නොපෙනෙන ලෝකය

බලෙන් ගත් ඉඩමට හදවතින් කැමැත්ත යදින නැන්දණිය


ආශ‍්‍රමයට යන එන විදෙස් ගතව ඉන්න දරුවෙකුට හදිසීයේ ඇතිවුණු ගැටලූකාරී තත්වයක් හේතුවෙන් නිමිත්තක් බලන්නට පැමිණියා.

නිමිත්ත තුළින් මම දැක්කේ ඔහුන් පසුපසින් ඉන්න ආත්මයක්…

ඉතිං මා භාවනාව තුළින් ගැඹුරින් මේ ආත්මය පිලිබදව සොයන්නට වුණා…

ඔය ගෙල්ලන්ට සම්භන්ධ මෙන්න මේ වගේ තැනක් තියෙනවද ? මා දකින රූපරාමු ටික ඔහුන්ට පැහැදිලි කර දුන්නා.
කන්දක් උඩට වගේ තියෙන පාරකින් යන්න තියෙන ගෙයක්.. ඒ ගෙදරට ඇතුල් වෙන්න තියෙන්නේ ඒ පාරෙන් ඇවිත් පැත්තෙන් හැරිලා.. ඒක පැරණි ගෙයක් .. ගේ ඉදිරියේ කණු කිහිපයක් තියෙනවා. වයසට ගිහින් නැතිවෙච්ච වයසක කෙට්ටු ගැහැණු කෙනෙක් ඒ ගෙදර හිටියා… හොදට මහන්සි වෙලා වැඩ කරපු…

තාත්තගේ ගමේ ඔය වගේ ගෙයක් තියෙනවා… තව ටිකක් පැහැදිලි කර ගන්න පුලූවන්ද මහත්තයෝ ?

ඔය උඩට නගින පාර එක්ක ඔය ගොල්ලන්ගේ තාත්තට අයිති ඉඩමක් තියෙනවා..

ඔව් මහත්තයෝ ඔය කියන්නේ තාත්ගේ ගමේ ගෙදර තමයි. ඒ ගෙදරට යන්න තියෙන්නේ ඔය විදියට කන්ද නැගලා පැත්තට හැරිලා තමයි. තාත්තට තමයි ඒවා අයිති වෙලා තිබ්බේ.. තාත්තා මැරෙන වෙලාවේ නැන්දලා එවා තාත්තගෙන් ලියව ගත්තා. අපි එතකන් ඒ ඉඩම් ගැන දැනගෙන හිටියෙවත් නෑ.

එතකොට ඔය ගැහැණු කෙනා කවුද ?

ඒ නැන්දා ටික කාලෙකට කලින් ඒ නැන්දත් නැතිවුණා…
ඒ නැන්දා ඔය ගෙල්ලන්ට බලපෑම් ඇතිකරමින් ඉන්නවා….

ඇයි එයා අපේ පස්සෙන් එන්නේ….

එයා කරපු වරදක් සම්භන්ධයෙන් ඇය පිඩාවෙන් ඉන්නේ… ඒ ඉඩම් ටික ලියව ගන්නේ එයාගේ ඕන කමට .. නමුත් දැන් එයා ඒ ගැන පසුතැවෙනවා…

ඔය ඉඩම් නිසා එයාගේ දරුවෝ අතර ලොකු රන්ඩු ඇති වුණා…

ඇය මිදීම උදෙසා බලාපොරොත්තු වන්නේ මොනවාදැයි කියා මා භාවනාව තුළින් මලගිය ආත්මය වෙතින් විමසා සිටියා.
එයා ඔය ගොල්ලන්ගෙන් ඈතට යන්න පොඩි දෙයයි බලා පොරොත්තු වෙන්නේ .. ඔය ගොල්ලන්ගේ ඉඩම් ඇය ගත්තට ඔය ගොල්ලෝ හදවතින්ම කැමතියි කියන සිතුවිල්ලයි ඇයට අවශ්‍ය… එහෙම හිතාගෙන ඇය භාවිතා කල පංමල්ලට මෙන්න මේ දාලා ඇය ඉල්ලන තැනට ගිහින් දෙන්න…

මම ඇය ඉල්ලූ දෙය හා තැන ඔහුන්ට පැහැදිලි කර දුන්නා.

ඔහුන් ඒ පිලියම කරාවි
…………………………………………………………………………………………………………………………………..

මට කියන් අවශ්‍ය වුනේ මෙන්න මේ දේ…..

අප පවුලේ කෙනෙක් මියගිය පසු අප හත් දවසේ දානය තුන්මාසේ දානය අවුරුද්දේ දානය ආදී සාම්ප‍්‍රධායික වත්පිලිවෙත් පුරති . එයට අමතරව තව තව බොහෝ පිංකම් කර මලගිය කෙනාට පිං අනුමෝදන් කරති.

ඇත්තටම මලගිය කෙනෙක් පිං දුන් පමණින් මිදෙනවද ?

නැහැ… කොහෙත්ම නෑ …

පිං නොවෙයිනම් ඒ අයට අවශ්‍ය මොනවද ?

අවශ්‍ය වෙන්නේ මුලිකවම මියගිය කෙනා යම් ආත්මයක සිරවී සිටිනවද නැද්ද කියන එක හදුනගෙන එසේ සිරවී සිටින්නට හේතුව ඉවත් කිරීමයි.

මලවුන් පිදීම කියලා පැරණි සමාජයේ සිදුවුනේ මෙන්න මේ දෙයයි.

මේ වසර දහය තුළ මා එදිනෙදා ආශ‍්‍රමයට එන මිනිසුන්ගේ අත්දැකීම් තුළින් මේ කරුණ පැහැදිලි කර දී තියෙනවා. මේ අත්දැකීම තුළිනුත් එය තේරුම් ගන්න…

මලවුන් පිදු ජාතිය අදට වඩා ඉදිරියෙන් හිටියා කියන එක තේරුම් ගන්න.

එදා ජිවත්ව ඉන්න මිනිසුන්ගේ ප‍්‍රශ්ණ විතරක් නොවෙයි මැරුණු මිනිසුන්ගේ ප‍්‍රශ්ණ විසදන්නත් තරම් සමාජය දියුණු මට්ටමක පැවතුණා.

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x