හිරන්‍ය කාශ්‍යප

අසුරයන්ට පහරදෙන විෂ්ණු සිරියන්වරයෙක්ද ?

හෙළ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කර බලන විට විෂ්ණු දසාවතාරයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ අසුර අධිරාජ්‍ය පෙරළා දැමීම උදෙසා බව පෙනීයන කරුණකි.

නරසිංහ අවතාරය විසින් හිරන්‍ය කාශ්‍යප රාජ්‍යය විනාශ කර දමනු ලබයි.

වාමන අවතාරය විසින් බලි රජුව ජීවග්‍රහයෙන් අල්ලාගෙන එම පාලන තන්ත්‍රය පෙරලා දමනු ලබයි.

රාම අවතාරය විසින් රාවණ රජුගේ පාලනය බිද දමා ඔහුනට හිතැති පාලනයක් ගොඩනගා ගනු ලබයි.

කුරුම අවතාරය විසින් සූරයන් සහ අසුරයන් එක්ව විශ්වයේ ඇති දැනුම තමන් සතු කර ගැනීමේ තරගයක යෙදෙන අවස්ථාවේ ( කිරි මුහුද කැලඹීම යනු එයයි ) වැඩි සහයෝගය සුරයන්ට ලබා දෙයි.

විෂ්ණු යනු නිල් පැහැයෙන් සංකේතවත් කරනු ලබන දෙවි කෙනෙකි. විෂ්ණු දෙවියන් නිල්පාටින් සංකේතවත් කරනු ලබන්නේ කුමක් නිසා විය හැකිද ?

අතීතෙදි දෙවියන් බවට අර්ථකථනය කෙරුණේ ඉහළින් පැමිණි මිනිසුන් ය. පෘථිවි නිර්මාණය උදෙසා දායක වූ බොහෝ ජීවී කාණ්ඩයක් පිළිබඳව මා පෙර ලිපි වලින් පෙන්වා දුන්නෙමි.

නිල් මිනිසුන් වර්ග කිහිපයක්ම ඉහළ මාන වල ජීවි කාණ්ඩයන් අතර දැකගත හැකි වේ. පූර්ණ මිනිස් රූපය සහිත ජීවී කාණ්ඩයන් ලෙස nordic වරු හා සිරියන් වරු දක්වාලිය හැකිය. මෙම කාණ්ඩ දෙකම එක ලෙස බලවත් වන අතර මෙම කාණ්ඩ දෙකම දෙවියන් හා සමාන මට්ටමින් පැරණි ශිෂ්ඨාචාරයන් තුල බලවත් ව සිටි බවට සාක්ෂි ඕනෑතරම් දැකගත හැකි වේ.

මා පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ආගමික පසුබිම තුළ දොරටු ආරක්ෂකයින් ලෙස නම් කරනු ලබන්නේ හයවන මානයේ ග්‍රහ ලෝකයන් සේ සැලකෙන Sirius පද්දතියේ සිරියන්වරුය. එසේම මොහු විශ්වය පුරා පිහිටි ග්‍රහලෝකවල ජීවත්වන ජීවී කාන්ඩ යන්ගේ ගැලවුම් කරුවන් ලෙස සලකති.

එසේනම් අපිට සිතිය හැකි කාරණාවක් වෙයි. විෂ්ණු දෙවියන්ගේ වෛකුන්ටය යනු හයවන මානයේ සිරියන් වරුන්ට අයත් sirius ග්‍රහලෝක තුනෙන් එකකි. Sirius C ග්‍රහලෝකය විනාශ වී ගිය බව පෙර ලිපියෙන් පෙන්වා දුන් බැවින් Sirius A/B දෙකෙන් එකක් විෂ්ණුගේ ලෝකය විය යුතුය.

