දැරිවියකට බැල්ම හෙළු තරුණිය . . .
මේක වෙනස්ම අත්දැකීමක් …..
ආශ්රමයට දිනෙන් දින එන්නේ අලූත්ම අත්දැකීම් කියන එක අරුමයක් නොවෙයි….
එත් මම මේක ලියන්න හිතුවේ අම්මලා සහ දරුවන් වෙනුවෙන්මයි…
අම්මලා නොදැන කරන වැරදි ගොඩක් නිසා ලමයි ජිවිත කාලයම පිඩා විදින තත්වයන්ට මැදි වෙනවා…
පසුගිය දිනක කුඩා දැරිවියකගේ ගැටලූවක් සම්භන්ධයෙන් නිමිත්තක් බලන්නට ඇගේ පියා පැමිණියා…
බුලත් කොලය දිහා බැලූවම මට පෙනෙන්නේ මලගිය දොසයක්…
ඒ නිසාම මම මේ ගැටලූවේ මුල සොයා භාවනාවෙන් ආපස්සට යන්නට වුනා.
මාව නතර වුනේ එදින සිට දින විස්සකට පමණ පසු දිනයකයි…
දින විස්සකට විතර කලින් රාත්‍රීයේ කොහෙද ඔය ගොල්ලො ගියේ
මා එලෙස විමසද්දී දරුවාගේ පියා කැලැන්ඩරය දෙස නෙත් යොමාගෙන දින ගනිනු මා දුටුවා.
ඔය මහත්තයෝ අපේ ඔෆිස් එකේ නත්තල් පාටිය තිබ්බ දවස…
එදා රැු දහය විතර වෙනකන් අපි හිටියේ ග්‍රවුන්ඩ් එකක.. එතන හැම කෑමක්ම තිබ්බා …
මස් බැදුම් වගේ දේවලූත් තිබ්බා.. හැබැයි අපිනම් කෑවේ නෑ..
දුව එතනදි හරි අමුතු විදියට හැසිරෙන්න ගත්තා..
ඒ නිසාම අපි ඉක්මණින් ආවා…
මගදි චූ දාන්න ඔනේ කියලා කෑගැහුවා…
ඔය ගොල්ලෝ වාහනේ නැවත්තුවේ පාරේ කන්දත් එක්ක දිග තාප්පයක් තියෙන හරියක නේද ?
ඔව් මහත්තයෝ එතන සියඹලා ගහකුත් තිබුණා… දරුවා එතන චූ කලා…
දරුවයි අම්මයි දෙන්නටම මේ ටිකේ තරහ යනවා නේද ?
ඔව් මහත්තයෝ..
දරුවත් එක්ක මලගිය කෙනෙක් ඉන්නවා. බොහොම තරුණ ගැහැණු ආත්මයක්.. බැංකුවක වගේ වැඩකරන තාලයකට ඇදුම් ඇදලා තියෙන්නේ
මා එලෙස පැවසුවේ මා දකින ආත්මය ඇද සිටියේ කලූපාට ඇගට තද කෙටි සායක් හා එයට යට කරන ලද අත් දිග බ්ලවුසයක්ය. වයස විසි පහකට අඩු විය යුතුය.
මා එම තරුණියට සිදුවුයේ කුමක්දැයි සොයන්නට උත්සහ නොගත්තේය.
මට අවශ්‍ය වුයේ ඉක්මණින් දරුවාගෙන් ඇයව ඉවත් කිරීමය.
ඒ නිසාම දරුවා වෙතින් ඉවත්ව යන්නට ඇයට අවශ්‍ය කුමක්දැයි මා එම ආත්මයෙන් විමසීය.
දරුවාගේ කහපාට මිශ්රවුණු කවුමකින් ඉරාගත් රෙදි කැබැල්ලකින් පාටපාට ඊයම් කොලවල එතු චොකලට් පොට්ටනියක් සේ ඔතා එදින රාත්‍රී දරුවාගේ හිසට ඉහලින් තබා පසුදින දරුවා අතින්ම වෙලක් ආසන්නයට දමන්නයෑයි ආත්මයේ ඉල්ලීම විය.
ඔහුන් පැවසූ ලෙසින් පිලියම සිදුකර තිබුණි.
දරුවාගේ පියා පසුදින සවස ආශ්රමයට ඇමතුමක් දුන්නේය.
මහත්තයා සති තුනකට විතර පස්සේ දුවට හොදින් නින්ද ගියේ ඊයේ … පහුගිය ටිකේම සැරින් සැරේ බයයි බයයි කිය කියා ඇහැරෙනවා. ඒ වගේම අද දවල් දවසම කිසි රන්ඩුවක් නැතිව හිටියා.
වත්ත වටේ යමින් දරුවන්ට කෑම කවන අම්මලා ඕනෑ තරම් සමාජය තුළ සිටිති.
වෙලාව අවේලාව තැන නොතැන නොබලා දරුවන්ව නාවන පිරිසිදු කරන අම්මලාද සිටිති.
අප නොහිතා කරන බොහෝ වැරදි අපව පිඩාවට පත්කරන බව අපට තේරුම් යන විට සියල්ල සිදුවී අවසන්ය.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74