හිරන්‍ය කාශ්‍යප

පිටසක්වලයෙකුගේ සාපයකින් උපන් හිරන්‍ය කාශ්‍යප

හෙළ පොලවේ බලවත් වු සෑම අසුර රජකු ගේම ඝාතකයා බවට පත්ව ඇත්තේ විෂ්ණු අවතාරයක්ය යන්න මතු කර දැක්වීම උදෙසා විෂ්ණු දස අවතාර සංකල්පය ගොඩ නැගී ඇති බව පෙනී යන කරුණකි.

මෙම දස අවතාර මෙන්ම එම දස අවතාර හරහා වනසා දැමූ අසුර රජවරුන්ද විෂ්ණු සංකල්පය තුළටම ගොනු කරගන්නට ඔවුහු උත්සාහ ගත්හ.

භගවත් පුරාණයේ සදහන් වන හිණ්‍ය කාශ්‍යප රජුගේ උපත තුළින් ඔවුන් එහි කූටප්‍රාප්තියට පත් වෙති.

බලි යුගයට පෙර හෙළ පොලවේ වාසය කළ ්‍රේෂ්ඨතම පාලකයා වූයේ හිරන්‍ය කාශ්‍යප රජු ය. ඔහු අසුර පාලකයෙකි. මෙම අසුර රජුගේ බලය තුන්ලෝකයම ඔහු යටතට පත් කරගන්නට තරම් බලවත් වූ අතර ලෝකයේ බොහෝ ප්‍රදේශ තුල ජනාවාස ගොඩනැංවීම සිදුවූයේ මෙම අසුර රජු ගේ මැදිහත් වීමෙන් යැයි විශ්වාසයක් පවතී.

භගවත් පුරාණයට අනුව හිරන්‍ය කාශ්‍යප රජුගේ උපතට හේතු වන්නේ සාපයකි.

ජය සහ විජය යනු විෂ්ණුගේ මාළිගය වූ වෛකුණ්ඨයේ දොරටුපාලකයින් දෙදෙනාය. එක් දිනක් විෂ්ණු දෙවියන් හමු වීම උදෙසා සනත් කුමාර නම් සෘෂිවරයෙකු පැමිණෙන අතර පෙර අවසරයකින් තොරව පැමිණීම හේතුවෙන් ජය සහ විජය ඔහුට විෂ්ණු දෙවියන් හමු වීම උදෙසා අවස්ථාව සලසන්නේ නැත.

සනත් කුමාර සෘෂි යනු කවරෙක් ද යන්න පිළිබඳ මතවාදයන් කිහිපයක් පවතී. හෙළ පොළොවේ ජීවත් වූ කදිර සනත්කුමාර ලෙස හැඳින්වූ බව එක් පිරිසකගේ මතයයි. නේපාල වැසියන් විශ්වාස කරන පරිදි සිකුරුගේ සිට පැමිණි කුමාර ලීලාවක් සහිත බෝධිසත්ව වරයෙකු ලෙසින් ද ඔහුව සැලකේ.. එහෙත් මා විශ්වාස කරන පරිදි සනත්කුමාර යනු පේරු ශිෂ්ටාචාරය තුළ ජීවත් වූ පෘථිවි නිර්මාණය මනුෂ්‍යයාගේ නිර්මාණය කිරීම් ආදි සියල්ලට දැනුම සැපයු මුල් ජීවී කාණ්ඩයට අයත් වුවෙක් විය යුතුය.

කෙසේ වෙතත් සනත් කුමාර ඍෂිගේ ගමනට බාධා කිරීම හේතුවෙන් ඔහු විසින් දොරටුපාලයන් දෙදෙනාට ආත්ම හතක් මිනිසුන් අතර පොළොවේ උපත ලැබිය යුතුයයි සාපයක් කරන ලදී .

