නොපෙනෙන ලෝකය

අම්මා යකින්නක වී පුතාගෙන් පලිගන්න ඇවිත්

අමල් ප‍්‍රධාන නගරයක පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකි. ගමෙන් නගරයට පැමිණි ඔහු, ටිකින් ටික ගම අමතක කර කොළඹම ස්ථාවර වන්නට විය. විදේශ වෛද්‍ය උපාධියක් ලබා සිටි අමල් වැඩි කාලයක් ගත කළේ තමාගේ වෛද්‍ය ආයතනයෙහිය.
පහත රට වලව් පරම්පරාවකින් පැවැත ආ ඔහු දන්නා කියන කාලයේ සිටම තම මව සමඟ යහපත් සබඳතාවක් පැවැතියේ නැත. එයට හේතුවූයේ පියාගේ මරණයෙන් පසු තම මවගේ හැසිරීම් රටාව පිළිබඳ ඔහු තුළ වූ අකැමැත්තය. මවගේ අනියම් සබඳතා කිහිපයක් පිළිබඳ ගමේ විවිධ කටකතා පැතිර යද්දී ගමෙන් පිටවීමේ ක‍්‍රමයක් ලෙසින් විදේශීය අධ්‍යාපනය තෝරා ගත්තේය. කාලය කෙමෙන් ගෙවී ගියේය. හය වසරකට පසු ඔහු ලංකාවට පැමිණියේ වෛද්‍යවරයකු ලෙසය.
තම ගමට නොගිහින් නගරයේ වෛද්‍ය ආයතනයක් ඇරැුඹීමට ප‍්‍රධාන හේතුව වූයේ ද තම මවගේ ක‍්‍රියා කලාපය පිළිබඳ අමල් තුළ වූ අකැමැත්තය. කාලයත් සමඟම අමල් තම විවාහය සැලසුම් කරන්නට විය. ඇයගේ පෙම්වතිය වූයේ ඔහුගේ යටතේ සේවය කළ හෙදියකි. මව මෙම විවාහයට දැඩි ලෙසින් විරුද්ධ විය. එයට හේතු වූයේ පවුල් පංතිවල නොගැළපීමයි. කොළඹ සාමාන්‍ය පවුලක තරුණියක වූ අමල්ගේ පෙම්වතිය වූ නිකිණි හා පැවැති සබඳතාව බිඳදැමීම උදෙසා මව විවිධ සැලසුම් ක‍්‍රියාත්මක කළාය. අමල් මේවා එතරම් ගණන් ගත්තේ නැත. ඔහු මවගේ සහභාගිත්වයෙන් තොරව විවාහ උත්සවයක් ගෙන නිකිණි හා කොළඹට ආසන්නයෙන් කුලියට ගත් නිවසක පදිංචි විය.
මෙම සිදුවීම හේතුවෙන් අමල්ගේ මව අමල්ව පවුලෙන් ඉවත්කිරීමට තීරණය කළාය. පවුලේ එකම දරුවා වූ අමල්ට පිය උරුමයෙන් කිසිවක් ලබා නොදීමට ඇය තීරණ කළාය. අමල් ද ඉඩකඩම් පිළිබඳ එතරම් තැකීමක් නොකළේය. කාලයත් සමඟ සියල්ල විසෙ`ද්යැයි අමල් සිතුවේය. අමල්ගේ පියාට අයත්ව තිබූ ඉඩම් කැබලි කිහිපයක් මව මේ අතරතුර විකුණා දැමුවාය. ඇයගේ ජීවිතයේ වෙනසක් නොවුණු අතර සුපුරුදු ලෙසම ඇගේ සෙල්ලක්කාරී ජීවිතය පැවැතුණි. තම පියාගේ ඉඩකඩම් විකුණමින් එම මුදල් අනියම් සැමියන් උදෙසා වැයකිරීම අමල් බොහෝ අමාරුවෙන් ඉවසා සිටියේය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. වසර දහයකට පමණ පසු එක් දිනක අමල්ගේ වෛද්‍ය ආයතනය වෙත පොලිස් නිලධාරියකු පැමිණියේය. ඒ අමල්ගේ මව නිවස තුළ මරාදමා ඇති ආරංචිය දැනුම්දීම සඳහාය. මව හා අමල් අතර වූ සබඳතාව සුබවාදී එකක් නොවුව ද, අමල් ඇයගේ අවසන් කටයුතු උපරිමයෙන් සිදුකළේය. මව මරාදැමූ ඝාතකයෝ අල්ලාගැනීමට කළ හැකි සියල්ල සිදු කළේය. එහෙත් එයද එළි නොවුණු මිනීමැරුමක් බවට විය. අමල් සිය පියාගේ ඉඩකඩම්වල පාලනය අතට ගත්තේය.
