නොපෙනෙන ලෝකය

මියදුණු රණ විරුවෙකුගේ අවසන් ඉල්ලීම

තරුණ පිරිමි දරුවෙක් පැමිණි සිටියා තම කර්මය දුරුකර ගැනීම උදෙසා පිලියම් ලබා ගැනීමට.

සාමාන්‍යයෙන් එම වැඩපිලිවෙල තුළදි පෙර කර්මය වගේම ඒ දරුවන් වටා තියෙන හදිහුනියම් මලගිය ආත්මයන් ආදී අදෘශ්‍යමාන දෝෂයන්ද ඉවත් කරනු ලබනවා.

කලින් දිනයේදි මේ දරුවන්ට දීර්ගකාලයක සිට පිඩා ඇති කල හදිහුනියමකට පිලියම් ලබාදී තිබුණා.

මෙවර නිමිත්ත තුළින් බලද්දි එය නිමාවට පත්වෙලා…

ඒ කියන්නේ විශ්ව පිලියමෙන් හුනියම කැපිලා… එත් එක් මලගිය දෝසයක් ඉතිරිව ඇතිබව මට පෙනුණා…

එය හුනියමට අදාල නොවන වෙනත් දෝෂයක්…

භාවනාව තුළින් මා මේ පිලිබදව සොයා බැලූවා..

කොන්ඩය කොටටම කපපු ටිකක් කලූ මුණ ටිකක් පිරුණු ගතියක් තියෙන එතරම්ම උස නැති හදිසියේ නැතිවුණු එතරම් වයසක් නැති පිරිමි කෙනෙක්ව මතකේ ඉන්නවද ?

ආ තව දෙයක් ඔබ දූ කියලා කථාකරන කවුරු හරි ඉන්නවද ?

ඔය කියන්නේ ඉස්සරහ ගෙදර මාමා ගැන එයගේ දුවල දෙන්නට මම කථා කරන්නේ ලොකු දූ හා පොඩි දූ කියලා..

මාමා හමුදාවේ හිටියේ යුද්ධයේදි බංකරයට මෝටාර් එකක් වැදිලා එතනම නැතිවෙලා..

ඔය ගොල්ලන්ගේ ගෙදර ඉදන් බැලූවම ඒ ගෙදර පෝටිකෝවේ වහලයේ ඉදිරියෙන් ඇති හැඩයට කපපු සිවිලිම් ෂිට් පේනවා නේද ?

ඔව් මහත්තයා..

ඒ මල ගිය කෙනාගේ බලපෑමක් තමන්ට තියෙනවා…

මහත්තයා මම අවුරුදු කිහිපයකට කලින් ඒ මාමව දැක්කනේ..

මම යාලූවෝ ටිකක් එක්ක ගේ ඉස්සරහා පාරේ හිටියා. මම දැක්කා ඒ මාමා සුදු සරමක් ඇදලා ගෙයින් එලියට ඇවිත් මට පේන්න ගේ පිටු පස්සට ගියා.

මම උත්සහ කලා මලගිය කෙනා ඇයි මේ තරුණයා පසුපසින් ඉන්නේ ඇයි කියලා තේරුම් ගන්න.

ඔහු ඉල්ලන්නේ බොහොම සරල දෙයක්…

කොල පාට බොතලේකට වතුර එකක් … ඒ වගේම තමන්ගේ සොහොනට කොට පාට ගාන්න කියන ඉල්ලීම් දෙක විතරයි…

මම ඒ තරුණයාගෙන් ඇහුවා මේ මලගිය කෙනාගේ සොහොන දැකලා තියෙනවද කියලා.

ඔහු කිව්වා ඒ සොහොනේ ගාලා තියෙන්නේ රතු පාටලූ…

ඒ තරුණයා මේ ඉල්ලීම් දෙකම ඉටු කරන බව මට පැවසුවා..
………………………………………………….

මම මේ සිදුවීම විග‍්‍රහ කරනවට වඩා ඔබ එය වටහා ගැනීම වඩා වැදගත් වේවි.

මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි.

රණ විරුවෝද මනුෂ්‍යයෝය කියන එක ඇත්තටම වැරදියි.  රණවිරුවෝ යනු රණවිරුවෝමය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

3.5 2 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x