විෂ්ණු යනුද සිරියන් වරයෙකු නම් ජය හා විජය ද විශ්ව පාලනය පිළිබඳ සක්‍රීය ව කටයුතු කරන ලැබූ සිරියන් වරු දෙදෙනෙකි.ජය හා විජය සිදුකල යම් වරදක් හේතුකොට ගනිමින් දඩවම් උදෙසා ඉහළ මානවල දඬුවම් ග්‍රහලෝකය ලෙසින් සලකනු ලබන පෘථිවිය වෙත එවන්නට ඇතැයි සිතිය හැකිය.

භගවත් පුරාණය හා භගවත් ගීතාව පරිශීලනය කර බලන විට දස අවතාර තුළ නාග බලය මර්දනය කිරීම උදෙසා විෂ්ණු ගේ මැදිහත් වීම පිළිබඳ බොහෝ අවස්තා දැකගත හැකි වේ.

එසේම මුල් ශිෂ්ඨාචාර හත තුළම නාග බලය මැඩ පවත්වන විෂ්ණු දෙවියන් ගේ රුවට සමාන රූප දැක ගත හැකි වේ.

මගේ අදහස නම් විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන් තුළ ඇති ප්‍රධාන රණකාමී අවතාර කිහිපයම හරහා නියෝජනය කරනු ලබන්නේ galactic federation හී ප්‍රබල නියෝජිතවරයෙකි.

ඔවුන්ට අවශ්‍ය වනුයේ පෘථිවිය තුළ නාග බලය වර්ධනය වීමට ඉඩ නොදී පවත්වා ගැනීමයි. මෙහි දී නාග බලය යනුවෙන් අදහස් කරන්නේ විශ්වයේ අඳුරු බලයේ ව්‍යාප්තිය වන පුරාණ අධිරාජ්‍යයේ ( old empire ) බලය පාලනය කිරීමයි.

විෂ්ණු අවතාර වල ක්‍රියාත්මක වීම සිදු වී ඇත්තේ හිරන්‍ය කාශ්‍යප , බලි රජු , රාවණ රජු , දුර්යෝධන් ආදී රජවරු ම බලය සමස්ත පෘථිවිය තුළ ව්‍යාප්ත කිරීමේ දීය. එමගින් පෙනී යන්නේ මෙම විෂ්ණු අවතාර යන්ට මුල් කාලීනව එම රජවරු විනාශ කිරීමේ අවශ්‍යතාවයක් නො පැවතීමත් එම රජවරුන්ගේ බලය වර්ධනය වන අවස්ථාවේ දී ඔවුන්ව පාලනය කිරීමේ අවශ්‍යතාවය මතු වීමත් ය.

galactic federation හී බලය අභිබවා යන පාලකයෙකු හෝ old empire සහය ලබන පාලකයෙකු පෘථිවිය මත ස්ථාවර වීම් උදෙසා අවකාශ නොදෙන බව පෙනී යයි.

සිරියන් වරයෙකු ලෙස විෂ්ණු විසින් දිගින් දිගටම නාග බලය බිද හෙලීම උදෙසා තම බලය යෙදවීමට විශේෂ කාරණයක්ද පවතී .

අප මෙම සිදුවීම් සියල්ලම සිදුවුවායැයි විශ්වාස කරණු ලබන්නේ කලි යුගයට පෙර අවධියේදීය . මෙම යුගය වන විට සීරියස් ග්‍රහලෝක ත්‍රීත්වය old empire ආක්‍රමණයකට ලක්වෙමින් පැවති යුගයයි. එබැවින් පුරාණ අධිරාජ්‍යවාදින්ගේ විශ්විය බලය බිදහෙලීම උදෙසා මෙම ප්‍රහාර සිදුවුවා යැයිද අනුමාන කල හැකි වේ.

සිරියන්වරු පිළිබද වැඩිදුර දැනගැනීමට පහත ලිපිය කියවන්න

රේඩියෝ දුරේක්ෂය බිද දමමින් සිරියන් වරු පැමිණියාද ? ( sirians Alien )

දීක්ෂා ගුරු

කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close