව තියෙනවා…

මාස තුනකට කලින් එක් ව්‍යාපාරිකයෙක් ආශ‍්‍රමයට ආවා තමන්ගේ බිදවැටීමට හේතු හොයාගෙන.. මම දැක්ක ප‍්‍රධානම හේතුව නිවසේ පවතින වාස්තු ගැටලූවක් … මම මේ ගැන ගැඹුරින් නොසොයා ඔහුට කිව්වා මෙතන තියෙන්නේ වාස්තු ගැටලූවක් කියලා… එත් ඔහුට ඒ වෙලාවේ කාලා ඇදලා ඉන්න තරම්වත් ආර්ථික ශක්තියක් නෑ .. ඒ නිසාම මා මාස තුනකට විශ්ව පිලියමක් දුන්නා වාස්තු පාලනය වෙන්න… ඒ කියන්නේ තම ආර්ථිකය යම් මට්ටමකට ගොඩනගා ගන්න තෙක් වාස්තු දෝස තාවකාලිකව පාලනය කිරීමක්….

පසුගිය සතියේ මාස තුන අවසන් වෙන්න ඔන්න මෙන්න තියා ඔහු ආශ‍්‍රමයට පැමිණියා නිවසේ වාස්තු නිවැරදි කර ගන්න. දැන් ඔහු ආර්ථිකමය වශයෙන් ගොඩනැගෙමින් පවතිනවා. ඔහුගේම වචනයෙන් කියනවනම් දැන් ඔහුට දවසකට රුපියල් 15000 විතර ශූද්ද ලාබයක් තියෙනවා…. ඉතින් මා ඔහුගේ නිවසේ වාස්තු පරික්ෂා කරා…

මෙන්න මේ වැසිකිලි වලයි ඔබේ ආර්ථිකය බිදදමන්නේ….

ඔව්නේ මහත්තයෝ ඔය වල කපපු දවසේම මගේ ජොබ් එක නැති වුණානේ…

එහෙනම් ඔය වල වහල දාන්න…..

ඔහුන් ඊයේ කථාකරලා කිව්වා අලූත් වල කපන්නත් ඒ පස්වලින් පරණ වල වහන්නත් පටන් ගත්තා කියලා…

මේ දෙවන අත්දැකීම……

ආශ‍්‍රමය සමග බොහෝ හිතවත් විදේශයක සිටින දරුවෙක්ගේ නිවසේ වාස්තු නිවැරදි කිරීම් කිහිපයකට උපදෙස් දෙන්නට ඒ භූමියට යෑමට මට සිදුවුණා. එවන් අවස්ථාවකදී එම නිවසේ ලිද පිහිටා ඇති ආකාරය දුටු මම මේ ලිද මෙතන තිබ්බොත් මේ ගෙදර ගැහැණු අයගේ ආමාශයේ කල්පවතින රෝගී ගති අනිවාර්යයි කියලා කිව්වා.

එවිට ඒ ගෙදර අය කියනවා ඔහුන්ගේ අම්මා නැතිවෙලා තියෙන්නේ අමාශයේ පිලිකාවකින් … කෑම දිරවන්නේ නැති ගැටලූවකින් කාලයක් පිඩා විදලා… එත් ගෙදර අයට මේක කියලා නෑ අන්තිමට තමයි දැනගෙන තියෙන්නේ….

තෙවන අත්දැකීම…..

ඔහු පුවත්පතක ජායාරූප ශිල්පියෙක්….

ඔහුගේ නිවසේ ප‍්‍රධාන දොරින් එලියට බහින විටම තියෙන්නේ වැසිකිලි වල .. එය පැවති දිශාවත් එක්කම මම ඔහුට කිව්වා අනිවාර්යයෙන්ම මේ ගෙදර හෘර්ධ රෝගීන් ඇති කියලා…

වසර කිහිපයක් සිට ඔහු දැඩි හෘර්ද රෝගයකින් පිඩා විදිමින් සිටින බවත් සති කිහිපයක සිට බිරිදටත් එවැනි තත්වයක් මතුවෙමින් පවතින බවත් ඔහු පැවසුවා.නිවසේ වාස්තු පරික්‍ෂා කරන්නට හේතුවෙලා තියෙන්නෙත් මේ රෝගී තත්වයමයි..

සිව්වන අත්දැකීම …

ඉණ ප‍්‍රදේශයේ අස්ථි දීරීමක් හේතුවෙන් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සැත්කමකට පැමිණි තරුණයෙකුට රෝහලේදි කවුරු හරි කියලා සැත්කමට කලින් ආශ‍්‍රමයට ගිහින් නිමිත්තක් බලලා ඉන්න කියලා…

කොහොම හරි ඒ තරුණයාගේ මව මා හමුවට පැමිණියා.

මම නිමිත්ත තුළින් දුටුවේ වත්තේ තියෙන කොහිල වලක් … මම දුන්න උපදේශය තමයි ඉක්මණින් කොහිල කලවලා දාලා රතුපස් දාලා වල වහලා දාන්න කියන එක… ඉතින් ඔහුන් එය කලා… දැන් ඔහුගේ රෝගය ඉබේම පාලනය වෙලා…

මම මේ කිව්වේ මගේ අත්දැකීම් කිහිපයක් විතරයි. තව බොහෝ අත්දැකීම් තියෙනවා. ඒ නිසා තමන්ට පිඩාව ගෙනෙනකන් ඉන්නේ නැතිව තම භූමියේ ඇති වලවල් වල පිහිටීමේ සුභ අසුභ නිශ්චය කර ගැනීම ඉතා වැදගත්…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x