හෙල වාස්තු

බ‍්‍රහ්මපාද මිත්‍යාව........

බ‍්‍රරමස්ථලය වාස්තු විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයකි. එහෙත් එය වර්ථමානය වන විට වාස්තු වේදීන් මෙය පටලවාගත් සංකල්පයක් බවට පත්ව ඇත .

බ‍්‍රහ්මතලය යනු භූමියක හරි මැද නැතහොත් මැද කොටසයි. මෙය විද්‍යාවෙන් කියතහොත් න්‍යෂ්ටියයි. ඕනෑම මධ්‍ය ලක්ෂයක් තුළ පවතින්නේ අග්නි ශක්තිය බව අපි දන්නා කරුණකි.

මෙය නිවසකටත් පොදු සංකල්පයකි.

බ‍්‍රහ්මපාදය ගිණි කතිරය ආදි නම් වලින් මෙම ඉඩමේ හා නිවසේ මධ්‍ය රේඛා ජේදනය වන ස්ථාන හදුන්වති.

මට කියන්නට අවශ්‍ය වෙනත් කරුණකි.

මධ්‍ය ලක්ෂය පාගන්නට නුසුදුසු බව කියමින් බොහෝ වාස්තු වේදීන් මේ මධ්‍ය ලක්ෂය බිත්තියක් තුළට හෝ ආසන්නයට යෙදමින් නිවාස සැලසුම අදිති.

නැතහොත් නිවසේ සැදට කණුවක් හෝ බාත්රූමය යෙදති .මෙය සම්පුර්ණයෙන්ම වැරදි සංකල්පයකි.

පැරණි මාලිගා නිර්මාණයේදි භූමියේ මධ්‍ය ලක්ෂය රජමාලිගයේ දොරටුව ඉදිරිපිටටත් මාලිගයේ මධ්‍ය ලක්ෂය රජුගේ සිංහාසනය ඉදිරියටත් ගෙන මාලිගා නිර්මාණය කරන්නට හෙළ වාස්තුවේදියා දැනුවත්ව සිටියේය.

ප‍්‍රධාන දොර ඉදිරියට ගිණිකතිරය ගත් කල එය පෑගීම අනිවාර්යයෙන් වන දෙයකි.

මෙහිදි මග හැරවා ඇත්තේ වර්ථමාන වාස්තුවේදින් අනිවාර්යයෙන්ම සිදුකරන වරද නිවැරදි කිරීමය . එනම් බිත්ති හෝ වෙනත් බාදාවන්ගෙන් මධ්‍යය අවහිර නොකිරීමය.

ප‍්‍රධාන දොරටුව හෝ රජු ඉදිරියේ කිසිවක් තබමින් එය අවහිර කිරන්නේ නැත .

මෙය බොහොම සරලව පඩුවස් නුවර පරාක‍්‍රමබාහු මාලිගයෙන් ( පසුව නිශ්ෂංකමල්ල මාලිගය ) තේරුම් ගැනීමට උත්සහ දරමු.


මෙම මධ්‍ය ලක්ෂය ඇහිරිම නිවැසියන්ට ප‍්‍රබල ගැටලූ ඇතිකරනු ලබන දෝෂයකි.

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x