නොපෙනෙන ලෝකය

ඩෙංගු රෝගී දරුවා අසල සිටි මියගිය නැන්දා...


පසුගිය කාලයේ ආශ‍්‍රමයෙන් ඩෙංගු හා උණ වැළදුණු දරුවන් වෙනුවෙන් විශේෂිත වත්ලිපිවෙත් කිහිපයක් සිදුකල බව බොහෝ දෙනෙක් දන්න කරුණක්.

මෙය ඒ දවස්වල සිදුවෙච්ච සිදුවීමක්…

රෝගී දරුවන් වෙනුවෙන්ම විශේෂිත යන්තරයක් සකස්කරනු ලැබුවා. මේ කාර්යයට මුල් වුණේ ආශ‍්‍රමයේ අම්මා.

ඒ එක් අවස්ථාවකදි රෝගී දරුවෙකු වෙනුවෙන් යන්තරය බලගන්වමින් ඉන්න විට රෝහලේ ඉන්න දරුවගේ ඇද අසලට වෙලා දරුවා දිහා බලා ඉන්න මලගිය කෙනෙක්ව ආශ‍්‍රමයේ අම්මගේ මනසට පෙනිලා තියෙනවා.

ඇය මැදිවිය නොඉක්මවපු කාන්තාවක්… ටිකක් අපේ පරිසරයට වඩා දියුණු පරිසරයක ඉන්න කෙනෙක්ගේ පෙනුමක් ඇයට තිබිලා තියෙන්නේ…. යන්ත‍්‍රය බලගන්වලා ඉවරවෙද්දී ඒ මලගිය ආත්මය ඇදිලා විශ්වයට යන අයුරුත් අම්මා දැකලා තිබුණා….

යන්තරය රුගෙන යන්නට ආපු අයගෙන් මේ පිලිබදව ඇහුවත් ඒ අයට ඒ ආත්මය කවුරුන්ද කියන එක ගැන වැඩි තේරුමක් තිබුනේ නෑ….

දින තුනකින් පමණ දරුවා සම්පුර්ණයෙන්ම සුව වෙලා නිවසටත් ගියා…..

පසුගිය දිනක ඒ රෝගී වුණ දරුවගේ නංගීගේ ශිෂ්‍යත්වය වෙනුවෙන් වැඩපිලිවෙලක් ඇරඹිම වුදෙසා ඔහුන් ආශ‍්‍රමයට පැමිණියා. ඒ වෙලාවේ මම දැක්කා ඒ දරුවාට බලපෑම් ඇතිකරන මලගිය ආත්මයක්….

ඇය තරුණයි…. අඩු වයසින් මැරෙන කෙනෙක් … මුහුණේ තියෙන්නේ තමන් මහ පිඩාවකට පත්වෙලා මිය ගිය ස්වරුපයක්…

මම මේ පිලිබදව ඒ දරුවගේ අම්මගෙන් ඇහුවා…

මම මේ පිලිබදව විමසද්දී ආශ‍්‍රමයේ මව මතක්කරනු ලැබුවා එදා මා යන්තරය බලගන්වද්දි දැක්ක කෙනත් ඒ වගේමයි…

මම මේ අයගෙන් එදා ඇහුවා . නමුත් ඒ වෙලාවේ ඒ අයට එච්චර ඒක තේරුණේ නැහැ.

ඔයගොල්ලන්ගේ පවුලට සම්භන්ධ කවුරු හරි තරුණ ගැහැණු කෙනෙක් ලගදී මැරුණද?

එයාට දරුවෙක් ඉන්නවා….

ඔව් මහත්තයා…

ඒ මගේ සැමියාගේ නංගී…

එයා හදිසියේ නැතිවුනේ වෙන රටකිදී…

එයාට පොඩි දරුවෙක් ඉන්නවද?

ඔව් එයාගේ සැමියා වෙන විවාහයක් කර ගත්තා…

ඒ දරුවා ගැන හෙයලා බලන්නේ කවුද ?

කවුරුත් නෑ… ඒ දරුවා තාත්තා ලග …

ඒ මියගිය කෙනා ඒ පිඩාව තුළ ඉන්නේ …

………………………………………………………………………………………….

එසේනම් පෙර දවසක හදුනා නොගත් මලගිය ආත්මයද ඇයම විය යුතුය.

තම දරුවාට නැති සෙනෙහස තම අයියාගේ දරුවන්ට ලැබෙනු දැකීමට ඇය අකමැතිද නැතහොත් තමන්ගේ දරුවාට යුතුකම් ඉටුකරන්න යැයි පණිවිඩයක් දෙන්නට ඇය උත්සහ කරන්නේදැයි සොයාගැනීම ඉදිරි කරුණකි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x