නොපෙනෙන ලෝකය

දරුවෙක් කකුල් දෙකින් එල්ලාගෙන ආ තරුණිය ......


අප ජිවිතය සුන්දරව ගෙවා දැමීමට සිහින දකිති. එහෙත් බොහෝ විට එ සිහින ඉටුවන්නේ නැත . ඒ ඉටු නොවීමම අපව බැද තැබීමක් වන අවස්ථා මා දැක ඇත . මරණයෙන් පසු යහපත් වු ආත්මයක් කරා නික්ම යා නොහැකිව දුක් වදීමට සිදුවනුයේද මේ නිසාමය.

මේ සිදුවීම වෙනස්ම ආකාරයේ සිදුවීමක් …..මා අත්දුටු සංවේදිම සිදුවීමක් කියලා කිව්වත් එය නිවැරදියි…….

යම් තරුණියක් යමෙක්ට ආදරය කරන්නේ බොහෝ සිහින හිතේ හිරකරගෙන. ඒ ආදරය තුළින්ම ඇයට දරුවෙක් ලැබුනොත් ඇය තවත් සතුටු වේවි….

එත් එයම තමන්ගේ ජිවිතයේ අවසානය බවට පත්වෙයි කියලා කිසිම දවසක ඇය සිතන්නට නැතුව ඇති…

එත් තමන්ගේ මරණය සිදුවන්නේ දරුවා නිසා කියලා තේරෙන විට ඉන්පසු ප‍්‍රතිචාරය කුමක් වේවිද ?

මෙය තේරුම් ගැනීම බොහොම අමාරු කාරණාවක්…
…………………………………………………………………..
මම පසුගිය කාලයේ දිනක මේ අමාරු අවස්ථාවට මුහුණ දුන්නා.

ආශ‍්‍රමයට එක් අයෙක් ආවා නිමිත්තක් බලන්න ඔහුගේ නිවසේ පවතින ගැටලූ පිලිබදව …

මම ප‍්‍රධාන ගැටලූ දෙකක් දුටුවා….

ප‍්‍රධානම ගැටලූව වාස්තු නිවැරදි නොවීම. දෙවැන්න වෛරයෙන් පසුවන මලගිය ආත්මයක්….

මේ අයට නිවසේ ඉදිකිරීම් කොතරම් උත්සහ කරත් නිමකර ගන්නට නොහැකිව තිබුණා. එයට ප‍්‍රධානම හේතුව ලෙසින් මා දකින්නේ මේ මලගිය ආත්මයයි….

ඉතින් මා මේ ආත්මය පිලිබදව සොයා බැලූවා….

දුටු දෙයින් මා සසල වුනා කිව්වොත් වරදක් නෑ…

දමිල හුරුවක් සහිත තනි කරලට කොන්ඬේ ගොතපු කෙට්ටු උස ගැහැණු ලමයෙක්ගේ ආත්මයක් මා දුටුවා. ඇය ඇගට ටිකක් හිර ෂල්වාර් එක්ක ඇදලා හිටියේ……

විශේෂය එය නොවෙයි.

ඇය එක් අතකින් අවුරුද්දක පමණ දරුවෙක්ව කකුල් දෙකෙන් එල්ලගෙන හිටියා…

ඒ දරුවා කිසිම ඇදුමක් ඇදලා හිටියේ නෑ…..

ඇය සන්නිවේදනය කරන්නට වැඩි කැමැත්තක් නැති බව මට තේරුණා.

ඇය යමෙක්ව සොයමින් ඇවිදිනවා.

මා සංයමයෙන් ඇයගෙන් දැන ගන්න උත්සහ කලා ඇය මේ භූමිය තුළ රුදි ඉන්නේ ඇයි කියලා….

ඇය මේ භූමිය තුළම රුදි නොසිටින බව ඇය පැවසුවා.

ඇය වසර හැටකට පමණ පෙර සිදුවුණ සිදුවීමක් මගේ මනස තුළ චිත‍්‍රණය කරනු ලැබුවා…

අද කුඩා කොටස් වලට බෙදි ගියද එදා මෙය විශාල වත්තක්.

එ වත්තේ කෑලේ වැවුණු එක් කෙලවරක විශාල ගිණි ගොඩක් අසල මිනිසුන් කිහිප දෙනෙක් බලා සිටිනවා…

ඒ දර්ශණය සමීප වෙද්දි මා දුටුවා ඒ ගින්නේ දැවෙන්නේ තරුණියක් බව.

මා තවත් සමීප වුණා.

මා දුටුවා කුඩා දරුවෙක්ගේ අතකුත්….

එය ඉතා සංවේදි දර්ශණයක්.

මා සැණෙන් භාවනාවෙන් මිදුණා…

මා එය පැමිණ සිටි පුද්ගලයට පැවසුවා.

ඔව් මහත්තයෝ අපේ ඉඩන් සීමාවෙන් පහල තවමත් ලොකු වත්තක් තියෙනවා. සමහර විට මේ කොටසත් එහිම කොටසක් වෙන්න ඇති. පහුකාලේ කොටස් වෙලා වෙන්න ඇති…..

මට හිතුනා ඇයට ඇත්තටම මිදීමක් ලබා දිය යුතු බව………

මා යලිත් ඇය සමග මනසින් සම්භන්ධ වුණා…

ඇයට අවශ්‍ය ඇයගේ විමුක්තිය නොවෙයි.

දරුවාගේ ආත්මය මුදවන්න…

එ වත්තේ එදා ගිණි මැලය ගහපු තැන ගිණි මැලයක් ගහලා එහි අළු ටික එකතු කරලා පහලින් ගලාගෙන යන ඇලට දාන්න කියන එකයි ඇගේ ඉල්ලීම උනේ…..

මම මේ ඉල්ලීම ආපු කෙනාට කිව්වා…..

මේ සිදුවීම මා සසල කල සිදුවීමක්.
…………………………………………………………………….
පසුගිය දිනක ඔහු ආශ‍්‍රමයට පැමිණියා වෙනත් කටයුත්තකට මා ඔහු දිහා බලන විට යලිත් ඒ තරුණිය මා දිහා බලාගෙන සිටිනු මා දුටුවා…

ඔබ අර තරුණියගේ පිලියම කරේ නැද්ද ?

නෑ මහත්තයෝ තාම බැරි වුණා…..
……………………………………………………..
මව්වත් කම සම්භන්දයෙන් මට සමුවුණ දෙවන ආත්මය මෙයයි.

පලමුවැනි සිදුවීම වසර 3 පමණ පෙර මට මතක විදියට ඇතුල්කෝට්ටේ් පැත්තේ පුංචි ගැණු දරුවෙක්ට නිරින්තරව පිඩා ඇතිකරමින් හිටිපු මලගිය ආත්මයක්….

මම ඒ කාලේ මේ කතාව ලිව්වා රන්දිව පත්තරේට…

මේ සිදුවිම් දෙකම ඉතා සමානයි….

ඒ ආත්මයේදි අද පුංචි ගැණු ලමයා පිරිමියෙක් … එයා තමන්ගේ බිරිදවයි කුඩා දරුවවයි එක්ක පැලට ගිණි තියලා…

මේ පිලිස්සී මැරුණ ගැහැණිය දරුවව අත් දෙකට අරගෙන මේ දරුවගේ පස්සේ ඉන්නනවා හරි අමුතු විදියට

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close