නොපෙනෙන ලෝකය

බොක්සින් ග්ලව්ස් දෙකේ අලාබය සොයා ආ ආත්මයක්. . .


ලගදි විවාහ වේච්ච තරුණ යුවලක් හදිසි කටයුත්තක් උදෙසා ආශ‍්‍රමයට පැමිණියා…

ඔහු මෝටර් සයිකල් සංදර්ෂණ වල දක්ෂයෙක්…

ඔහු පැමිණි කටයුත්ත අතර තුර මම ඔහු මැදි වෙලා ඉන්න වෙනත් ගැටලූවක් දැක්කා….

අවුරුදු හතරකට විතර කලින් තිබ්බ මෝටසයිකල් තරගයක් මතකද ?

ඔව්…. ඒ ………… මෝටර් ෂෝ එක .. එකෙන් මම දින්නා….

එතනින් පස්සේ සියල්ල බිදවැටුණා නේද ?

ඔව්… එතනින් පසුසේ මට තරගයකට ඉන්නත් බැරි වුණා…. ආයතනයෙන් ඉවත් වුණා…. ගොඩක් ප‍්‍රශ්ණ ආවා….

ඔය තරග තිබ්බ කාලේ තමන් දන්න කියන සුදු කෙට්ටු උස පිරිමි ලමයෙක් හදිසියේ නැති වුණාද ?

ඔව් බයිසිකල් අනතුරකින් අපිත් එක්ක හිටපු යාලූවෙක්ගේ අයියා නැතිවුණා….

ඒ මැරිච්ච කෙනාගේ බලපෑමක් තමන්ට තියෙනවා….

මම ප්රුක්ටිස් වලට දාන්නේ එයාගේ බොක්සින් ග්ලව්ස් දෙක…

එක කොහොමද තමන් ගාවට ආවේ… ?

අයියා මැරුණට පස්සේ මල්ලි එක මට විකුණුවා….

ඔහු මට ඔහු සතුව තිබු ජායාරූපයක් පෙන්නුවා. එහි වුයේ මා භාවනාවෙන් දුටු පුද්ගලයාමය.

මා උපකල්පනය කලේ මෙම ආත්මය බොක්සින් ග්ලව්ස් දෙක නිසා මේ පුද්ගලයාට බලපෑම් ඇති කරනු ඇති බවය. එහෙත් එම ආත්මයෙන් මිදෙන්නට අවශ්‍ය මොනවාදැයි ඇසු විට කාරණය වෙනස් බව පැහැදිලි විය.

තමන්ගේ දුඹුරු පාට පර්ස් එකක් තියෙනවද?

ඔව්…. ඊයේ පෙරේදා මම අලූත් පර්ස් එකක් ගත්තා. පරණ එක දුඹුරු පාටයි. ඒක ගොදර තියෙනවා…

ඒ කට ටිකක් පිරෙන්න සල්ලි කොල ටිකක් දාන්න…ගැණු ලමයි පාවිච්චි කරන ජාතියේ ලේන්සුවක් හතරට නවලා පර්ස් එක යටින් තියලා එක ඒ ලමයා යන එන පාරේ කොලපාට තාප්පයක් එක්ක කාණුවක් තියෙන තැනක් තියෙනවා එතනින් තියන්න…..

ඔය තැනින් තමයි ඒ ලමයගේ ගෙදරට යන්නේ… අනික පුදුමේ කියන්නේ එයා හැමතිස්සේම පර්ස් එකත් එක්ක ලේන්සුවක් තියාගෙන ඉන්නවා….

ආ ඇත්තද? ඔය ග්ලව්සු දෙකක් අලූතින් කියක් විතර වෙනවද?

නමදාහක් විතර…..

මල්ලි කියකටද වික්කේ..?

මට මතක 2000 විතර…..

එකත් එහෙමද ? ……. එහෙනම් ඇවිත් තියෙන්නේ අලාභේ අරගෙන යන්න……

…………………………………………………………………………………..

වසර හතරක් තුළ සියල්ල අහිමි කරගත්තේ ග්ලවුස් දෙකක් නිසායැයි හැගෙන විට ඔහුට සියල්ල සිදුවී අවසානය. අපට සිතන්නට බොහෝ දේ ඇත .

භෞතික වාදය විද්‍යාව ධණ ච්න්තනය සියල්ල අභිබවායන නොපෙනෙන මානයක්ද ඇත . එය හොදින් තේරුම් ගන්න. වඩා වැදගත් වන්නේ බිද වැටෙන තැන හදුනා ගැනීමය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x