වසර කිහිපයක් ගෙවී ගියේය. වෛද්‍ය ආයතනයේ සේවය කරමින් සිටි අමල්ගේ හැසිරීම් රටාව සාමාන්‍ය නොවන බව එහි සිටි සේවිකාවට වැටහුණි. ඒ රෝගීන් කිහිපදෙනකුට නිර්දේශ කර එවූ බෙහෙත් වර්ග අදාළ රෝගයට නොගැළපෙන ඒවා වීමයි. මේ පිළිබඳ ඇය අමල්ගෙන් විමසූ විට කිසි දිනක නොවූ ලෙස ඇයගේ ඇඟට කඩා පැන්නේය. එම තරුණිය අමල්ගේ බිරිඳට කතා කර සිදුවීම පැවැසුවාය. එදින වෛද්‍ය ආයතනය වසාදමා අමල්ව නිවසට රැුගෙන ගියාය.
අමල්ගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන්නට විය. නිවසේ කිසිවකු සමඟ කතා කිරීමට ඔහු කැමැති වූයේ නැත. හුදෙකලාව කාමරයට වී කල්පනා කරමින් කාලය ගතකරන්නට විය. වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම පවා ප‍්‍රතික්ෂේප කළ ඔහුගේ දිනෙන් දින තත්ත්වය උග‍්‍ර වන්නට විය.
රෝගී තත්ත්වය මතුවී සිවුවන දිනයේ උදෑසන කාමරයේ අමල් දක්නට නොලැබුණි. අහල පහල සොයා බැලූවද ඵලක් වූයේ නැත. නිවැසියෝ දැඩි ලෙස කලබල වන්නට වූහ. පසුදා දහවල් වනවිට ඔහු ගැන ආරංචියක් ලැබුණි. ඔහු ගමේ නිවසට පැමිණ ඇත. මඟ දෙපස වූ කුණු ඇද පාරට දමමින් රාත‍්‍රි ඇඳ සිටි සරමෙන්ම පිස්සකු විලසින් ඔහු ගමට පැමිණ ඇත. සෙරෙප්පු දෙකක්වත් ඔහුගේ පයේ නැත.
අමල්ට සිදුවූයේ කුමක්ද? කිසිවකුට සිතාගත නොහැකි විය. මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර දිගින් දිගට ගත්තද සුව අතට පත්වන බවක් දැකගන්නට නොහැකි විය. වෛද්‍ය විද්‍යාවෙන් පිහිටක් නොලද තැන නිවැසියෝ ගුප්ත විද්‍යාවේ පිහිට සොයා යන්නට වූහ. දන්නා කියන අයකු සමඟ සාස්තරයක් බැලීමට ගිය නිකිණිට එහි දී මේ අවස්ථාවේ අමල් සිටිනා ආකාරය විස්තර කර පැවැසුවේය. මෙය මානසික රෝගයක් නොවන බවත් මළගිය ආත්මයක බලපෑමක් බවත් පැවසුවේය.
එක්වනම එය පිළිනොගත ඇය අමල්ගේ ජන්ම පත‍්‍රය පරීක්‍ෂාකර බැලීම සඳහා මා වෙත රැුගෙන ආවේය. ඔහුගේ කේන්ද්‍රය තුළින් ඔහුගේ මනස පාලනය කරන ඔහු හා වෛරයෙන් සිටින ප‍්‍රබල මළගිය ආත්මයක් ඇති බව පැහැදිලි විය. රාහු මහ දශාවේ ශනි අතුරු දශාව ගත කරමින් සිටීම හරහා ඔහුට මළගිය ආත්මයේ දැඩි බලපෑම එල්ල වනබව මම පැවැසුවෙමි.