එහිදී අපට තේරුම් ගත හැකි වන එක් කරුණක් වනුයේ මිනිස් ආත්මය ගමන් කරවිය යුතු තැන තීරණය කිරීමේ හැකියාවක් සනත් කුමාර සෘෂිවරයාට තිබී ඇති බවයි . නැතහොත් ඉහළ මානවල සිටින ජීවීන් දඩුවම උදෙසා බන්ධනාගාර ග්‍රහලෝකය වෙත යැවීමේ හැකියාවක් ඔහු සතුව තිබී ඇති බවයි.

එතරම් කාලයක් විශ්ණු දෙවියන් ගෙන් මිදී ජය සහ විජයට සිටිය නොහැකි වු හෙයින් ජය සහ විජය තමන්ට ලැබුණු දඬුවමෙන් තමන්ම මුදවන ලෙස විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

සනත් කුමාර සෘෂි විසින් පැනවු දඩුවමක් අහෝසි කිරීමේ හැකියාවක් විෂ්ණු දෙවියන් තුළ නොපැවති බැවින් ඒ උදෙසා තෝරා ගැනීමේ අවස්ථා දෙකක් ලබා දුනි.

පළමුවැන්න වූයේ විෂ්ණු දෙවියන්ට හිතවත්ව නැතහොත් විෂ්ණු බැතිමතුන් ලෙසින් ආත්ම හතක් මිනිස් ලෝකයේ මිනිසුන් ලෙස ජීවත් වීමයි.

දෙවැන්න වූයේ විෂ්ණු දෙවියන්ට සතුරුව ආත්ම තුනක් මිනිසෙකු ලෙස ජීවත්වීමයි.

මෙම තෝරාගැනීම් දෙකෙන් එකක් හෝ සම්පූර්ණ කිරීමෙන් පසු යළි ඔවුනගේ පැවැත බලය සමග වෙකුන්ටයේම ජීවත් වීමේ හැකියාව ලබා දීමට විෂ්ණු දෙවියන් පොරොන්දු විය.

ආත්ම හතක් තරම් දිගු කාලයක් දඬුවමක් ලෙස තම බලවත් බව හා විෂ්ණු දෙවියන් අතහැර ජීවත් විය නොහැකි බව තීරණය කල ජය සහ විජය විශ්නු දෙවියන්ගෙ සතුරන් ලෙසින් ආත්ම තුනක් මිනිස් ලොව ඉපදීම තෝරා ගත්තේය.

මෙම තෝරා ගැනීමෙන් පසුව ජය හා විජය විවිධ චරිතයන් ලෙසින් මිනිස් ලොව උපත ලැබීය.

හිරන්‍ය කාශ්‍යප , රාවණ හා ශිෂුපාල ලෙසින් ආත්ම 3ක ජය උපත ලැබීය.

හිරන්‍යාක්ෂ කුම්භකර්ණ හා දන්තවක්‍ර ලෙස විජය උපත ලැබීය.

විෂ්ණු දෙවියන්ගේ නරසිංහ අවතාරය, රාම අවතාරය හා ක්‍රිෂ්ණ අවතාරය විසින් මෙම ආත්ම තුනේ දී ජයව හා විජයව මරා දමනු ලැබීය.

ශිෂුපාල හා දන්තවක්‍රව ඝාතනය කිරීමෙන් පසු ඔවුනගේ සාපය අවසන් වූ අතර ජයගේ හා විජයගෙ ශරීරවලින් පැනනැගී ආත්මයන් ක්‍රිෂ්ණාගේ ශරීරය හා බද්ධ වූ බව භගවත් පුරාණයේ සඳහන් වේ.

මෙමගින් මතුකර පෙන්වීමට උත්සාහ දරන්නේ ජය සහ විජය විෂ්ණු ශක්තියේම යම් ඛණ්ඩනයක් බවයි.

භගවත් පුරාණයේ දක්වා ඇති අදහස හා පූර්ණ ලෙස අපට එකඟ විය නොහැකි වුවත් මෙහි ගත හැකි හරයන් ගණනාවක් පවතී.

දීක්ෂා ගුරු

කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close