නොපෙනෙන ලෝකය

පැරණි නිවස සොයා ගිය පියාගේ ආත්මය . . .


පසුගිය සතියේ දිනක විදෙස් ගතව ඉන්න තරුණයෙක් ආශ‍්‍රමයට පැමිණියා නිමිත්තක් බලන්න.

ඔහුට අවශ්‍ය වුනේ තමාගේ හිතට වදදෙන ගැටලූවක් සම්බන්ධයෙන් විසදුමක් හොයා ගන්න.

ඔහුගේ පියා මියගොස් තිබුනේ ඔහු විදෙස් ගතව ඉන්න විටයි. ඔහුට පියාගේ අවසන් කටයුතු වෙනුවෙන්වත් සහභාගී වෙන්නට නොහැකි වෙලා. . . .

මම නිමිත්ත බලද්දී මම දුටුවා පියාගේ ආත්මය තවම නිදහස් වෙලා නැති බව. . . .

ඔබේ පියාගේ ආත්මය මිදිලා නෑ

මහත්තයෝ තාත්තා අපිත් එක්ක ඉන්නවද ?

මා පියාගේ ආත්මය සිටින්නේ කොහේද කියලා සොයා බලන්නට වුණා. . .

ලොකු පිට්ටනියක් ආසන්නයේ තියෙන ගෙයක් ඔය ගොල්ලන්ට තියෙනවද ? ඒ ගේ කිට්ටුව පොඩි කඩයකුත් තියෙනවා. .
ඔව් මහත්තයෝ ඒ අපේ කලින් ගෙදර. . අපි ඒ ගේ විකුණලා ඇවිත් අවුරුදු 12 විතර වෙනවා. . .

තාත්තා ඉන්නේ අන්න ඒ ගෙදර. . . ඔය ගොල්ලන්ට තාත්තගෙන් බලපෑමක් නෑ . . .

තාත්තව මුදවන්න බැරිද මහත්තයෝ. . . .

පුලූවන් . . . හැබැයි ඒක කරන්න ඔනේ හොදින් දැණුවත්ව. . .

මා එසේ කියන්නට හේතුව ඔහුට පැහැදිලි කරලා දුන්නා.

යම් ආත්මයකට මිදීම උදෙසා පිලියමක් ලබා දුන් විට එම ආත්මය ඉන්න තත්වයෙන්ම මිදෙනවා කියන එක එක්වරම නිශ්චය කල නොහැකියි. ඒ ආත්මය යම් ඉල්ලීමක් කරන්නේ ඉන්න පරිසරයෙන් මිදීම උදෙසායි. ඒ මිදීම තුළිනුයි ඒ ආත්මය යා යුතු තැන තීරණය වෙන්නේ. . .

මගේ අත්දැකීම් තුළ ඒක් තැනකින් මිදි තවත් තැනකට ගැටලූ ඇති කල ආත්ම හමුවී තිබෙනවා. හැබැයි නිශ්චිත ලෙසම තමන් ඉල්ලීම කර පිටව ගිය තැනට යලි ගැටලූ ඇති කිරීමට එම ආත්ම උත්සහ දරන්නේ නැහැ. මේ තත්වය පැහැදිලි කිරීමෙන් පසු මා එම මලගිය ආත්මයෙන් මිදෙන්නට අවශ්‍ය කුමක්දැයි විමසා සිටියා.

ලා නිල් පාට පෝසිලේන් පිගානකට ලා පාට රතුහාල් බත් එකක් බෙදලා ඒකට හොද දැවිල්ලට හදපු මිරිස් මාලූ හොද්දකුයි කොහිල අල මාලූවකුයි උබ්බලකඩ වැඩියෙන් දාපු කහබත් ටිකකුයි වටේට බෙදන්න. ඒක කලින් ගේ ගාව පිට්ටනිය අයිනෙන් තියන්න

මම ඔහුට එය කල යුතු වෙලාව පිලිබදව පැහැදිලි කර දුන්නා.

මහත්තයෝ තාත්තා මිරිස් මාලූ කන්න මාර ආසයි… අම්මා එක්ක රන්ඩු වෙනවා කොහොම හැදුවත් දැවිල්ල මදි කියලා…
ඒ වගේම තමයි කොහිල මාලූව….. මම කහබත් ගැනනම් දන්නේ නෑ…..

තාත්තා කහබත් ටිකක් කන්න හිත හිතා ඉන්න ඇති… කමක් නෑ ඉල්ලපු ටික ගිහින් තියන්න…

තාත්තා ඒ ගේ විකුණපු එකට අකමැත්තෙන්ද හිටියේ…

තාත්තම තමයි විකුණුවේ හැබැයි මේ ගේ අරන් ආපු දවසේ ඉදන් මැරෙනකන්ම කිව්වා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන ඒ ගේ ආයිත් අරන් එහෙට යනවා කියලා…

ඒකයි එහෙනන් මැරුනම පරණ ගෙදරටම ගිහින් තියෙන්නේ….

මගේ වසර දහයක අත්දැකීම් තුළ තමන් කියු ලෙසම පරණ ගෙය සොයාගෙන ගිය දෙවන ආත්මය මෙයයි. අප ජිවත්ව සිටියදී තදින් අල්ලා ගන්නා දෙය මරණින් මතුවටද අල්ලාගෙන සිටින බව තේරුම් ගන්න.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x