නොපෙනෙන ලෝකය

බිබිලි මතුකල ආච්චි...

මාස කිහිපයකය කලින් දිනක එක් පියෙක් ආශ‍්‍රමයට පැමිණියා . ඔහුට අවශ්‍ය වුනේ තම කුඩා දියණියට දිගින් දිගටම පවතින රෝගී තත්වයක් සම්භන්ධයෙන් නිමිත්තක් බලන්නයි. ඇය කුඩා දැරිවියක්. ඇගේ දෙපා වල කුමනා කාරයේ ප‍්‍රථිකාර කලත් හොද නොවන බිබිලි වගයක් හට ගෙන….

නිමිත්ත තුළින් දරුවාගේ රෝග මුලයක් පෙන්නුවේ නෑ. එ වෙනුවට පෙන්නුවේ නිවසේ පවතින වාස්තුමය දෝස තත්වයක් වගේම මලගිය බලපෑමක්…

මා මේ පිලිබදව ඔහුට පැහැදිලි කර දුන්නා. එ නිවසේ දියණියට අදාල දිශාවේ කුණු වතුර ගලා යන ඇළ පහරක් තියෙනවා. මේ ඇළ තුළින් දියණියට ඇති කරන බලපෑම ඉතා අසුභයි. ඒ හරහාම අවට තියෙන අසුභ ආත්ම ඇදි එනවා.

අවසානයේ මේ මලගිය ආත්ම පිලිබදව සොයා බලන්න භාවනාවට පිවිසියා.

මා දකින ටික ඔහුගෙන් විමසුවා.

ඔයගොල්ලන්ගේ ගෙවල් කිට්ටුව ලයිමක් වගේ ගෙවල් පේලියක් තිබ්බද ?

ඉස්සර තිබිලා තියෙනවා.

ඒ ගෙවල් පේලියේ අරක්කු බිපු වයසක ආච්චි කෙනෙක් හිටියද ?

මට ටිකක් එහෙම මතකයක් තියෙනවා. දැන් ඒ ගෙවල් එතන නෑ.

ඒ ආච්චිගේ බලපෑම දරුවට තියෙනවා. එකයි ඔය බිබිලි එන්නේ…..

………………………………………………………………..

මා දරුවාගේ ගැටලූවට සොබාදහමෙන් විසදුමක් ලබාදුන්නා.

කෙනෙක්ට හිතෙන්න පුලූවන් මලගිය ආත්මයක් ඉවත් කරන්න තොවිල් නටන්න ඔනේනේ කියලා. නැහැ …

මම එයට දුන්න විසදුම සරලයි.

සොබාදහමේ විද්‍යාව කියන්නේ එයට. මම මේච්චරකල් සිදුවීම් පිලිබදව සටහන් ලියද්දි මේ පිලියම් ලිව්වේ නෑ. මොකද මේ පිලියම තව කෙනෙක් කරා කියලා ප‍්‍රථිඑල නොලැබෙන නිසා. එය ලිව්වම සමහර ශාස්ත‍්‍රවේදින්ම මිනිසුන්ව මෙවැනි පිලියම් හරහා මුලා කරන්න පුල්වන් නිසා නමුත් මිනිසුන්ට මේ සොබාදහමේ විද්‍යාව ගැන තේරෙන්නේ නෑ . එ නිසාම මා දුන් පිලියම ලියන්න හිතුවා.
පින්න වේලෙන්න කලින් ඇල ඉවුරකින් කපාගෙන එන පිඩැල්ලක් තමන්ගේ නිවසේ කඩුල්ල මැද තියලා ලබාදුන් නැකතකට එය කපා දමන්නට කිව්වා.

ඔහු එය කලා ……..

එදායින් පසු මේ මොහොත වන විටත් බිබිලි යලි මතුවුනේ නෑ….

පිලියමේ ස්වාභාවය නොවෙයි වැදගත් වෙන්නේ …. කාර්යය සිද්ධවෙනවද කියන එකයි…

සොබාදහම තේරුම් ගන්න පුල්වන්නම් අපට ගොඩක් දේ කලහැකියි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x