මේ සිදුවීමෙන් පසු ඉතා ඉක්මනින් මළගිය ආත්මය ඉවත් කිරීමේ කටයුතු උදෙසා තොවිලයක් ලක ලෑස්ති විණි. කොළඹට ආසන්න ප‍්‍රදේශයක අත්දැකීම් සහිත කපු මහතකු මේ සඳහා තෝරා ගැනුණි. සුපුරුදු ලෙස මල් යහන්, දොළ තටු, පෙරේත පූජා, හත් මාළු, විසිඑක් මාළු, ඇට ඇටි, ගොඩදිය මස් මෙන්ම කුකුළු ලේ ගොටුද සහිතව සියල්ල සංවිධානය විණි. රාත‍්‍රිය එළඹියේය. අමල් අල්ලාගත් කිහිපදෙනක් පැදුරේ වාඩි වී සිටියෝය. බෙර හඬට කපුමහතා ආරූඪ වී නොතේරෙන බසින් මොන මොනවදෝ මතුරයි. ආතුරයා වූ අමල්ව පැදුරේ තබා ගැනීම ඉතා අපහසුය. ඔහු නැඟිටීමට උත්සහ කරයි. අමල් අල්ලාගෙන සිටි අය ඔහුව පැදුරට තද කරගෙන අල්ලාගෙන සිටියේය. ටික වේලාවක් බෙර හඬ සමඟ මතුරමින් සිටි කපු මහතා අමල්ව අතහරින ලෙස අණ කළේය.
ඒ සමඟම නැඟී සිටි ඔහු කපු මහතාගේ අණට කීකරුව ඔහු ඉදිරියේ සිටගෙන සිටියේය.
”උඹ කව්ද?” කපු මහතා අමල්ගෙන් ඇසුවේය.
”මම ශ‍්‍රියාණි”
අමල්ගේ කටින් පිටවූයේ ගැහැණු කටහඬකි.
”ශ‍්‍රියාණි මොන ශ‍්‍රියාණිද, ඇයි මේ ශරීරයට රිංගුවේ?”
”මම මුගේ අම්මා. මුගෙන් පලිගන්ඩයි මම ආවේ. මම මූව කනවා”
”එහෙම කොහොමද?”
”අල්ලල මුහුදට දාන්ඩ කලින් හොඳ හිතින් අයින් වුනොත් හොඳයි”
”මට තව දවස් තියෙනවා, එතකන් මම යන්නෑ”
”කවද්ද යන්නේ?
”හය වෙනිදා?”
”තව සති දෙකක් වැඩියි”.
”මූ තාම විඳෙව්වේ නෑ. තව විඳවන්න ඕනේ. ඊට පස්සේ මම අරගෙනම යන්නම්”
”එහෙම කරන්නේ කොහොමද? මූ තමයි මාව මැරුවේ. මම දස වද විඳලයි මැරුණේ”
සියල්ලෝ ගල්ගැසී ගියෝය. ශ‍්‍රියාණි යනු අමල්ගේ මවය. ඇයව මරා දැමුවේ අමල්ද? එසේ නම් පැමිණ ඇත්තේ මවගේ ආත්මයද?
”කොහොමද මැරුවේ”
”පුටුවකට තියලා ගැටගහලා සොල්දරේට ගෙනිච්චා. ඊට පස්සේ මගේ අතේ බල නහර කැපුවා. මම ලේ ගිහින් විඳවලා මැරුණා. මම මුගෙන් පලිගන්ඩයි ආවේ”
අමල්ගේ ශරීරයට ඇතුළු වී සිටි ආත්මය ඔහුගෙන් ඉවත් කෙරුණි. මව මියගොස් සිටි ආකාරයේ හා මළගිය ආත්මය පැවසූ දෙය අතර සමානකම් මෙන්ම අසමානකම් ද පැවැතුණි. කෙසේ වෙතත් පැමිණි ආත්මය අමල්ගෙන් උපරිම ලෙස පලිගැනීමට උත්සහ ගත්තේය.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close